බුදු දහමට නිගා කරන ඵෛතිහාසික දීඝවාපි රජමහ විහාරස්ථාන නව විහාරාධිපතිගේ දූෂිත ක්‍රියාවලින් බිඳක් මෙන්න

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.12, ප.ව.1.45) අපවත් වී වදාළ දීඝවාපී රජමහ විහිරාධිපති තැන්පත් නන්නපුරාවේ බුද්ධරක්ඛිත හිමිපානන්ගෙන් පසු නව විහාරාධිපති මහඔය සෝභිත හිමි නමට අයිතිය පැවරී ඇත. එවකට දීඝවාපී විහාරස්ථානයට අක්කර 12500 ක් තිබී ඇති නමුත් අද වන විට අක්කර 600 ක් දක්වා හීන වී ඇති අතර, මෙම අක්කර 600 න් අක්කර 300 කින් පමණ විහාරයට ගලා එන අධාර මුදල් වලට සිදුවන්නේ කුමක්දැයි යන වග බුද්ධශාසන අමාත්‍යංශයෙන් හෝ කිසිදු රජයකින් මෙතෙක් සොයා බලා නැති අතර, ලිපිය ඉදිරියට කියවා බලා කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

කාලයක් පුරා මිත්‍යාවේ ගිලී සිටි මිනිසුන් අවදි වී ඇත. දීඝවාපී විහාරයට අයත් ඉඩම්වලින් කුඹුරු අක්කර 300 ක් පමණ විහාරාධිපතිට හිතවත් කිහිපදෙනෙක් අතර, බෙදී යාමට සලස්වා ඇත. (පොලිස් නිළධාරීන් ඇතුලුව විහාරාධිපතිගේ වන්දිබට්ටයන් ස‍ඳහා) එමගින් එන වාර්ශික ආදායම රු.මිලියන 3 ක් පමණ වේ. පාසල් නිවාඩු සමයේදී හා සතිඅන්ත නිවාඩු දින වලදී වන්දනාවේ එන බැතිමතුන්ගෙන් ලැබෙන ආධාර මුදල් සහ නවාතැන් පහසුකම් සඳහා දිනකට ලැබෙන ආදායම රු. 80,000.00 ක් ඉක්මවන අතර, සාමාන්‍ය දිනයකදී රු. 15000.00 ක මුදලක් ලැබෙනු ඇත. එවිට ආදායමද වාර්ෂිකව මිලියන 8 ක් පමණ ය. එපමණක් නොව පුරාවිද්‍යා රක්ෂිතව පවතින මෙම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් හට ගොඩවැලි කැපීමට ඉඩදීම, ඩෝසර් යොදා ගනිමින් මහා පරිමාණ ලෙස වනය විනාශ කරමින් කුඹුරු ඉඩම් සැකසීම, පන්සල් භූමිය තුළ ව්‍යාපාරික ගණයේ ගඩොල් කැපීම, රජයෙන් නොමිලයේ ලැබෙන ජලය හා විදුලිය අවභාවිතා කරමින් දීඝවාපී දේවාලයේ වගා කටයුතු සඳහා මහා පරිමාණ විදුලි පොම්ප භාවිතා කරමින් මහා පරිමාණ වී ගොවිතැන්වලින් වාර්ෂිකව ලැබෙන ආදායම රු. කෝටි දෙක ඉක්මවයි. රජයේ දේපළ තම පුද්ගලික සුඛ විහරණය සඳහා ගම්මුන් ඉදිරියේ පරිහරණය විමිතියට කරුණකි. තවද මෙම පන්සල් භූමිය තුළ ප්‍රමිතියෙන් තොර ගඩොල් කපා දීඝවාපී චෛත්‍යය සෑදීම සඳහා ලබා ගන්නා ලෙස විහාරාධිපති විසින් එම ස්ථානයේ රාජකාරී කරනු ලබන පුරාවිද්‍යා නිළධාරීන් හට මේ වන විට සියල්ල සුදානම් කර ඇත.

මේ සියලු කටයුතු සඳහා සේවයෙන් නෙරපා ඇති පොලිස් නිළධාරීයෙක්ද සෘජුවම විහාරාධිපති සමග සම්බන්ධ වී විහාරස්ථානයට ලැබෙන ආධාර මුදල්වලින් තමාගේ පවුල් පාලනය සහ වන්දි බට්ටයන් සඳහා එම මුදල් අති සුඛෝපභෝගී වාහන හා ජීවිතයක් ගත කරනු ලබයි. ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණ සමයේදී ආරක්ෂාව සඳහා පොලිස් නිළධාරීන් දෙදෙනෙකු එවකට සිටි විහාරාධිපති හට ලබා දී ඇත. දැන් සාමකාමී වාතාවරණයක් පවතින වකවානුවක් වුවද පොලිස් නිළධාරීන් තවමත් ලබා දී ඇත. ඔවුන් සිදු කරන්නේ විහාරාධිපති විසින් පන්සල් භූමියෙන් කිසිදු බදු මුදලක් අය නොකර ඔවුනට ලබා දී ඇති කුඹුරු අක්කර දහයක් පමණ වැඩ කිරීමයි. රජයේ මහජනතාවගෙන් බදු මුදල් වලින් වැටුප් ලබන ඔවුන් උදේ 08.00 ට පැමිණ රාජකාරී කාලය තුළ කුඹුරුවලට ගොස් එහි වැඩ කටයුතු පමණක් සිදු කරනු ලබයි.

