‘නාඳුනන තහනම් කරුවෙකු‘ විසින් කළ ලංකා ඊ නිව්ස් වාරණය ගැන කැබිනට් ප්‍රකාශක දයාසිරි නීති ප්‍රාඥයා කළ ප්‍රකාශය (Video)

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.15,  ප.ව‍‍‍‍.2.05) සිරිසේනප්පූරුව බවට පත්ව ඇති සිරි ලංකාව නම් පුදුම රටකි..! ලංකා ඊ නිව්ස් ශ්‍රී ලංකාව තුල කියැවීමට නොහැකි සේ වාරණය කෙළේ කව්දැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවත් දන්නේ නැත. අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශක දයාසිරි ජයසේකර ඇමැතිවරයාගෙන් මාධ්‍යවේදීන් මේ පිලිබඳ විමසූ කළ ජයසේකර මහතා කකුල කටේ දමා ගනිමින් හේතු ලෙස කීවේ තවත් වෙබ් අඩවියක දුටු පුවතකි. ප්‍රථමයෙන්ම තහනම් කර නැතැයි කීය. කෙළේ කව්දැයි නොදන්නා බව කීය. ලංකා ඊ නිව්ස් ශීලාචාර නැතැයි කීය. ජනාධිපතිව විවේචනය කරන බව කීය. ලංකා ඊ නිව්ස් බැඳුම්කර ගැන කතා නොකළ බව කීය.  යම් සිද්ධියක් වාර්තා නොකළා කියාද මාධ්‍යයක් වාරණය කළ හැකි බව දන්නේ අද ය. ඒ දයාසිරි ජයසේකර නමැති නීතිඥයාගේ නීති ප්‍රඥාව අනුව ය.

‘නාඳුනන තහනම් කරුවෙකු‘ විසින් කළ ලංකා ඊ නිව්ස් වාරණය ගැන දයාසිරි ප්‍රාඥයා කළ ප්‍රකාශ සහිත වීඩියෝව පහතින්

---------------------------
by     (2017-11-15 14:00:11)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

If a person is called Paul, what is their name?

  2 discussion on this news

අර සක්කිලි මහරාජගෙ වැසිකිලි සිරස ගැන දයාසොරි මොකද දන්නෙ නෑ කියන්නෙ....?
-- by සිංහලේ on 2017-11-15

ඇයි මැට්ටො කියපං වරද මොකක්ද, කාගෙ නියෝගයක්ද කියල! 6674
-- by දයානි on 2017-11-15

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more