පුදුමයි ඒත් ඇත්තයි..! මුහුද අඩි 5 කින් ඉහළ නගී..!!

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.12, පෙ.ව.10.45)  මුලතිව් හා යාපනයේ කෝපායි ප්‍රදේශයේ මහමුහුදේ ජලය පෙර තිබූ තත්ත්වයට වඩා අඩි 5 කින් පමණ උස්වී ඇතැයි එම ප්‍රදේශවල ධීවර ජනතාව වගකිවයුත්තන්ට 11 දා දැණුම් දී තිබේ.

ඔවුන් පවසන්නේ යාපනයේ කෝපායි ප්‍රදේශයේ මුහුදේ ජල මට්ටම අඩි 4.5 කින්ද,මුලතිව් මුහුදේ ජල මට්ටම අඩි 5 කින්ද උස් වී ඇති බවයි.

බියට පත් ජනතාව මේ පිළිබදව බලධාරීන්ට දැණුම් දී තිබුණේ හදිසි සුනාමි තත්ත්වයක් ඇතිවේ යැයි යන බිය හේතුවෙනි.

යාපනයේ හා මුලතිව් පළාතේ ආපදා කලමනාකරණ මධ්‍යස්ථාන වලටද මෙම හදිසි තත්ත්වය දැණුම් දී ඇති අතර ඔවුන් මුහුදු ජලය වැඩිවීම සුනාමි තත්ත්වයක් නොවන බවට සනාථ කොට තිබේ.

හදිසියේම මුහුදේ ජල මට්ටම ඉඅහල යාම දැක ගැනීම සදහා එම පළාත්වල වැසියන් මහවැසි මැද මුහුද අසලට පැමිණ සිටි අන්දම ඡායාරූපයේ දැක්වේ.

දිනසේන රතුගමගේ

---------------------------
by     (2017-11-12 06:46:19)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

The 2nd colour in wine, yellow and purple is?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more