2017 ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය කිලෝග්‍රෑම් 46 දක්වා ඉහළට

(ලංකා ඊ නිව්ස් - 2017.නොවැ.15, ප.ව.7.45) ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය 2017 වර්ෂයේ කිලෝග්‍රෑම් 46.7 දක්වා ඉහළ ගොස් තිබේ. 2016 වර්ෂයේ දී මෙරට ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය කිලෝ ග්‍රැම් 44ක් වු අතර මෙම වර්ෂයේ දී එය කිලෝග්‍රෑම් 2.7කින් ඉහළ ගොස් තිබේ. 

2018 වර්ෂය සදහා අයවැය ලේඛනය මගින් ලබා දුන් මුල්‍ය ප්‍රතිපාදන කළමණාකරණය හා එම මුදල් වියදම් කිරීමේ දී ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘති පිළිබදවත්, 2017 වර්ෂයේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ කාර්ය සාධනය පිළිබඳවත් විශේෂ සාකච්ඡාවක් ඊයේ (14) පස්වරුවේ බත්තරමුල්ල ජල ජීවි වගා සංවර්ධන අධිකාරියේ දි පැවැත්විනි.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැති අතර ඊට අමාත්‍යාංශයේ  ලේකම් මංගලිකා අදිකාරි මහත්මිය ඇතුළු නිලධාරිහු රැසකගේ සහභාගි වුහ.මෙම වසරේ ගත වු මාස 10ක කාලය තුළ දිවයිනේ මිරිදිය ජලාශ රැසක්  දීර්ඝකාලීන නියගය නිසා මුළුමනින්ම සිදී ගියේය. එමෙන්ම සාගර කලාපය තුළ වරින් වර බල පෑ අයහපත් කාලගුණ තත්ත්වයන් ද විය. මේ හැම කාරණයකින්ම සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමට බලපෑම් එල්ල කළේය.

 එසේ තිබිය දී වුවත් 2017 වසරේ සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 3,89, 500කි. එය කරදිය ධීවර අංශයේ මෙට්‍රික් ටොන් 335,750ක් වන අතර මිරිදිය ධීවර අංශයේ මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 53,750කි. 2016 වසරේ   සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 3,80,780කි.රටේ ජනතාවගේ සමස්ත දෛනික ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් මත්ස්‍ය පරිභෝජනයෙන් ලබා ගත හැකි අතර, මෑත කාලය තුළ සමස්ත ලෝකය පුරා මස් පරිභෝජනය අඩු වෙමින් පවතී. එයට හේතුව මස්වල අඩංගු මේදය හා කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යාම නිසා හෘදය වස්තුවේ රෝග, පිළිකා, අධි රුධිර පීඩනය, ආඝාතය වැනි තත්ත්වයන්ට පුද්ගලයින් ගොදුරුවීම ඉහළ යාම හේතුවෙනි. 

නමුත් මත්ස්‍ය පරිභෝජනය මගින් කොලෙස්ටරෝල් පාලනය කිරීමට හේතුවන ඔමේගා 03 විටමින් පහසුවෙන් ලබා ගැනීමට හැකියාව ලැබෙන නිසා මෑත කාලය තුළ මත්ස්‍ය පරිභෝජනය ඉහළ ගොස් තිබේ. 

අපේ රටේ පසුගිය දශකයක කාලය තුළ ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය අවම මට්ටමක පැවැතිනි. මධ්‍යම කදුකරයේ වතු ආශ්‍රිතව එය ග්‍රෑම් 450ක් දක්වා අඩු මට්ටමක පැවැති අතර, සෙසු ප්‍ර ‍දේශවල කිලෝග්‍රෑම් 22-24 දක්වා මට්ටමක පැවැතිනි. කෙසේ වුවද 2017 වසරේ  ගත වු මාස 10 තුළ ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය කිලෝ ග්‍රෑම් 46.7 දක්වා ඉහළ යෑම රටේ පෝෂණය පිළිබද යහපත් දර්ශකයක් බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ඩබ්. එම්. ඩී. වන්නිනායක

---------------------------
by     (2017-11-15 14:25:56)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

මෙහි ඇති දත්ත සම්පුර්ණයෙන්ම සත්‍යයෙන් තොරයි. මෙවැනි සංඛ්‍යා දත්ත අඩංගු පුවත් පලකිරීමේදී, සංඛ්‍යා පිළිබඳව වඩාත් සැලකිලිමත් වීමත්, තමන්ගේ සාමාන්‍ය දැනීම පාවිච්චි කිරීමත් යෙහෙකි. මේකේ තියෙනවා වසරේ සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 389,500 ක් කියලා. ඒ කියන්නේ 389,500,000 kg. මේක බෙදන්න ලංකාවේ ජනගහණයෙන් ( ආසන්න වශයෙන් 20,000,000). උත්තරේ කීයද? 19.5 kg. ඉතින් මේක වෙන්න පුලුවන්ද? මෙයින් සෑහෙන ප්‍රමාණයක් අපනයනය කරනවා නේද? එතකොට තවත් අඩුවෙනවා.
-- by Bandula on 2017-11-16

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more