මෛත්‍රී තවමත් හොරු සමග හෙළුවෙන්..! හොරු සමග එක්වීමට ඕනෑම කැප කිරීමක් කරනවාලු..! - දයාසිරි කියයි (Video)

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.15, ප.ව‍‍‍‍.11.35) දේශපාලන පක්ෂයක් නම් දර්ශනයක් තිබිය යුතුය. ඒ දර්ශනය සාක්ෂාත් කර ගැනීමෙහිලා ප්‍රතිපත්තියක් සහ වැඩ පිළිවෙලක් සහිත නායකයෙක් සිටිය යුතුය. පල්ලෙවත්ත ගමරාලයාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන මහතා ශ්‍රීලනිපයේ මහ ලේකම් කම හැරදා පැමිණ ජනවාරි 8 වෙනිදා පොදු අපේක්ෂකයා වෙද්දී සිවිල් සංවිධාන 48 ක් හා බැඳුනු ප්‍රතිපත්ති රාමුවකට ඔහු වග වීය. එහි කොතැනකවත් ‘හොරු සමග එක්වීමක්‘ නැත. තිබුනේ ජනාධිපති වීමෙන් පසු නිර්පාක්ෂිකව හිඳ දින සීයක් තුල විධායකය අහෝසි කොට හොරුන්ට දඬුවම් දීම පමණි.  

නමුත් ජනාධිපති වී පැය 48 ක් යෑමට පෙර කිසිවෙකුට නොකියා කිසිවෙකුගෙන් නොඅසා, කපටියෙකු දුන් පලියට තමන් විසින්ම පරාජය කළ පක්ෂයේ නායක කම ගැනීම නිසාම, ගොඩ ඒමට නොහැකි නරා වළකට වැටුනු ගමරාලයාගේ සිරිසේන මහතා අද “නන්නා පෝල්“ වී සිටී. රටම “නන්නා මෝල්“ කරවා ඇත.   

මේ කපටි දේශපාලුවා සිවිල් සංවිධාන වලට දුන් සියලු පොරොන්දු පාගා සුණු විසිනු කොට දමා හමාර වූවා මදිවාට, ඉදිරි මැතිවරණයේ දී විලි ලැජ්ජාවක් නොමැතිව හොරු සමග හෙළුවෙන් ලැගීමට සූදානම් වන ආකාරය අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී ඔහු හා සමාන තවත් ප්‍රතිපත්ති රහිත දේශපාලුවෙකු වන සම කැබිනට් ප්‍රකාශකයා හෙළිදරව් කළ අන්දම විලි ලැජ්ජා සහගතය. ‘මේ කපටියන්ට හොරු සමග එක්වීමට ඕනෑම කැප කිරීමක් කළ හැකිලු; හොරු සමග එක් වූ පසු ‘දෙයියනේ කියලා හරිලු‘; සම කැබිනට් ප්‍රකාශකයා අද ඉන්නේ වලකලු.. 

වීඩියෝව බලන්න 

---------------------------
by     (2017-11-15 19:53:41)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

Of the numbers 40, 60, fifty or fifty two, which is the biggest?

  1 discussion on this news

දයානරි එදත් හිටියෙ මරා එක්ක, අදත් එහෙමයි. ඒ නිසා දයානරියට කාගෙ පස්ස හේදුවත් එකයි. එත් මෛත්‍රීත් එක්ක වෙනසට දායක වුනු නිදහස් පාක්ෂිකයන්ට නං මරා ලංකර ගැනීම කරුමයක් වේවි. අවස්ථාව ලැබුණු වහාම මරා ඇතුළු දඩ බල්ලන් රැළ මෛත්‍රී ඇතුළු ඔහුට සහයෝගය දුන් සියලු දෙනා නොමරා මරාවි.
-- by සිංහලේ on 2017-11-16

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more