ජනාධිපතිතුමනි, බලේ දුන්නට මොළේ දෙන්න අපිට බෑ ! ඔහොම යමු, ටික දවසනේ..!! -යහපාලනයට කඩේ ගිය ජපුරේ අයෙක්

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.15, පෙ.ව.6.35) 2015 ජනවාරි 8 ශ්‍රී ලංකාවේ සිද්ධ වුන බල පෙරලිය පිටුපස සිටි බොහෝ දෙනා බලය ලබාගත් පසු ජනාධිපති වරයා විසින් මේ වනවිට අමතක කර ඇත. අමතක වීමට වඩා මේ ප්‍රශ්නය බරපතල වන්නේ එදා උදව් උපකාර කළ අයටම පෙරලා පහර දෙන්නට පටන්ගෙන තිබීමයි. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය එදා නොතිබෙන්නට මහා ලොකුවට කියවන ජනාධිපවරයෙක් අද නොසිටින්නට බොහෝ විට ඉඩ තිබුණි. මෙවැනි බොහෝ නින්දිත ක්‍රියාවන් අතරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති පත් කිරීමද පසුගියදා සිදුකෙරිණි. 2015 ජනවාරි 8 බලය දුන් අපි පුන පුනා එපා කියද්දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති තනතුර නැවතත් මහාචාර්යය සම්පත් අමරතුංගට ලබා දීමට ජනාධිපති වරයා හිතුවක්කාර ලෙස තීරණය කරන ලදී. 

එහි කතාව මෙසේය. මහාචාර්ය සම්පත් අමරතුංග යනු පසුගිය රජයේ මහින්ද රාජපක්ෂ සමග අතිශය දූෂිත කටයුතු වල නිරත වූ අයෙකි. ඔහු  2015 ජනවාරි 8 රාත්‍රියේත් මැතිවරණ ප්‍රතිඵල බැලුවේ මහින්ද රාජපක්ෂ සමග අරලිය ගහ මන්දිරයේ සිටය. ඒ චන්ද සටනේ මහින්දගේ සිල්රෙදි බෙදීම වැනි මහාචාර්ය වරයෙක් විසින් යෝජනා නොකරන පහත්  ප්‍රචාරණ කටයුතුවල මහමොලකරු මොහුය. දැනට ටික කලකට ඉහතදීත් ඔහු මහින්ද වාදියෙකි.  දැන් ඔහු කියන්නේ තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනිහෙක් කියාය. නැවතත් මහින්ද රාජපක්ෂ එන තෙක් බලාසිටින ඔහු සැබවින්ම රටේ ජනාධිපති පවා ගොනාට ඇන්දවීමට තරම් දක්ෂයෙකි. එය ඔහු ඔප්පුකර ඇත. 

කෙසේ හෝ  2017 නොවැම්බර් 16 දින මහාචාර්යය සම්පත් අමරතුංග මහතාගේ උපකුලපති තනතුරේ පළමු ධූර  කාලය අවසන් වීමට නියමිත නිසා නැවත නාමයෝජනා කැඳවනු ලැබිණ. ඒ සඳහා නාමයෝජනා 5 ක් ලැබුන අතර ඔවුහු මහාචාර්යය සම්පත් අමරතුංග, මහාචාර්යය පි බි මණ්ඩාවල, මහාචාර්යය කෙනඩි ගුණවර්ධන, මහාචාර්යය හේමන්ති රණසිංහ සහ ආචාර්යය යූ අනුර කුමාර යන අය වූහ. මේ අතුරින් මහාචාර්යය හේමන්ති රණසිංහ ගේ අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප විය. අවසානයේ නම් 3 ක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්  සභාව වෙත යැවීම නිමිතිකොට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  සභික මණ්ඩලයේ නිලවරණයකට සුදුසුකම් ලැබූ 4 දෙනා ඉදිරිපත් විය. එහිදී මහාචාර්යය සම්පත් අමරතුංග මහතා අති සුක්ෂම ආකාරයෙන් චන්දය දෙන අය හසුරුවාගෙන සියලු චන්ද ගෙන පෙරමුණට පැමිණියේය. ඒ සභිකයන් බහුතරයක් මහින්දගේ අය බව මෛත්‍රී දන්නේ නැත. එහිදී දෙවන ස්ථානය ආචාර්යය යූ. අනුර කුමාර ට සහ තෙවන තැන මහාචාර්යය කෙනඩි ගුණවර්ධන ට ලැබිණ. 

එහිදී 2015 ජනවාරි 8 පෙරළියේ විශාල කොටස්කරුවෙක් වන්නේ ආචාර්යය යූ අනුර කුමාර මහතාය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොව මහින්ද රාජපක්ෂ රෙජිමයට විරුද්ධව විශාල කාර්යයක් කළ අයෙකි. මහාචාර්යය කෙනඩි ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ ඉතා අසීරු අවස්ථාවේ සිට 2015 ජනවාරි 8 පෙරළිය දක්වා විශේෂයෙන් මහින්ද රාජපක්ෂ රෙජීමයට විරුද්ධව ක්‍රියා කළ අයෙකි. 

කෙසේ හෝ අවසානයේ සිද්ධ වුනේ බොහෝ දෙනා පිළිකුල් කරන බලය පෙරලෙන අතට ඔලුව කැරකෙන මහාචාර්යය සම්පත් අමරතුංග ට මේ රටේ ජනාධිපතිත් අසුවීම පමණි. 

