ලංකා ඊ නිව්ස් තහනම බරපතලයි: විරුද්ධව හඬ නැගිය යුතුයි: නැතිනම් නවතින්නේ රාජපක්ෂ මාදිලිය තුල - ගාමිණී වියන්ගොඩ

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.15,  පෙ.ව‍‍‍‍.11.55) ජනාධිපතිවරයා විසින් ලංකා ඊ නිව්ස් තහනම් කිරීම බරපතල තත්ත්වයක් බවත් ඊට විරුද්ධව හඬ නැගිය යුතු බවත් නැතිනම් මේ ආණ්ඩුවත් නවතින්නේ රාජපක්ෂ මාදිලිය තුල බවත් ප්‍රවීන ලේඛක ගාමිණී වියන්ගොඩ මහතා පවසයි. ඔහු මේ ප්‍රකාශය කෙළේ ලංකා ඊ නිව්ස් කරන ලද විමසීමකට පිළිතුරු ලෙසය. 

නියමිත ක්‍රියා පටිපාටියක් අනුව කළත් නොකළත් මෙය වැරදි වැඩක් යැයි ද තමන් පුද්ගලිකවත් ප්‍රතිපත්තියක් ලෙසත් මීට විරුද්ධව ක්‍රියා කරන බවද වියන්ගොඩ මහතා පැවසීය. වැඩි දුරටක් කතා කළ ඒ මහතා මෙසේද පැවසීය.

“ඒක ඉතාම පැහැදිලියි තොරතුරු දැන ගැනීමේ පනතක් සම්මත කරගත්ත රටක්,මේ විදිහට ප්‍රවෘත්ති මාධ්‍යයක් තහනම් කිරීමට ලක් කිරීම ලැජ්ජාවට කාරණයක් විදියටයි මම නම් හිතන්නෙ. මේක ඉතාම බරපතළ තත්ත්වයක්, මොකද වෙබ් සයිට් එකක් හරි, පත්තරයක් හරි, වෙනත් මාධ්‍යයක් හරි කියන දේවල් පිළිබඳව අප එකඟ නොවී ඉන්න පුළුවන්, නමුත් සෑම කෙනෙකුටම නිදහස තියෙන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක. 

අපි මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට විරුද්ධව කතා කරේ ඒක නිසා. මහින්ද රාජපක්ෂ වෙබ් සයිට් නවත්තනකොට, මාධ්‍ය ආයතන වලට බෝම්බ ගහනකොට, ගිනි තියනකොට අපි ඒවට විරුද්ධව කතා කළේ පාවිච්චි කරපු ප්‍රචණ්ඩත්වය විතරක් නිසාම නෙවේ, මාධ්‍ය නිදහස උල්ලංඝනය කරන්න, මාධ්‍ය නිදහස මර්දනය කරන්න ගත්ත ඒ පියවරට විරුද්ධවයි අපි සටන්කලේ. එතකොට අපි ඒ ආණ්ඩුව වෙනස් කළේ එහෙම දේවල් නැවත සිද්ද නොවේවිය කියන විශ්වාසයකින්. එහෙම තියෙද්දී මේ යහපාලන ආණ්ඩුව මේ විදියට ලංකා ඊ නිව්ස් තහනම් කිරීම, වාරණය කිරීම මම ඒක පුද්ගලිකවත්, ප්‍රතිපත්තිමය වශයෙනුත් හෙලා දකිනවා. 

