සල්ලි නැතැයි විල්ගමුවේ වකුගඩු රෝගී පවුල් 2470 කට බොන්න වතුර නෑ: රෝගීන් 25 කට වැඩිය මැරිලා

- විල්ගමුව හිටපු සභාපති ජයන්ත වීරසේකර

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.13, ප.ව.10.45) මේ තරම් වැහි ඇද හැලෙද්දීත් විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වකුගඩු රෝගී පවුල් 2470 උග්‍ර පානීය ජල ගැටළුවකට මුහුණ දී ඇතැයිද මේ මාසයේ දී වකුගඩු රෝගීන් 25 කට අධික පිරිසක් මිය ගොස් ඇතැයිද විල්ගමුව ප්‍රාදේශිය සභා හිටපු සභාපති ජයන්ත වීරසේකර (එජනිස) මහතා පවසයි.

ප්‍රදේශයේ ක්‍රියාත්මක ගිංගඟ ජල යෝජනා ක්‍රමය අවසන් වන තුරු විල්ගමුව කොට්ඨාශයේ ජලය ලබාදීමේ ටැංකි තුන්සීයයක් ස්ථාපිත කර ඇති බවත් මේ වන විට දින 15 ක සිට පානීය ජලය ලබා නොදීම හේතුවෙන් වකුගඩු රෝගීන් දැඩි පීඩාවට පත්ව ඇතැයි හිටපු සභාපති වරයා අද (13) සඳහන් කළේය.

විල්ගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කුඹුකන්දන, කුඹුක් ඔය, විහාරගම, හඳුන්ගමුව, ගැඹුරු ඔය, ඉහල ගල සහ අලියාවල ඇතුළු ගම්මාන 15 ක ජනතාවට මීට පෙර විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පානීය ජලය බෙදා හැරි බව ජයන්ත වීරසේකර මහතා සඳහන් කළේය.

විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වකුගඩු රෝගීන් බහුලව සිටින කොට්ඨාශයක් ලෙස හඳුන්වන බවත් හඳුනාගත් රෝගීන්ට වඩා හඳුනා නොගත් වකුගඩු රෝගීන් විශාල සංඛ්‍යාවක් තවමත් විල්ගමුව කොට්ඨාශයේ සිටින බවත් හෙතෙම සඳහන් කළේය.

පසුගිය දිනවල බවුසර් දෙකකින් හා ට්‍රැක්ටර් හතරකින් ජලය බෙදා හැරීම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදුකළ බවත් එය ද මේ වන විට දින 15 ක් තිස්සේ සම්පූර්ණයෙන් ඇනහිට ඇති බව ද හිටපු සභාපති වරයා කියා සිටියේය.

මේ මාසය තුළ විල්ගමුව කොට්ඨාශයේ වකුගඩු රෝගීන් 25 ට අධික පිරිසක් මියගොස් ඇති බවත් පිරිසිදු ජලය ටැංකි මගින් ලබාදීම නැවතී ඇති හෙයින් වකුගඩු රෝගීන් සඳහා ජලය නොලැබෙන බව ද ජයන්ත වීරසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

විල්ගමුව කොට්ඨාශයේ පවතින පානීය ජල ගැටළුව සම්බන්ධයෙන් විල්ගමුව ප්‍රාදේශ ලේකම් නිශාන්ත දිනිප්‍රිය මහතාගෙන් ද විමසීමක් කළ අතර එහි දි ඔහු කියා සිටියේ ජලය බෙදා හැරීම සඳහා මුදල් ප්‍රතිපාද ලැබීමේ ප්‍රමාදයක් හේතුවෙන් මම තත්ත්වය උද්ගතව ඇති බවයි.

ජලසම්පාදන අමාත්‍යංශ පානීය ජලය බෙදා හැරීම සඳහා මුදල් ලබාදෙන බවත් නියඟයෙන් පිඩාවට පත් පවුල් සඳහා ආපදා කලමණාකරණ ඒකකයෙන් ද මුදල් ලබාදීම් සිදුවු බවත් නිශාන්ත දිනිප්‍රිය මහතා සඳහන් කළේය.

මේ වන විට බවුසර් පහක් යොදාගනිමින් ජලය බෙදා හරින බවත් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලැබුනු පසු සියළු ප්‍රදේශ ආවරණය වන පරිදි ජලය නිකුත් කළ හැකි බව ද ඒ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කෙරෙන ආයතන වලට දැනුම්දී ඇති බව ද ප්‍රාදේශිය ලේකම් නිශාන්ත දිනිප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

නාඋල - ඉන්දික අරුණ කුමාර

---------------------------
by     (2017-11-13 18:37:29)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more