අධික වර්ෂාව නිසා යාපනයේ 9100 ක් අනාථයි: 2009 න් පසු ලොකුම විපත

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.12, පෙ.ව.7.15)  යාපනයට දින කීපයක් තිස්සේ ඇදහැලෙන ධාරානිපාත් වර්ෂාව හේතුවෙන් 11 වෙනිදා වනවිට පවුල් 2518 කට අයත් පුද්ගලයින් 9141 ක් විපතට පත් ව ඇතැයි යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා පැවසීය. 

යාපනය දිසාපති කාර්යාලයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ දිසාපතිවරයා තවදුරටත් කියා සිටියේ යාපනයේ නිවාස හතරකට සම්පූර්ණයෙන්ම අලාභහානි සිදුවී තවත් නිවාස 159 කට හානි සිදුවී ඇති බවයි.

අධික වර්ෂාව හේතුවෙන් යාපනයේ පහත් බිම් විශාල ප්‍රමාණයක් ජලයෙන් යට වී ඇති බව කී දිසාපතිවරයා 2009 වර්ෂයෙන් පසුව වර්ෂාව නිසා යාපනයට මෙතරම් විශාල හානියක් සිදුව ඇත්තේ මෙවර බවයි.

අධික වර්ෂාව හෙතුවෙන් යාපනයේ ප්‍රධාන මාර්ග කීපයක්ම ජලයෙන් යටවී ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව සදහන් කල දිසාපතිවරයා ගම්බද මාර්ග ගණනාවක් වැසි ජලයට හසුවී කඩාගෙන ගොස් ඇතැයිද පැවසීය.

කුඩා වැව් සියල්ලම පිටාර ගැලීමට පටන්ගෙන ඇති හෙයින් පලාතේ සියළුම ජලාශ පිටාර මට්ටමට පැමිණ ඇති බවත් වැව් බැමි කැඩීයාමේ තර්ජනයකට හසුවී තිබුණු බොහෝ පලාත්වල වැව්බැමි වැලි කොට්ට අසුරා සුරක්ෂිත කළ බවත් කී දිසාපතිවරයා ඊට ආරක්ෂක අංශ සාමdජිකයින්ගෙන් විශාල සහයෝගයක් ලැබුණු බවද සඳහන් කළේය.

2009 වර්ෂයේදී යාපනයේ පුද්ගලයින් දහනව දහසක් වර්ෂාව හේතුවෙන් විපතට පත් වූ බව සඳහන් කළ දිසාපතිවරයා මෙවර ඉදිරියේදී කුමක් සිදුවේදැයි විශ්වාසය තැබිය නොහැකි බවද කියා සිටියේය.

මේවර යාපනයට අධික වර්ෂාවක් ලැබීම හේතුවෙන් සිදු වූ විපත් සහගත තත්ත්වයට මුහුණදීම සදහා ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයත් ආරක්ෂක අංශත් සම්බන්ධිකරණය කරගනිමින් විපතට පත්වූවන්ට සහන සලසන බවද දිසාපති වරයා කියා සිටියේය.

යාපනයේ වැඩිම පිරිසක් විපතට පත්ව සිටින්නේ මරදන්කේණි ප්‍රදේශයෙන් වන අතර එහි විපත පත් පවුල් 643 ක පුද්ගලයෝ  2382 ක් සිටිති.

මේ විපතට පත් සියළු දෙනාගෙන් 65% ක් පමණ සුබසාධන මධ්‍යස්ථාන වලට පැමිණ සිටින බවත් සෙසු පිරිස් ඔවුන්ගේ ඥාතීන්ගේ නිවාස වල රැදී සිටින බවත් යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සේයාරූ සහ වාර්තාව දිනසේන රතුගමගේ

---------------------------
by     (2017-11-12 01:52:05)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

Security forces go home. Do your own business
-- by Trumph on 2017-11-12

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more