රු. බිලියන 4 ක් මහජන මුදල් වංචා කළ ගාමිණී සෙනරත් වැන්නෙක් සමග කිසිදු සම්බන්ධතාවයක් පැවැත්වීමට මට අවශ්‍ය නෑ - අසත්‍ය චෝදනාවලට සාගලගෙන් පිළිතුරු

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.13, ප.ව.7.30) දස වසරක් පුරා පැවති පසුගිය පාලන සමය තුළ මහා පරිමාණ  දූෂිත ක්‍රියා කිරීම සඳහා පෙරමුණ ගෙන සිටියේ පාලකයන්ට හිතවත් සුළුතර කල්ලියක් බව ප්‍රසිද්ධ කරුණකි.

එම පාලනය පෙරළා දැමීම සඳහා 2015 ජනවාරි 08 වැනි දින හැට දෙලක්ෂයක ජනතාව පෙරට පැමිණියේ එම දූෂිත ක්‍රියාකලාපය අවසන් කිරීම කාලීන අවශ්‍යතාවක් වූ බැවිනි. ඒ සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන ලද්දේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ  අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් සහ ඔවුන් වටා ඒකරාශී වූ බලවේග විසිනි.

යහපාලන රජයත්, එය නියෝජනය කරන ඇමතිවරුන් වන අපත් බලයට පැමිණියේ මෙම සියලු දූෂිත ක්‍රියා පුළුල්ව විමර්ශනය කොට වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබා දෙන පොරොන්දුව මතය.

මේ ක්‍රියාවලිය තුළ නීතිය සහ සාමය භාර අමාත්‍යවරයා වශයෙන් මා වෙත සුවිශේෂ වගකීමක් පැවරෙන අතර, මේ මොහොත වන තුරුත් මම එය නොපිරිහෙළා ඉටු කරමි.

කුමන බාධක සහ අභියෝග පැමිණියත්, පොලිස් දෙපාර්තමේන්තුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානීන් සහ නිලධාරීන් සමග, ඇමතිවරයා වන මමද එම කාර්යභාරයට උරදී සිටිමි.

රුපියල් බිලියන 4 ක මහජන මුදල් වංචා කළ බවට චෝදනා ඇති හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මා හමුවූ බවට හැඟවෙන පරිදි ඇතැම් මාධ්‍යත්, සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවිත් පුවත් පළ කරන්නේ මෙබඳු පසුබිමක් තුළය.

එය සහමුලින්ම පදනම් විරහිත, අසත්‍ය සහ ද්වේශ සහගත චෝදනාවකි. මහා පරිමාණ දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ඇති ගාමිණි සෙනරත් වැන්නෙකු හමුවීමටත්, එවැනි අයෙකු සමග ගනුදෙනු පැවැත්වීමටත් මා හට කිසිදු අවශ්‍යතාවක් නැති අතර එබඳු ගනුදෙනු වලින් මට ලබා ගැනීමට දෙයක්ද නැත.

එමනිසා මෙම අභූත චෝදනාව පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන අතර මේ පිටුපස සිටින්නේ සැඟවුණු දේශපාලන න්‍යායපත්‍ර සහිත ඉතා සුළු පිරිසක් පමණක් බව මගේ විශ්වාසයයි.

ඔවුන් ගැන මට ඇත්තේ අනුකම්පාවක් පමණක් බවද අවසන් වශයෙන් ප්‍රකාශ කරනු කැමැත්තෙමි.

සාගල රත්නායක

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය             

---------------------------
by     (2017-11-13 14:02:52)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

In the number 1182541, what is the 1st digit?

  5 discussion on this news

අනේ සාගලයො නිකන් කොලේ වහල ගහන්ඩ එපා බං. අපිට මාධ්‍ය සාකච්චා, නිවේදන, චුරැචුරැ ගෑවිලි වලින් වැඩක් නෑ. මුන්ට දඬුවම් දීල විතරක් ඇත්ද? යකෝ උඹල අපිට රාජපක්ෂ බද්ද කිය කියා හතර වටේට බදු ගහන්නෙ උඹලගෙ මොකක් හරි කෙෂ්රැකා අවුලක් තියෙනවද හොරකං කරපු සල්ලි ටික නැවත හොයාගෙන ඒව රටේ සංවර්ධනයට යොදා ගෙන, රාජපක්ෂ නය ගෙවන්ඩ යොදාගෙන අපිව මේ බදු කරැමෙන් නිදහස් කරන්ඩ බැරි වෙන්ඩ? උඹලගේ ඔය බොරැ පඩ සහ ඇඬියාවල් අපට දැං අහලම දැකලම අප්පිරිය වෙලා. අර ප්‍රංසෙ උනා වගේ වෙනත් පිලිගත හැකි අලුත්ම විකල්ප දේශපාලන නායකත්වයක් ඉදිරියට ආවොත් අම්මප තොපි ඔක්කොගෙම මෝට හුකෝලයි පස්ස බලන්නෙ. තොපි දකින කොට දං අපේ ඇගේ මාලු නටනව. මහින්දය එලෝපු අපිට දැං හිතෙන්නෙ කැහි ගෑනි දීල හොටු ගෑනි ගත්ත කියලයි. තූ නොදකිං මෙහෙමත් කරැමයක්. මේ පුංචි රට හරියට පාලනය කරගන්ඩ පුලුවං පිරිමි ටිකක් නැතිව ගියානෙ.
-- by silva on 2017-11-13

Oya baba... Pau
-- by Lion Comment on 2017-11-13

Bullshit Sagala is the culprit who is defending all corrupted Rajapaksa's, no doubt with the blessings of UNP leadership.
-- by mahinda on 2017-11-13

දවල් මිගෙල් රෑ දනියෙල්
-- by බැසිල් on 2017-11-15

සාගල, අගමැති ආරක්ෂක අංශෙ නිලධාරීන් හා වාහන පාවිච්චි කරන උඹත් දූෂිතයෙක්, ඒක නිසා තමයි මේ හොරුන් උඹල විසින් ආරක්ෂා කරන්නෙ!
-- by සිංහලේ on 2017-11-15

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more