අක්‍රමිකතා පරීක්ෂණයකට ලක්ව සිටින විභාග කොමසාරිස් ජනරාල්, අධ්‍යාපන අමාත්‍යාංශයට

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.14, ප.ව.10.30) විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා අධ්‍යාපන අමාත්‍යංශය වෙත අනුයුක්ත කර තිබෙනවා. ඒ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මේ දිනවල සිදු කෙරෙන විශේෂ විමර්ශනය අතරතුර දී ය.

විභාග දෙපාර්තමේන්තුවේ පසුගිය කාලයේ සිදු වූ විභාග පැවැත්වීම් වල උත්තර පත්‍ර පරීක්ෂාව, ප්‍රශ්න පත්‍ර සම්පාදනය, ප්‍රශ්න පත්‍ර සම්පාදක මණ්ඩලය නම් කිරීම, විභාග සම්බන්ධ රහස්‍යභාවය ආරක්ෂා කිරීම, මූල්‍ය භාවිතය ඇතුලු කටයුතු කිහිපයක් පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් පැවැත්වේ.

අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විසින් විභාග කොමසාරිස්වරයා විභාග දෙපාර්තමේන්තුවේ සිට අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත කර ඇත්තේ අදාළ විමර්ශන කණ්ඩායමේ නිර්දේශයන් සහ විභාග කොමසාරිස් ජනරාල්වරයා ද පරීක්ෂණය අතරතුර තමාට ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සිදු කළ ඉල්ලීමක් ද සැලකිල්ලට ගනිමිනි.

---------------------------
by     (2017-11-14 17:57:45)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more