මෛත්‍රී හොරු සමග හෙලුවෙන්..! වැලිගමදී අතේ මාට්ටු..!!

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.13, ප.ව.2.10) ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමා හොරුන්ට විරුද්ධ බවත් හොරු සමග කටයුතු කරන්නේ සහ හොරු ආරක්ෂා කරන්නේ එජාපය බවත් දිව හැලෙන තරමින් කෑ ගසා කීවද හොරු සමග එක්ව කටයුතු කරන්නේ ශ්‍රීලනිපයේ මෛත්‍රීගේ කණ්ඩායම බව ඊයේ වැලිගම සිද්ධියෙන් මොනවට ඔප්පු විය.

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ දී මෛත්‍රී පිළ හතර වැනි තැනට වැටීමේ අවදානමක පවතින බැවින් (ජවිපෙටත් පහළට වැටීමේ අවදානමක් පවතී) ඔවුන් රාජපක්ෂ හොරු සමග එක්ව තරඟ කිරීමට හොර රහසේ තැන තැන සාකච්ඡා කරන නමුත් මෙතෙක් පවසා සිටියේ තමන් තනිවම ශ්‍රීලනිපයේ අත ලකුණ යටතේ තරඟ කරන බවයි. 

නමුත් ඊයේ වැලිගමදී බළලා මල්ලෙන් එළියට පැන්නේ ය. වැලිගම මෛත්‍රීගේ ශ්‍රීලනිප සංවිධායක වරයා වන හේමාල් ගුණසේකර හිටපු ඇමැතිවරයා කියා සිටියේ වැලිගම දී අත ලකුණ දරණ ශ්‍රීලනිපය සහ රාජපක්ෂ හොරුන්ගේ පොහොට්ටු කණ්ඩායම එම ලකුණු දෙකම අතහැර වෙනත් පොදු ලකුණකින් ස්වාධීන කණ්ඩායමක් සේ එක්ව තරඟ කිරීමට සම්මුතියකට පැමිණි බවයි. මොහුට මෙවැනි තීන්දුවකට තනියම පැමිණිය නොහැක. ඒ සඳහා මෛත්‍රීගේ අනුමැතිය තිබිය යුතුම ය. 

ජනතා විමුක්ති පෙරමුණටත් පහලට වැටේදෝ යි ලඟ ලඟ එන පරාජයෙන් ගිනි කණ වැටී සිටින ශ්‍රීලනිපයේ මෛත්‍රීගේ කණ්ඩායමට දැන් ඇති එකම වැලේ වැල මෙය පමණකි. 

මේ සිද්ධියත් සමග හොරු සමග ලගින්නේ කව්දැයි රටට අපූරුවට හෙළිදරව් වී ය.

මීට පෙරද මෛත්‍රී ගේ මවුත් පීස් එක සේ ප්‍රකාශ කරන විජිත් විජිතමුනි සොයිසාද හොරු සමග එකතු වෙන හැටි විලි ලැජ්ජාවක් නැතිවම ප්‍රකාශ කර තිබිණ. 

ඒ නම් රාජපක්ෂලා සමග එක්ව තරඟ නොකළද ඡන්දයෙන් පසු පළාත් පාලන ආයතනය පිහිටුවීමේ දී ශ්‍රීලනිපයේ මෛත්‍රීගේ කණ්ඩායම ප්‍රථමයෙන් සාකච්ඡා කරන්නේ රාජපක්ෂලාගේ පොහොට්ටු කණ්ඩායම සමග බව හේ පැවසීය. එජාපය සමග ආයතනය පිහිටුවීම ගැන කතා කරන්නේ එසේ නොහැකි වුවහොත් පමණක් යැයි ඔහු පසුගියදා මාධ්‍ය හමුවකදී ප්‍රසිද්ධියේම කීවේ ය.

ඉනුත් තහවුරු වන්නේ මෛත්‍රීගේ ශ්‍රීලනිප කල්ලිය රාජපක්ෂ හොරු කල්ලියත් සමග එක්වීමට කිසිදු පැකිලීමක් නොමැති බව ය. 

මොවුන් යහපාලනය සඳහා සම්මුති ආණ්ඩුවක සිටින බව කියමින් කරන්නේ පට්ට පල් බොරුවකි. දන්නා හෝ අවශ්‍ය හෝ යහපාලනයක් මොවුනට නැත. යහපාලනයට එක හෙළා විරුද්ධව ක්‍රියා කරන්නේ කව්දැයි ජනාධිපතිවරයාගේ නියෝග මත ලංකා ඊ නිව්ස් තහනමින්ම හෙළි වී තිබේ. දැන් වත්මන් ආණ්ඩුව ලෝකයාට තව දුරටත් තමන් යහපාලනයක් ගෙන යනවා යයි කීමට රෙදි ඇඳගෙන නම් නොහැකිය. සමස්ථ ආණ්ඩුවක් එතැනට ඇද දැම්මේ කව්ද? ජනාධිපතිවරයා වුවහොත් නිර්පාක්ෂිකව කටයුතු කරන බවට දස අතේ පොරොන්දු වී ඡන්දයෙන් ජය ගෙන ජනාධිපතිවරයා වී පැය 48 ක් තුල එම පොරොන්දුව බිඳ දැමූ පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන නමැති වංචනික ජනාධිපතිවරයා මිස අනෙකෙක් නොවේ. 

---------------------------
by     (2017-11-13 08:59:28)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

If a person is called Chris, what is their name?

