මීතොටමුල්ලේ කුණු කන්ද මෙන් දිනෙන් දින ලියලන අළු කන්දක් ගැන අනතුරු ඇඟවීමක්

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.15,  ප.ව‍‍‍‍.8.05) නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ දිනෙන් දින ගොඩ ගැසෙන අළු කන්ද ජන ජිවිතයට දැඩි බලපෑම් එල්ල කරමින් උග්‍ර පාරිසරික සහ සමාජීය අර්බුදයක් නිර්මාණය කරමින් පවතින බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා අනතුරු අඟවයි.

එජාප පුත්තලම් දිස්ත්‍රික් නායකයා ලෙස දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ගැටළු පිලිබඳ සිදුකළ සොයා බැලීම් වලින් අනතුරුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

පසුගිය රජය නොරොච්චෝලේ බලාගාරය ඉදිකරන සමයේ එක්සත් ජාතික පක්‍ෂය පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාව සමඟ එක්ව ඊට විරෝධය පල කළා. ඒ එම ජනතාවට සිය ගම්බිම් පවා අත්හැර දා යාමට සිදුවෙතැයි යන අවදානම හේතුවෙනි. අද වන විට ගල් අගුරු භාවිතයෙන් පසු ඉතිරි වන අළු නොරොච්චෝල බලාගාර භුමියේ කන්දක් ලෙස දිනෙන් දින ගොඩ ගැසෙනවා.

මෙම අළු කන්දේ රුදුරු බලපෑම් අවට ගම්වල ජනතාවගේ ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව එහි යන ඕනෑම අයෙකුට නිරීක්ෂණය වන සත්‍යක්. මෙවැනි බලාගාර පද්ධතියකින් බැහැර කරන අපද්‍රව්‍ය කළමනාකරනය කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් අත්‍යවශ්‍ය අතර ශ්‍රී ලංකාව වැනි ජනඝනත්වය වැඩි රටක මෙවැනි පද්ධති නිර්මාණය කිරීමේදී පාරිසරික සංවේදීතාවය පිළිබඳව ප්‍රමුඛතම අවධානය යොමු කිරීම අත්හල නොහැකි ක්‍රියාවලියකි. එහෙත් විදුලිබල මණ්ඩලය සතුව අපද්‍රව්‍ය  කළමනාකරණයේදී විධිමත් වැඩපිළිවෙලක් නොතිබීමෙන් මගේ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් කොටසක් ජනජීවිතය පවාත්වාගෙන යාම පිලිබඳ අර්බුදයකට මුහුණපා සිටීම කිසිදු අයුරකින් සාධාරණීකරණය කළ නොහැකි කරුණකි.

අද වන විට නොරොච්චෝලේ බලාගාරයේ ගල් අගුරු දහනයෙන් ඉතිරිවන අපද්‍රව්‍ය මීතොටමුල්ල කුණු කන්ද මෙන් පරිසරහානියක් සිදු කරමින් පවතින බව සියලු දෙනාට දැකිය හැකි සත්‍යකි. විශ්ලේෂකයන්ගේ මතය අනුව මෙලෙස වැඩි අපද්‍රව්‍ය ප්‍රමාණයක් ඉතිරි වන්නේ භාවිත කරන ගල් අගුරු වල ප්‍රමිතිය පිළිබද ගැටළුකාරී තත්වයක් හේතුවෙනි.  මෑත කාලීනව කතා බහට ලක් වූ ගල් අගුරු ටෙන්ඩර් මගඩි එවැනි මතවාදයක් පැතිර යාමට රුකුල් දෙන ප්‍රධාන හේතුවක් ලෙසද සැලකිය හැකිය. මෙම ගැටලුවට විදුලි බල මණ්ඩලය විසඳුමක් ලබාදෙන බව පැවසුවද ප්‍රයෝගික විසඳුමක් මේ වනතුරු ලබාදී නොමැත. මුහුද රළු අවස්ථාවල නොරොච්චෝලේ වෙත ගල්අගුරු  ප්‍රවාහනය  කිරීම සිදු කළ නොහැක. එවැනි අවස්ථාවල එම ගල් අගුරු ත්‍රීකුණාමලයෙන් ගොඩ බා නොරොච්චෝලේ දක්වා ප්‍රවාහනය කිරීම ගැටලු සහගත තත්වයකි. එමගින් අධික පිරිවැයක් දැරීමට සිදුවන අතර ඇතිවන මාර්ග තදබදය ද මහජනතව පීඩාවට ලක් කරන්නකි. එකවර ගල් අඟුරු වැඩි ප්‍රමාණයක් ගබඩා කිරීමේ පහසුකම්වැඩි කිරීම හෝ නොරොච්චෝලේ වෙත ගල් අඟුරු ගොඩ බෑමේ නිසි ක්‍රමවේදයක් සැකසුවේ නම් අධික පිරිවැය අවම කරගත හැකි වනු ඇත.