ගරු පොලිස්පති තුමණි, දීඝවාපී රජමහ විහාරස්ථානයේ පොලිස් මුරපොලක් තිබියදී විහාරාධිපතිගේ ආරක්ෂාවට යැයි පවසමින් පොලිස් නිළධාරීන් හා සිවිල් ආරක්ෂක බලකායට අයත් නිළධාරීන් යොදවන්නේ නම් එය රජයේ මුදල් අවභාවිතාවක් නොවේද..? රාත්‍රී කාලයට පැමිණ සුරාවෙන් මත්වෙන පොලිස් නිළධාරීන්  කම්සැප සොයා සැරි සරන්නේ නිශාචර සත්වයන් මෙනි. මේවට වග කියන්නේ කවුරුන්ද?

ගරු සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මැතිතුමණි, සිවිල් ආරක්ෂක බලකායට අයත් භටයන් දෙදෙනෙකු එහි විහාරාධිපතිගේ වන්දි බට්ටයන් වන අතර, ඔවුන් දෙදෙනා විසින් සිවිල් ආරක්ෂක බලකාය විසින් කරනු ලබන පාඨමාලාවන්වලට මාසික පවත්වනු ලබන පුහුණු සැසිවාරයන් හට ද සහභාගී නොවන අතර, සමහර දිනයන්හීදී පොතට පමණක් අත්සන සීමාකර විහාරාධිපතිගේ පුද්ගලික වැඩ හා ඔවුන්ගේ කුඹුරුවල වැඩ කරමින් සිටිති. මේ වනතෙක් බලකාය වෙතින් ලබාදෙන නිළ ඇදුමක්වත් අදින්නේද නැත. මෙය ඔබතුමා දැනුවත් වීමෙන් කරන්නක්ද? මොවුන් දෙදෙනා වසර 10 කට අධික කාලයක් සේවය කරන අතර, ටී/71077 එන්. ඒ. ගාමිණී කුමාර හා ටී/56620 එම්. පී. චමින්ද කුමාර යන දෙදෙනා හැර වෙනත් භටයන් මෙහි ආදේශ නොකරන්නේ කිනම් කරුණක් නිසා ද?

විහාරයේ සිට ගම්මානයට කි.මී. පහක් පමණ දුරින් වන අලි උවදුර පවතී. වන්දනා පිරිස්වලට මෙය තර්ජනයක්ව පවතින්නේ දැඩි අන්ධකාරය නිසාවෙනි. කොපමණ ආධාර මුදල් ලැබුනත් විහාරාධිපතිට වීදී ලාම්පුවක් දැමීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැත. දීඝවාපී ජනතාව එල්ටීටීඊ ත්‍රස්ත ග්‍රහණ සමයේ සිට වගා කිරීම් සඳහා කුඹුරු ඉඩමක් නොමැති අතර විහාරස්ථානයට අයිති සියලු කුඹුරු විහාරාධිපතිගේ වන්දිභට්ටයන් සහ පොලිස් නිලධාරීන් හට ලබා දී ඇත.

උපාසක උපාසිකාවන්ගේ ගෞරවයට හා වන්දනාවට පාත්‍රවන බෞද්ධ ශාසනයේ භික්ෂුන් වහන්සේ නමකට දීඝවාපී ජනතාව නොපිරිහෙලා සිව්පසයෙන් ඇප උපස්ථාන කරනු ලබන නිසා බෞද්ධ විනයේ සඳහන් වන පරිදි භික්ෂූන් වහන්සේ නමකට මුදල් පරිහරණය කිරීම අකැප වන්නේයෙ. වත්මන් සමාජයේ ජීවත් වන්නට මුදල් අත්‍යවශ්‍යය. එසේ වුවද සිව්පසයෙන් හා සංචාරක ජනතාවගෙන් ලැබෙන මුදල් පරිහරණය කිරීම සාධාරණ යැයි සිතුවද අයථා ලෙස මෙලෙස මුදල් හම්බ කිරීම සහ ඒවා අපහරණය කිරීම තව කොතෙක් කල් බලා සිටින්නද? මේවාට වග කියන්නේ කවුරුන්ද? 

දීඝවාපී බෞද්ධ ජනතාව

පිටපත් 
1. අතිගරු  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
2. බුද්ධ ශාසන කටයුතු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම මැතිතුමා
3. නීතීය සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා
4. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා
5. ජනාධිපති ලේකම්තුමා
6. බුද්ධශාසන ලේකම්තුමා
7. බුද්ධශාසන අධ්‍යක්ෂක ජෙනරාල්තුමා
8. පොලිස්පති තුමා
9. සිවිල් ආරක්ෂක බලකායේ  අධ්‍යක්ෂක චන්ද්‍රරත්න පල්ලේවෙල මැතිතුමා
10. ලංකා ඊ නිව්ස් කර්තෘ තුමා.

---------------------------
by     (2017-11-12 13:15:51)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

ඉස්සර ඕවට මරා සරණ ගියා, දැන් ඕවට සිරා සරණ යනවා.වැඩේ ගොඩ!
-- by latha on 2017-11-12

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more