මහින්දගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්, මහින්දගේ මූල්‍ය කටයුතු බාරව සිටි කුඩා බාලගේ ඇතුළු 3 ක් රිමාන්ඩ්..!

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.14, පෙ.ව.11.50) ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට අනුබද්ධිත සමාගමක් යටතේ ඉදිකෙරෙන කොල්ලුපිටියේ ග්‍රෑන්ඩ් හයට් රීජන්සි හෝටල් ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය යටතේ 2012 වසරේදි වෙන්කෙරුණු රුපියල් බිලියන 18.5 ක මුදලින් රුපියල් බිලියන 4ක් නීතිවිරෝධී ලෙස හම්බන්තොට හයට් රීජන්සි හෝටල් ව්‍යාපෘතියට යොදවා රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර ඇති හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ ගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (13) නියෝග කළාය.

මෙලෙස රක්ෂිතභාර ගත කළේ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සේදර සෙනරත්, පියදාස කුඩාබාලගේ, නීල් හපුහින්ද යන තිදෙනා වෙති.

සැකකරුවන් තිදෙනා ජනාධිපති නීතිඥ අලි ශබ්රි, අනිල් සිල්වා, කාලිංග ඉන්ද්‍රතිස්ස මහත්වරුන් ඇතුලු නීතිඥ මඬුල්ලක් හරහා ඊයේ අධිකරණයට භාර වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කළාය. පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයේ අංක 4 ස්ථානාධිපතිවරයාට ප්‍රකාශයක් ලබා දෙන ලෙසටද මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ට නියෝග කළාය.

තම සේවාදායකයන් රුපියලක තරම් හෝ මුදලක් වංචා කර ලබා ගෙන නැති බවත් අධිකරණයට ප්‍රකාශ කළ නීතිඥ මඬුල්ල සැකරුවන්ට ඇප ලබා දෙන වාචිකව දීර්ඝ ලෙස කරුණු දක්වමින් සිදු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීම ඉදිරි දින ලිඛිතව සිදු කරන ලෙස දන්වා සිටියාය.

තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගාමිණී සේදර සෙනරත් මහතා ඉකුත් (09) වනදා අධිකරණයට භාරවීමට තමන් සූදානමින් සිටින බව පසුගිය 06 වනදා නඩුව කැඳවු අවස්ථාවේදී නීතිඥවරයෙකු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියද එදින අධිකරණයට පැමිණ ප්‍රකාශයක් සිදු කිරීමට අවසර ඉල්ලා සිටියද එම ප්‍රකාශය සිදු කිරිමට මහේස්ත්‍රාත්වරිය ඉඩ ලබා දුන්නේ නැත.

(ස්තූතිය දිණමින)

---------------------------
by     (2017-11-14 07:01:32)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  4 discussion on this news

සතයක්වත් වංචා කරල නැති එක ඇත්ත! .....සත ගණන් වලින් හොරකං කරල නීතිඥ මඬුල්ලට ලක්ෂ ගනන් වලින් ගෙවන්න පුළුුවනෑ! ...මොකෝ හොරකං කරපු සල්ලියි කියල ඤාව් ඤාව් ගානවැය......
-- by සිංහලේ on 2017-11-14

පාස්පෝට් කාර්යාලෙ කටයුතු පරිගණක ගත කරාට පස්සෙ ඒ සියල්ල බාරව හිටියෙ ගාමිණී සෙනරත්. ඒ කාලෙ පිටස්තර පුද්ගලයන් විශාල වශයෙන් ව්‍යාජ පාස්පෝට් සකස් කලා. පාස්පෝට් කටයුතු පරිගණක ගත කිරීමත් එක්ක පිටස්තරව සැකසුනු හොර පාස්පෝට් නැවතිලා ඒ සියලු කටයුතු පාස්පෝට් කාර්යාලය තුලදීම සිද්ධ වෙන්න පටන් ගත්තා.ගාමිණී සෙනරත්, හිටපු ජනාධිපති ලේකම් බණ්ඩාර ඇතුලු පිරිසක් කෝටි පතියො බවට පත් වුනා.
-- by රංජිත් on 2017-11-14

We salute the Lady Magistrate for her brave Order. But no sooner the Government's top portfolios will persuade immediate action to safeguard Rajapaksa culprits.
-- by mahandra on 2017-11-14

අර හුත්තිගෙ කහකඩයො දෙන්නෙක අර හොරැ ටික ඇස්කොට් කරගෙන යන්නෙ මොකද? ඕකුන් දෙන්නත් මුංගෙම කූඩුවට එබුනම් තමා හරි.
-- by silva on 2017-11-14

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more