ටීඑන්ඒ ට එරෙහිව සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගෙන් අලුත් පක්ෂයක්

(ලංකා ඊ නිව්ස් - 2017.නොවැ.12, පෙ.ව. 9.45) දෙමළ ජාතික සන්ධානයට එරෙහිව කටයුතු කළ හැකි අන්දමේ නව දෙමළ දේශපාලන පක්ෂයක් අළුතින් පිහිටුවීමට තමන් කටයුතු කරණ බව දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වූ ඊ.පී.ආර්.එල් එෆ්.සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා 11 දා යාපනයේ මාධ්‍ය ආයතන වලට ප්‍රකාශ කොට තිබේ.

අළුතින් පිහිටුවනු ලබන දෙමළ දේශපාලන පක්ෂය ඉතා ක්‍රියාකාරී  පක්ෂයක් ලෙස පවත්වාගෙන යාමට හැකි දේශපාලන වාතාවරණයක් මේ වන විට උතුරු පළාත තුල නිර්මාණය වී ඇති බව පෙන්වා දෙන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා තම නව පක්ෂය නැගෙනහිර පළාත් තුලද ක්‍රියාත්මක බව කියා සිටියි.

දැනට දෙමළ ජාතික සන්ධානයට ඉතිරි වී ඇති දේශපාලන පක්ෂ තුන අතරින් යාන්තමට හෝ ජීවයක් ඇත්තේ ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයට පමණක් බව පෙන්වා දෙන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා එම පක්ෂයද කටයුතු කරන්නේ උතුරේ දෙමළ ජනතාවට අව්ශ්‍ය අන්දමට නොව ඉන්දියාවේ ප්‍රබල දේශපාලනඥයින්ට අවශ්‍ය අන්දමට බවද ප්‍රකාශ කොට තිබේ.

මේ තත්ත්වය මත ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයට පැහැදිලි අනාගතයක් නොමැති බව කියා සිටින ඔහු ඉතිරි වී ඇති ප්ලොට් හා ටෙලෝ යන දේශපාලන පක්ෂ දෙකට දෙමළ ජාතික සන්ධානය ගොඩගැනීමට කිසිසේත්ම නොහැකි බවද පවසා ඇත.

මෙහි අවසාන ප්‍රතිපලය වන්නේ එම පක්ෂ දෙකත් ඉතා නුදුරු කාලයේදීම දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වීම බව ප්‍රකාශ කරණ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් එම පක්ෂ දෙක මීට පෙර එම තත්ත්වයට පත් වූ බවද යළි සිහිපත් කොට සිටියි.

දෙමළ ජාතික සන්ධානයට සිදු වූයේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටළු හා ප්‍රශ්න වලට ඇහුම්කන් නොදී වෙනත් වෙනත් දේශපාලන අරමුණු කරා යාම බවත් සදාකාලිකවම දෙමළ ජනතාව එම පක්ෂයට රැවටීමට නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

දිනසේන රතුගමගේ

---------------------------
by     (2017-11-12 04:24:36)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more