ඊ නිව්ස් තහනම් කරන්න, ඒක වාරණය කරන්න මොනම කෙනෙකුට වත් අයිතියක් නෑ ජනාධිපතිටත් ඒ අයිතිය නෑ, අගමැතිටත් ඒ අයිතිය නෑ, යහපාලන ආණ්ඩුවටත් ඒ අයිතිය නෑ. ඊ නිව්ස් වලින් යම් කිසි සමාජ වරදක් සිදු කරනවා නම් එයට උත්තර දිය යුතුයි ‍. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක වෙන්න ඕන ඒ විදිහටයි. එහෙම නැතුව වාරණය කිරීම නෙවෙයි. උදාහරණයක් විදියට කියනවා නම් යම් කිසි මාධ්‍යයකින් කෙනෙකුට අපහාසයක් වෙලා තියෙනවා නම් ඒකට වෙනම නීතිමය ක්‍රියා මාර්ගය ගන්නවා මිසක් ඒ මාධ්‍ය ආයතනය වසා දැමීම මොන විදිහකින්වත් මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අනුමත කළ හැක්කක් නොවේ. එය ක්‍රියා පටිපාටියට අනුව කළත් එකයි; නොකළත් එකයි.

ඉතින් මේ තත්ත්වයට විරුද්ධව අපි හඬ නගන්න ඕන. මොකද නැත්නම් අපි නැවත ගිහින් නවතින්නේ මහින්ද රාජපක්ෂ ඒ ආණ්ඩු කරපු ඒ මාදිලිය තුලම තමයි මේ විදිහට ගියොත් ඉස්සරහට. ඉතින් ඒක නිසා මේ පිළිබඳව අදාළ බලධාරීන්ට හැම පැත්තකින්ම අපි දැනුම් දෙනවා මේ තත්ත්වය අනුමත කරන්නේ නැති බව සහ ඊට විරුද්ධව අපිට කළ හැකි සෑම දෙයක්ම කරන බව. 

මම කණගාටුවට පත් වෙනවා යහපාලන බලධාරීන් මෙහෙම දෙයක් කිරීම සම්බන්ධව. යහපාලන ආණ්ඩුවේ හුඟාක් දේවල් එකතුවෙමින් තියෙනවා මේ වගේ දේවල්, එක පැත්තකින් දූෂිතයින්ව, අපරාධකරුවන්ව ආරක්ෂා කරන ප්‍රතිපත්තියක ඉඳන් කටයුතු කරන බව පේන්න තියෙනවා. අනෙක් පැත්තෙන් මෙවැනි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවක් පේන්න තියෙනෙවා. ඉතිං මේක මොන විදියකින්වත් යහපත් තත්ත්වයක් විදියට මම දකින්නෙ නෑ.“

---------------------------
by     (2017-11-15 14:00:45)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

Enter the highest number of ninety three, 52, 13 or 69:

  5 discussion on this news

මෛත්‍රීපාලට ඊළඟ සැරෙත් ජනාධිපති වෙන්න ඕන නං හරක් වැඩ නිවැරදි කරගෙන යහපත් වෙන්න තවත් පොඩි අවස්ථාවක් ඉතුරු වෙලා තියෙනව..
-- by සිංහලේ on 2017-11-15

සිරිසේනයි ගෝලයොයි හිතනව ඇත්තෙ මරා පරද්දපු මට ඊනිවුස් කාරය මොන සිපයියෙක්ද කියල වෙන්නැති!
-- by chanaka on 2017-11-15