දැන් ප්‍රශ්න කිහිපයක් ඇත. 2015 ජනවාරි 8 පෙරළියේ කොටස්කරුවෝ මෙසේ ලජ්ජාවට පත්කරන්නේ කුමන අරමුනින්ද? ඔවුන්ට මොනවා කළත් 2015 ජනවාරි 8 පෙරළියේ කොටස්කරුවෝ මෛත්‍රී  සමග ඉන්නවා යන අදහසින්ද?   දැන් ජනාධිපති වරයාගේ අරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට මහින්ද රාජපක්ෂ වටා සිටි අයට තනතුරු දෙමින් යාමද? මහින්ද රාජපක්ෂ වටා සිටි අයට  එසේ තනතුරු දුන්න විගස ඔවුන් මෛත්‍රී කරණය වෙනවා කියා සිතාගෙනද ?
 
අපිට කියන්නට ඇත්තේ ජනාධිපති තුමනි ‘ඔබට අපි බලය ලබා දුන්නට මොළය ලබා දෙන්න දන්නේ නැත‘ කියාය. ‘ඔහොම යමු තව ටික දවසනේ‘ කියාය. 

දවසින් දවස මහින්ද රාජපක්ෂ  ඇතුළු පිරිස ප්‍රබල වෙනවා නියතය. ජනාධිපති ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කළහොත් අනිවාර්යයයෙන්ම 3 වන ස්ථානය දක්වා පහල යනවා නියතය. 

ජනාධිපති තුමනි, දිනෙන් දින ඔබ ගන්නා ඉහත ආකාරයේ තීරණ තුලින් ඔබට දහස් ගණනින් මිනිසුන් අහිමි වනවා කියා නොදන්නේ නම් එය අදම දැන ගන්න. ඔබ මහින්ද වාදීන්ට ලබාදුන් තනතුරු වලින් ඔබට ඉතා ඉක්මනින් ප්‍රතිපල ලැබෙනු ඇත. සමහරවිට ඔබට ඒවා නොතේරී ඔබ ඔබගේ අවසානය දක්වාම ක්‍රියාත්මක වනු ඇත. 

“ජනාධිපති තුමනි, ඔබට අපි බලය ලබා දුන්නට මොළය ලබා දෙන්න දන්නේ නැත. ඔහොම යමු තව ටික දවසනේ.“

-යහපාලනයට කඩේ ගිය ජපුරේ අයෙක්-

---------------------------
by     (2017-11-15 01:27:58)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

Enter the highest number of 91, fifty one, 6, sixty seven or fifty three:

  4 discussion on this news

Rather J'Pura Arts degree VC's problems, address these overall problems in low level local Universities in Sri Lanka. In order to be a real international professor your PhD from world top 100 University, minimum 20 articles in ISI/SCOPUS indexed journals, 10 text books with international publishers and three countries have to appoint you as a Visiting professor. But all these Sri Lankan Professors are jokers and more than 40% University Lecturers are relatives to each others and they give degrees to each other. MY3 clean University system and sack fake professors. Some Dept are family trees. Grandfather Emeritus and all others are relatives, henchmen, lovers, pimps, etc. We well know how they recruits and promoted in University Mafia. First find a person and then advertise according to his/her requirement and send aboard for their friends’ places for PhDs. Go beyond Sri Lankan airport and see International job market. Even in Middle East job market, without PhD from accredited Western University you cannot become even Assistant Lecturer. But in Sri Lanka more than 80% professors do not have PhD. The countries they (University teachers) go to do higher studies, no person is going to studies: China, Malaysia and India. Many Lecturers working to University are not even Sri Lankan passport holders and some have dual citizenship sack all of them punish whoever recruited them. With Immediate effect close down Colombo University Fake bogus PhD factory.
-- by Nawodha on 2017-11-15

More than ten foreign citizens are working in this University and some have dual citizenship. With immediate effect check all Sri Lankan University teachers nationality. You will find many have dual citizenship not even Sri Lankan passports. Sack and penalized who recruited them. Moratuwa University has more than 20 teachers having dual citizenship. UGC and other authorities are very silenced on this. Why only poor Geetha targeted why not fake professors and Lecturers.
-- by Rathnapala on 2017-11-15

ජනාධිපතිතුමාගෙ මොලේ ඒ දවස්වල තිබුනෙ බඩේ. ඒ නිසානෙ බඩෙන් (බඩ ගැන)හිතල මරාගෙ හැම ජරා වැඩටම අත්දෙක ඉස්සුවෙ. හැබැයි පොදු අපේක්ෂක උනාට පස්සෙ බඩේ තිබුණු මොලේ ටිකක් වගේ උඩ පැත්තට ගියා. ඒත් මේ දවස්වල කලින් තිබුණටත් වඩා පහලට ගිහින් කකුල් දෙක මුල රැදිල තියෙනව. ඒ නිසා වැඩිය ගස්සන්න ගියොත් මොලේ බිමට වැටිල මරා වගේ මොලේ නැති මී හරකෙක් වෙන එක ෂුවර්!
-- by ඩොංකි on 2017-11-15

Can we ask this VC's publications records? I guess he can not get clerk position from any world recognized University he never heard about ISI/SCOPUS journals.. These are fake professors who robbed poor tax payers money covering to fake titles and making billions from tenders in University construction and tenders for procurement.
-- by Omar on 2017-11-16

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more