පූස් පාට් එකෙන් පාස් පෝට් වලින් කරන ගැහිල්ලක්..!

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.15, පෙ.ව.7.25) එන්ගලන්තයේ  ‍‘එතෙර අපි‘ සංවිධානයට පාස්පෝර්ට් සම්බන්ධව පැමිණිලි ගණනාවක් ලැබුණු නිසා , බලධාරීන්ගේ දැනගැනීම පිණිස මෙය ප්‍රසිද්ධියේ දැනුම් දෙමි. 

දැනට මේ රටට පැමිණ පදිංචිය ලබාගෙන පමණක් ඇති ශ්‍රී ලාංකිකයන් ගේ අවුරුදු 10 නිමැවුණු පසු පාස්පෝර්ට් ලබාගැන්මේදී, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ ලිපියක් ඉල්ලා සිටී. එනම් එංගලන්ත පුරවැසි කම ලබාගෙන නොමැත,  යන ලිපියයි. මේ ලිපිය ලබාගැනීම සඳහා පවුම් දැනට 234 ක් එංගලන්ත රජයට ගෙවිය යුතුය. මේ ලිපියේ ඇත්තේ තනි වාක්‍යකි. මොහු පුරවැසි කම ලබාගෙන නොමැත. ඊලඟට අලුත් පාස්පෝර්ට් එකක් සඳහා තානාපති කාර්යාලය පවුම් 100 ගනී. ඉල්ලුම් පත්‍ර සහතික කරගැනීමට ( තමාගේ පින්තුරය සමග ) පවුම් 50 ගෙවීමට සිදුවේ. අවසානයේ  පාස්පෝර්ට් එක සඳහා පවුම් 400 යකට වැඩි මුදලක් යයි. (රුපියල් ලක්ෂයක් පමණ)  

මෙසේ අවුරුදු 10 ක ගමන්බලපත  ලබාගන්නා විට තානාපති කාර්යාලය එම පොතට අමුතු සීල් දෙකක් ගසයි.

1. මෙම බලපතහි වලංගු කාලය අවුරුදු 5 යි.  
2. මේ බලපත අලුත් කරගත හැක්කේ ලන්ඩන් තානාපති කාර්යාලයෙන් පමණි. 

නැවත වරක් මුල්පරිදි මුදල් ගෙවා අවුරුදු 5 කින් අලුත් කරගත යුතුය.     

මෙය ලෝකයේ වැඩිම මුදලක් අය කරන ශ්‍රී ලංකා ගමන් බල පතයි.  මේ මුදලට ශ්‍රී ලන්කාවට ගුවනින් යාමටද පුළුවන. 

තත්වය මෙසේ වෙද්දී සමහර ශ්‍රී ලාංකිකයන් අවුරුදු 10  නිමවනවා සමගම ශ්‍රී ලංකාවට ගොස් එක් දිනයෙන් පාස්පෝර්ට් එක ලබාගෙන පැමිණේ. පොතේ කාලය අවුරුදු 10 යයි. වියදම රුපියල් 5000.  

අවංකව තානාපති කාර්යාලය හරහා ගමන් බලපත ගැනීමේදී ශ්‍රී ලාංකිකයන්ට මෙසේ සිදුවන අසාධාරණයට එංගලන්තයේ තානාපති කාර්යාලයේ පිළිතුර නම්  ලංකාවෙන් ලබාගන්න ගමන් බලපත නීතිජවිරෝධී බවයි. එසේ නම් ඒ ගැන නිලධාරීන් විමසිය යුත්තේ ලංකාවේ ආගමන විගමන දෙපර්ත්මෙන්තුවෙන්ය.   

ඊළගට  මම දෙවන චෝදනාවට පැමිනෙන්නෙමි. එනම් තානාපති කාර්යාලයෙන් ඉල්ලුම් කරන ගමන්පත  ලබාගැනීමට මාස තුනක් පමණ ගත වේ. නැවෙන් ලංකාවට ගොස් නැවත නැවේ පොත ආවත් මෙපමණ කලක් නොයයි. මේ ගැන සොයා බැලීමේදී දැනගන්න ලැබුනේ, පිටරැටියන්ගේ ගමන් බලපත් අනවශ්‍ය ප්‍රමාදයකට ලක්කරන බවයි. එවිට තමාගේ ගමන් බලපත ඉක්මනින්  ගෙන්වාගැනීමට  පවුලේ අය ලවා ගමන් බලපත් දෙපර්ත්තමේන්තුවට ගිය විට අයථා අන්දමින් මුදල් ලබා ගන්නා බවයි. 

මේ බව මනාවට ඔප්පුවන්නේ  තානාපති කාර්යාලයේ නිකුත් කර ඇති ගමන් බලපත් නාමලේඛනය  බලන කලය.  රිසිට් අංක තුන්සියකින් පමණ වෙනස් කෙනා ගමන් බලපත ඉක්මනින් ලබාගෙන ඇති අතර අනෙකා ලබාගෙන ඇත්තේ ඊට සති කිහිපයකටත් පසුවයි. මේ අනවශ්‍ය ප්‍රමාදය තානාපති කාර්යාලය, ආගමන විගමන  දෙපාර්තමේන්තුවෙන් විමසිය යුතුය. පිටරට ජීවත්වන ශ්‍රී ලාංකිකයෙකුගේ අනන්‍යයතාවය පෙන්වන්නේ ගමන්බලපතෙන් නිසා එය ඔහු ලඟ සැමවිටම තිබිය යුතු බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත.  

‘එතෙර අපි‘ සංවිධානයේ මුලික අරමුණ විදේශගත සෑම වර්ගයකම ශ්‍රී ලාංකිකයන්  ආරක්ෂාකර ගැනීම නිසා මෙය මට ප්‍රශ්න කිරීමට සිදුවී ඇත. 

අජන්ත කහාන්ගහ ආරච්චි  

‘එතෙර  අපි‘  
එංගලන්ත ශාඛාවේ සභාපති

---------------------------
by     (2017-11-15 02:01:22)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

ලංකාවෙ රාජ්‍ය සේවය කියන්නෙ සීයට අනූනමයක් මැට්ටො පිරිච්ච තැනක්, රට ඇතුලෙ වුනත් රට නියෝජනය කරමින් පිටරටදි වුනත් මේ මැටි ගතිය වෙනස් වෙන්නෙ නැහැ, ඒ නිසා තමයි එකම ලේඛනයකට නීති දෙකක් තියෙන්නෙ.
-- by rex d on 2017-11-15

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more