දෑවැද්දට නයයි; නයි නටවන නලාවයි..! -නොච්චිකුලමේ අපූරු විවාහ උත්සවය (Photo)

(ලංකා ඊ නිව්ස් - 2017.නොවැ.12, පෙ.ව.10.00) වවුනියාවේ නොච්චිකුලම ගම්මානයේදී 11 වෙනිදා අපූරු විවාහ මංගල උත්සවයක් පැවැත්විණි.

ඒ අහිගුණ්ඨික ජනතාව වෙසෙන ගම්මානයේදීය.

ඔවුන්ගේ චාරිත්‍ර අනුව විවාහ මංගල්ලය සිදුවූයේ විශේෂයෙන් තනන ලද කූඩාරමකය.

අහිගුණ්ඨික ජනතාවට ආවේණික වූ රබන් හා බෙර වයමින් මනාල යුවල පෙරහැරකින් එම විශේෂ කූඩාරම වෙත කැදවාගෙන ගොස් ඔවුන්ගේ චාරිත්‍ර වලට අනුව විවාහය සිදු කෙරිණි.

විවාහය සිදුකිරීමෙන් පසුව මනාලියගේ පියා දෑවැද්ද වශයෙන් මනාලයාට ලබා දෙන ලද්දේ නයි නැටවීම පිණිස යොදා ගන්නා නලාවක් හා පෙට්ටියක් තුල දමන ලද නාගයෙකි.

මනාලිය බැලීමට යන පසු දිනයේදී මනාලියට සාස්තර කියන පැරණි පොතක්ද,මනාලයාට නැටුම් දැක්විය හැකි රිලවෙකුද ලබාදෙන බව නොච්චිකුලම අහිගුණ්ඨික ගම්මානයේ වැසියෝ පැවසූහ.

වවුනියාව නොච්චිකුලම අහිගුණ්ඨික ගම්මානයේ දැනට පවුල් 57 ක් පමණ ස්ථිර පදිංචි කරුවන් ලෙස ජීවත් වෙති.

(සේයරූ සහ වාර්තාව දිනසේන රතුගමගේ)

---------------------------
by     (2017-11-12 04:43:03)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more