  5 discussion on this news

මග හිටියත් සිරා නහී, ගෙදර ගියත් සිරා නහී!
-- by latha on 2017-11-13

ජනාධිපතිකම අරන් දෙන්න මුල් වුනු බලවේග දුරස් කලොත් ළඟ ඉන්න හතුරන් බලවත් වෙලා සිරිසේන ගැන බලා ගනීවි, ඒ අඩුව පුරවන්න මරාල ලං කර ගත්තොත් ඔවුනුත් සිරිසේන ගැන බලා ගනීවි!
-- by චක්කු on 2017-11-13

සොයිසලාට ගුණසේකරලට සිරිසේන එක්ක ලැග්ගත් මරා එක්ක ලැග්ගත් ඒකෙ වෙනසක් නෑ.
-- by බැසිල් on 2017-11-13

යහපාලනයට එක හෙළා විරුද්ධව ක්‍රියා කරන්නේ කව්දැයි ජනාධිපතිවරයාගේ නියෝග මත ලංකා ඊ නිව්ස් තහනමින්ම හෙළි වී තිබේ. දැන් වත්මන් ආණ්ඩුව ලෝකයාට තව දුරටත් තමන් යහපාලනයක් ගෙන යනවා යයි කීමට රෙදි ඇඳගෙන නම් නොහැකිය. සමස්ථ ආණ්ඩුවක් එතැනට ඇද දැම්මේ කව්ද?
-- by රංජිත් on 2017-11-13

මෛත්‍රිපාල සිරිසේන කියන මේ ගොබ්බ හාල්පාරැ කැඳයා ගැන මම මුල ඉඳලම කිව්වෙ මේක තමයි. අනික් හැම ශ්‍රී ලංකා කාරයෙක් වගේම මූත් කිසිම ප්‍රතිපත්තියක් නැති, උගත්කමක් නැති, දර්ශනයක් නැති දේශපාලන අපතයෙක්. මුන්ට කියන්නෙ වහල්ලු කියල. මූ මහින්දයගෙ වහලෙක්. මූ මහින්දයගෙ වහල් තෙල් බීල නාල කාල ඉන්නෙ. මුගෙ නහර දිගේ දුවන්නෙ වහල් භාවයේ ඉස්පිරිතුවය. මහින්දයා යුද්ධය අවසන් කල පසු මු ඔය බෙලෙක්ක කඩහඬින් උෟට ප්‍රශස්ති ගයපු හැටි අපට නම් තවම මතකය. මේකාගේ පරන පිනකට පොදු අපේක්ෂකයා හැටියට තෝරාගත් නිසා රනිල්ගේ චන්ද ටික මූට වැටුනා. මේකාට මිනිස්සු චන්දය දුන්නේ මුගේ ජනාධිපතිකම් කිරීමට ඇති සුවිෙශ්ෂි හැකියාවකට හෝ වෙනත් දක්ෂ පක්ෂ කමකට නොව, ජයග්‍රහනය සඳහා තීරනාත්මක මෝඩ බයියන්ගේ චන්ද ටික ලබා ගැනීමට බයියෙක් අවශ්‍ය වු නිසාය. මේකා බයිකමේ සහ ගොංකමේ පනහට පනහේ හුටමෙක් නිසා, රටේ හැමෝගෙම ජනාධිපති වි හැමෝගේම ගෞරවයට ලක්වි රටට විශාල සේවයක් කර ඉතිහාසගත වීමට තිබූ අවස්ථාවට ජනාධිපති වී දින 3 න් සරම ඉස්සුවේය. එක්සත් ජාතික පාක්ෂිකයන් රනිල් කිව්වත් නැවත කිසිදින මූට හෝ මුගේ පක්ෂයේ උන්ට චන්දය නම් දෙන්නේ නැත. ඒ වාගේම මුං එක්ක කිසිදින නැවත සංධාන ගතවිමක් නැත. ඒ වගේම මහින්දගේ චන්ද කිසි දිනකට මූට වැටෙන්නේද නැත. මූ දේශපාලන අනාථභාවයට තමන් විසින්ම පත්වී ඇත. මේකා අපේ රනිල් දැම්ම මිනිහා නිසා අපි කිසි දිනක මේකව මේතරම විවේචනය කිරීමට නොසිතුවෙමු. අපි මේකාගෙන් බලා පොරොත්තු උනේ මුගේ බයි ගතිය අයින් කරගෙන එජාපයේ ඇති දියුනු දේශපාලන සංස්කෘතිය සමග අත් අල්ලා ගෙන අපේ එකෙක් ලෙස අපගේ පිලිගැනීමට ලක් වෙයි කියාය. නමුත් ආරේ ගති නෑරේ කිව්වා සේ මේකා හූ තියන්ඩ ගත් විට නරියෙක් බව අපි තේරැම් ගතිමු. යහ පාලන සංකල්ප හරියට ක්‍රියාත්මක ඉදිරි රජයක් යටතේ, සංඛාත මගඩි, යුධ නැව් මගඩි, අල්ලස් මගඩි, ෙෆ්වරිටිසම් ආදි වැරදි යටතේ මේකා හිරේ නොගියොත් දේශපාලන කුනු බක්කියට වැටෙන බව නම් ඉර හඳ වාගේ නිශ්චිතය. එජාපයේ දියුනු දේශපාලන සංකල්ප මුං වගේ නූගත් බයියන්ට නොතේරේ නොදිරවයි. මුන්ට දිරවන්නේ මහින්දලාගේ කුනු රසය පමනි.
-- by silva on 2017-11-13

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more