නිල් ගෙම්බෙක් බුරයි..! ජනාධිපතිට කඩේ නොයන මාධ්‍ය පමණක් නොව පුද්ගලයන්ට පවා රතු ලේබල් ගසා වාරණය කළ යුතුයි (Video)

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.14, පෙ.ව.5.10) මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ වැඩ සටහන් වලට ප්‍රචාරයක් නොදේනම් හෙවත් සිරිසේන වෙනුවෙන් කඩේ යන්නේ නැතිනම් එම මාධ්‍යට පමණක් නොව පුද්ගලයන්ට පවා රතු ලේබල් ගසා වාරණය කළ යුතු යයි ශ්‍රීලනිප මාතර දිස්ත්‍රික් සංවිධායක නලින් රණවීර නමැත්තා හදිසියේම ඊයේ (13) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කර තිබේ.

ඒකාධිපතියෙක් වත් නොකියන තරම් මෝඩ කතා කියමින් නීති මදි නම් ටීආර්සීය විසින් නව නීති හදා හෝ වෙබ් මාධ්‍ය මර්දනය කළ යුතු යැයි පවසයි. නීති හදන්නේ පාර්ලිමේන්තුවේ මිස ටීආර්සියේ නොවන වග වත් මේ හාදයා නොදනී. 

ශ්‍රීලනිපයේ කිසිවෙකුටවත් හොරකම් චෝදනා නැතැයි කියන නලින් රණවීර ජනාධිපති මිස වෙන නායකයන්ට ඉඩක් නැති බවද කියයි. සිරිසේන මහතා නැතිනම් යහපාලන ආණ්ඩුවක් නැතැයිද අගමැතිවරයෙක් නැතැයිද හේ උදම් අනයි. 

ජනාධිපති සිරිසේනගේ මාධ්‍ය මර්දනය සාධාරණය කරන ඔහුගේ ගෝලයාගේ අපූරු වීඩියෝව පහතින් බලන්න 

---------------------------
by     (2017-11-14 00:00:37)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more