ගාමිනී වියන්ගොඩ මැති තුමා සමග අප සියයට 100 ක් එකඟයි. මහින්දගේ කාලයේ ඉඳන් ඊ නව්ස් හිටියේ රටේ ජනතාවගේ පැත්තේ. ඒක තමා වගකිවයුතු මාධ්‍යයක යුතුකම සහ වගකීම. ඊනිව්ස් ඒක එදා ඉඳලම අකුරට ඉටු කරල තියනෙව. ඊනිව්ස් කාටවත් මඩ ගහන්නෙ නෑ. විවේචන විතරයි කරන්නෙ. සමහර දේවල් විවේචන කරනකොට රෝසමල් යහනාවක තියල නලවන්ඩ බෑ. ඊට සුදුසු විවේචනාත්මක භාශා ෙෙශලිය පාවිච්චි කල යුතුයි. මේ විවේචන වලට ලක්වෙන අය කල යුත්තේ ඒ විවේචන වැරදිනම් ඒවාට උත්තර දී ඊනිව්ස් වැරදි වාර්තා ඉදිරිපත් කල බව ඔප්පු කර ඒවා නිවැරදි කරන ලෙස දැනුම් දීමියි. බොහෝ පාඨකයින්ට ශක්තියක් තියෙනවා කව්ද හරි කව්ද වැරදි කියා තේරැම් ගැනීමට. මේ තහනම පිටිපස ඇත්තේ සිරිසේනට සැඟවිය යුතු රහසක්, ගනුදෙනුවක්, ඩීල් එකක්, දූෂනයක්, වංචාවක් හෝ හොරකමක් තිබෙන බවයි පේන්නෙ. තහනමට පෙර පලවූ සිරිසේන සම්බන්ධ ප්‍රවෘර්ති සලකා බැලීමේදී අපගේ සැකය වඩ වඩාත් තහවුරැ වේ. මෙතැන ඇති ප්‍රධාන ගැටලුව නම් සිරිසේන යනු පිරිසිදු අවංක සහ දක්ෂ පෞරැෂයක් ඇති නායකයෙක් නොවීමයි. කොහොමත් වහල්ලුන්ගේ පක්ෂයක් වන ශ්‍රීලනිපයෙන් එවැනි නායකයින් බිහි වීමේ සම්භාවිතාවක් නැත. මන්ද ඔවුන්ගෙ දර්ශනය වැඩවසම්, දේශිය සංවෘත සහ ජාත ආගම් වාදී පටු තැනකට සීමාවී ඇති නිසායි. මේ වෙනස තේරැම් ගැනීමට හොඳම උදාහරනය මේ දවස්වල ඇමරිකානු රජය විසින් ජේආර් ජයවර්ධන ජනාධිපති තුමා එහි කල සංචාරයක වීඩියෝ දර්ශන මුදා හැර මාධයට මුදාහැර තියෙනවා. එය නැරඹූ අය තේරැම් ගනීවි නායකයෝ යනු කුමන ආකාරයේ පුද්ගලයෝද කියා. උතුරැ කොරියාව සම්බන්ධ අර්බුදයේදී පෙර නොවු විරෑ න්‍යශ්ඨික යුධ තර්ජනයකට මුහුනදී ඇති ඇෙරිකාව එදා ජේආර් කල කතාවේ පහත සඳහන් වැකියෙන් නැවතත් දිසානතිය සොයනවා විය හැකිය. " Let your great and powerful nation take the lead in implementing these ideals, and the world will remember that the President of the United States of America, Ronald Reagan, preached the laying down of arms not through fear, but by the strength of the conviction that to follow right for right is right, without fear of consequence, is a way for civilized man to adopt. The voice of America will then become the voice of righteousness. " Though the players are different the format is the same. JR is a genius. එවැනි නායකයෙක් සිටි රටක සිරිසේනලා වැනි සෙවලයන් පොරවල් වි සිටිනු දකිනු විට අපට රට ගැන ඇති වන්නේ දුකකි.
-- by silva on 2017-11-15

I can see this Silva always kissing UNP ass. JR genious??, He is the one who ruined this country
-- by jayantha on 2017-11-16

