ගිරයක් අධිකරණ දෙකක් වසා දමයි..!

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.16, ප.ව‍‍‍‍.3.45) මාතර දකුණු  පලාත්බද මහ අධිකරණය හා මාතර දිසා අධිකරණයේ වැඩ කටයුතු හදිසියේම නවතා දැමීමට අධිකරණ විනිසුරුවරුන් ඊයේ (15) තීරණය කරණ ලද්දේ උදෑසන 9.30 ට පමණ 119 හදිසි ඇමතුම්  ඒකකයට ලැබුණු ඔත්තුවක් නිසාය

හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු පනිවුඩයේ සඳහන්ව තිබුනේ කිසියම් අයකු යම් අපරාධයක් කරලීම සඳහා ගිණි අවියක් රැගෙන අධිකරණ භූමියට පැමිණ සිටී යන්නයි. මෙම ඔත්තුවත් සමග මාතර පොලීසිය විසින් අධිකරණ භූමිය වෙත පැමිණි සියලුදෙනා දැඩි සෝදිසි කරලීම් වලට භාජනය කරණ ලද නමුත් ඔත්තුවේ සඳහන් ආයුධයක් පොලීසියට සොයාගැනීමට නොහැකි විය. පොලිසියට සොයා ගැනීමට හැකි වූයේ යම් නඩු කටයුත්තක් සදහා පැමිණි වයසක පිරිමි කෙනකුගේ ඉන ප්‍රදේශයේ තිබී පුවක් කපන ගිරයක් පමණි.

සෝදිසි කරලීමෙන් අනතුරුව අධිකරණ දෙකෙහි වැඩ  පෙරවරු එකොලහට පමණ නැවත පටන්ගැනීමට විණිසුරුවරුන් තීරනය කරනු ලැබූ අතර ඒ වන විට පැය එක හමාරක කාලයක් අධිකරණය වසා දමා තිබිණ.

-මාතර ඉඳුනිල් කැලුම් ජයවීර-

---------------------------
by     (2017-11-16 10:32:52)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more