1994 වනවිට එ.ජා.ප රජය රටේ විදුලි බලාගාර පද්ධතිය දියුණු තිබීම හේතුවෙන් විදුලි බල මණ්ඩලය ලාභ ලබන තත්වයක් පැවතුණි. කෙසේ වෙතත් එතැනින් පසු  2000 වසර වනවිට රට විදුලි මාෆියවකට යටත් වුණි. එය කොතරම් ඔඩු දුවා ගියාද යත් දිනකට පැය 08 ක් පමණ කාලයක් විදුලිය විසන්ධි කිරීමට පවා සිදු වුණි. කෙසේ උවත් 2001 වසරේ ඒ.ජා.ප.ය යලි බලයට පත් වීමත් සමඟ විදුලි බල පද්ධතිය යලි යථා තත්වයට පත් කිරීමට එදා අපේ රජය සමත් වුණා. මේ වනවිට  ගැටලුව බවට පත්ව ඇත්තේ දිර්ඝ කාලීන විදුලි ජනන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට විවිධ පාර්ශවයන්ගෙන් බාධා එල්ල වීමයි.

ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ දිශාව වෙත ගමන් කරන මොහොතකදී පිළිගත් ක්‍රමවේදයක් අනුව විදුලි ජනන පද්ධති පිළිසකර කර  පහසු මිලකට විදුලිය සැපයීම අත්‍යවශ්‍ය කාරණයකි. ඒ සඳහා තාක්ෂණයේ සහ කළමනාකරණයේ වෙනස්කම් කඩිනමින් සිදුවිය යුතුය. එහෙත් ඒ වෙනුවට යලි විදුලි මාෆියාවක් වෙත ගමන් කරන තත්වයක් පැවතීම ජනතාවගේ පාර්ශවයෙන් අවාසිදායක තත්වයක් බවට පත්ව ඇති අතර පුද්ගලික විදුලි මිලදී ගැනීම් වෙනුවෙන් රුපියල් බිලියන ගණන් වැය කිරීම ඊට උදාහරණයකි. සංඛ්‍යා දත්තයන්ට අනුව පසුගිය වසරේ බිලියන 07ක පමණ හදිසි විදුලි මිලදී ගැනීම් සිදු කර ඇති අතර මේ වසර සඳහා ද රුපියල් බිලියන 18ක විදුලි මිලදී ගැනීම් සිදු කිරීමට නියමිතය.

නොරොච්චෝලේ අළු කන්ද, ඒ අවට ගම්බිම් වල ජනතාවගේ ජන ජීවිතයට මේ වනවිටත් දැඩි බලපෑම් එල්ල කර අවසන්ය. මෙවැනි තත්වයක් හමුවේ විසඳුම් අපේක්ෂාවෙන් සිටින ජනතාව අරුවක්කාඩු කසල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද කුතුහලයෙන් යුතුව සැක මතු කරන තත්වයක් උද්ගතව තිබේ. අළු කන්දට විසඳුම් නොමැතිනම් කුණු කන්දට කුමක් වේදැයි ජනතාව මතු කරන ගැටලුවයි. කෙසේ වෙතත් අළු කන්ද හෝ කුණු කන්ද අතර පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාව අතරමන් නොකිරීම රජයේ වගකීමයි.‘

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා අවසාන වශයෙන් පවසයි. 

---------------------------
by     (2017-11-15 14:48:08)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

The 1st number from 16, 40 and thirty six is?

  1 discussion on this news

නොරොච්චෝල යනු මොංගල් මහින්දහලාගේ සහ මෝඩ සිංහලුන්ගේ තවත් බයි වැඩකි. ඉන්දියාවේ නම් මේ අලු වලින් ගඩොල් නිපදවා ඒ කාබනික සංයෝග අවුරැදු බොහෝ ගනනකට පරිසරයෙන් අෑත්කර තබයි. නමුත් මට ආරංචි හැටියට මේ බලාගාරයේ තාක්ෂනය අනුව නිපදවෙන අලු ගඩොල් නිශ්පාදනය කිරීමට නොහැකි බවයි හෝ ඒ සඳහා අවශ්‍ය ජිප්සම් අතුරැ පලයක් හැටියට නිශ්පාදනය නොවේ. ලංකාවේ හැටි එහෙමය.
-- by silva on 2017-11-16

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more