මුදල් ඇමතිගේ ‘ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්‘ මන්ත්‍රීගේ ඔළුවට බේරේ: මන්ත්‍රී කුඩයක් ඉහලා ගනී

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.12, පෙ.ව.10.35) පසුගිය අයවැයේ දී මුදල් ඇමැතිවරයා ඉතා ඉහලින් කතා කෙළේ ලංකාවට ‘ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්‘ හෙවත් කෘතිම බුද්ධිය, රොබෝ තාක්ෂනය ගෙන එන හැටි ගැනය. නමුත් පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රාථමික පාසලක රැස්වීමක් පවත්වද්දී වැස්සක් කඩා වැටීමෙන් ගොඩනැගිල්ලේ වහලය අතරින් ‘ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්‘ මන්ත්‍රීගේ ඔළුවට බේරෙන්නට පටන් ගැනීම නිසා ඔහුට කුඩයක් ඉහලා ගන්නට සිදු විය. මේ සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් වාර්තාකරු දිනසේන රතුගමගේ ගෙන එන වාර්තාව මෙසේය.

වවුනියාවේ ගණේෂපුරම් විනයාගර් ප්‍රාථමික පාසලේ පැවති උත්සවයක් සදහා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා 11 දා පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට අපූරු අත්දැකීමකට මුහුණ දීමට සිදුවුණි.

උත්සවය ආරම්භ කොට ස්වල්පවේලාවකින් මහ වැස්සක් ඇදහැලීමත් සමගම විද්‍යාලයේ තිබූ හොදම ශාලාවේ උළු වහලයෙන් ජලය බේරී මන්ත්‍රීවරයා තෙමෙන්නට විය.

වහාම ආරක්ෂකයින් පිරිසක් කුඩ ඉහලා මන්ත්‍රීවරයා වැස්සෙන් බේරා ගන්නට උත්සහ කරද්දී උත්සවයට පැමිණි ජනතාවගෙන් කුඩ රැගෙන එන ලද පිරිසද ඔවුන්ගේ කුඩ ඉහලා ගත්හ.

කුඩ නැති පිරිස මහ වැස්සේම ආපසු ඔවුන්ගේ නිවෙස් බලා යාමට පටන් ගැනීම නිසා මන්ත්‍රීවරයාට එම උත්සවය සාර්ථකව අවසන් කිරීමට නොහැකි විය.

මහවැසි මැද මන්ත්‍රීවරයාද එම පාසලෙන් පිටව ගියේ මෙවර පාසල් නිවාඩු කාලය ඇතුළත වවුනියාව ගණේෂපුරම් විනයාගර් පාසලේ එම අබලන් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරණ බවට ඉතිරිවී සිටි ගම්වාසීන්ට ප්‍රතිඥා දෙමිනි.

සේයාරූ සහ වාර්තාව දිනසේන රතුගමගේ

---------------------------
by     (2017-11-12 06:38:32)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

What is the 3rd digit in 4879833?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more