ජයන්ත යන පුත්තලම් බූරැවා යූඑන්පී එක සහ ජේආර් ගැන නිර්වචනය කිරීමට තටමමින් සිටී. මේකා ඉන්තේරැවෙන්ම ජුලි වර්ජනයට අසු වි ජේ ආර් විසින් නන්නත්තාර කල මොංගල් විප්ලව වාදියෙක් විය යුතුයි. 77 ජේආර් ආන්ඩුව ගෙන මේරට දියුනු කිරීමටපෙර මේ ජයන්ත කියන හිඟන්නා රෙන්ඩ වැසිකිලියක් නැතිව බඩ වැටි අස්සේ රිංගපු එකෙකි. ජේ ආර් දියුනුවට පත් කලේ රෙන්ඩ කක්කුස්සි පෝච්චියක් නොතිබූ රටකි. මෙවැනි අපත හාල් පාරැවන්ට ජේආර්ලාගේ වටිනාකම් නොපෙනේ. උන්ට හොඳ මහින්ද රාජපක්ෂලායි. හැබැයි ඒ කාලයේ මහින්දය ජංගිය පාත් කල මුන් වගේ උන් දීපු එදා බහුතර කැමැත්තෙන් හරියි කියපු නඩු තීන්දු අද කනපිට ගස්සවමින් තිබේ. ඒ අනුව තමයි අර පච්චය කෙටු විදෙස් කාන්තාව නඩුව දිනා මූ වගේ ම හිඟන නූගත් පොලිස් කාරයින් දෙන්නාගෙන් රැ. 50,000 ගානේ ලබා ගෙන රජයෙන් ලක්ෂ අටකුත් වන්දිලබා ගන්නේ. අද මූ ජේ ආර් ගැන කියන කතාව වගේ තමයි එදා මහින්දයගෙ නඩු හඩ්ඩා සදු කාන්තාව ගැන කිව්වේ. නමුත් මුං වගේ නුගතුන්ගේ ග්‍රහනයෙන් රට මුදවා ගත්තට පස්සේ සුදු කාන්තාවගේ නියම කතාව එලියට එනවා. ජේආර්ලා ගනුදෙනු කලේ මුං වගේ හිඟන්නන් සමග නොව ලොව බලගතු රජ්‍ය නායකයින් සමගය. ඒගනුදෙනුවත් ජයන්ත කියන මොංගලයලාගේ සිරිසේන කොස් පලන්නාක් මෙන් සුද්දාට සිංහල දෙසා බෑමෙන් නොව ඔහුගේ සම්ප්‍රාප්තිය දැන්වෙන ආකාරයටය. මුංට එදා ජේආර්ලා කල කතාවල් තේරැම් ගැනීමට ඉංග්‍රිසි දැනුම තබා සාමන්‍ය දැනුම වත් නැත. කිව්වේ මොකක්දැයි තේරැම් ගැනීමට බැරි එකා කිව් පුද්ගලයාගේ ස්වභාවය ගැන දැන ගන්නෙ කෙලෙසද? මේ ජයන්ත යන හාල්පාරැවාට වී ඇති සංගෙදිය එයයි. මුගේ නූගත්කම විසින් මූව පුත්තලම් බූරැවෙක් බවට පත් කර ඇත. පුත්තලම් බූරැවන් දැන් පුත්තලමෙනුත් වඳවී යමින් ඇත. ඊ නිව්ස් පාඨකයින් මේ අත්විඳින්නේ ඉතුරැ වී ඇති අන්තිම එකායා. අඹ වල්ලට පොලු ගසන මූ තව ටික දිනකින් වඳවී යනු ඇත. එදාට ජේආර්ලා ගේ අඹ ගස්වල ගෙඩි පිරී යනු ඇත. මේ හිඟන්නා ජේආර් එජාපය රට විනාස කල බව කියයි. මූ ජේආර්ට බනින පරිඝනකය මූට දුන්නේ ජේ ආර්ය, ඉන්ටනෙට් එක දුන්නෙ ජේආර්ය. මූ විලි වහගන්නේ ජේආර් දුන් ඇඳුම් වලිනි. හබැයි ජේආර් අතින් එකම එක වැරැද්දක් වී ඇත. ඒ ජේ ආර් ගෙනා කොන්ඩම් පෙට්ටියක එකම එක බාල කොන්ඩමයක් තිබී ඇත. එසේ නොවුනානම් මේ සංවාදය නොසිදුවනවාය.
-- by silva on 2017-11-16

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more