ලංකා ඊ නිව්ස් පුවත ඵල දෙයි..! දූෂිතයෙක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු කරන්න හැදූ ජනාධිපති සිරිසේනගේ වෑයම ව්‍යවස්ථා සභාව අලුයම ලූ කෙළ පිඩ සේ ඉවත දමයි

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.11, පෙ.ව.9.00) පට්ට දූෂිතයෙක් වුව රාජපක්ෂ යුගයේ දී කරන ලද පත් කිරීමක් අනුව දැනට අභියාචනාධිකරණයේ සිව් වන ස්ථානයේ විනිසුරෙක් ලෙස කටයුතු කරන එම්.එම්.ඒ. ගෆුර් මහතාව ජනාධිපති සිරිසේන මහතා විසින් කම්බි පස්පොටින් පන්නා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කරන්නැයි නිර්දේශ කර ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කළ ඉල්ලීම ව්‍යවස්ථා සභාව විසින් අලුයම ලූ කෙළ පිඩ සේ ප්‍රතික්ෂේප කර ඇතැයි ‘ලංකා ඊ නිව්ස්‘ වෙත වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ඊයේ ලංකා ඊ නිව්ස් “මෙන්න මෙන්න සිරිසේනත් පට්ට දූෂිතයෙක් හොර පාරෙන් ශ්‍රෙෂ්ඨාධිකරණ නඩුකාරයෙක් කරන්න හදනෝ...!!“ මැයෙන් ප්‍රවෘත්තියක් පළ කෙළේය. හෙට නිකුත් වන රාවය පුවත් පතද මෙම සිද්ධිය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් රැස්වූ ව්‍යවස්ථා සභාව ජනාධිපති නිර්දේශ කර තිබූ එම්.එම්.ඒ. ගෆුර් ගේ නාමය ප්‍රතික්ෂේප කර තිබේ.
 
දූෂිතයන් ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරීමට ජනාධිපති සිරිසේන ගත් වෑයම අසාර්ථක කළ ව්‍යවස්ථා සභාවේ ගරුතර මහත්වරුන්ට යුක්තිය අගයන, අදූෂිත අධිකරණ පද්ධතියක් පතන සියළු යහපාලනප්‍රේමී ශ්‍රී  ලාංකිකයන්ගේ ගෞරවය හිමිවනු ඇත.

 

සබැඳි පුවත

මෙන්න මෙන්න සිරිසේනත් පට්ට දූෂිතයෙක් හොර පාරෙන් ශ්‍රෙෂ්ඨාධිකරණ නඩුකාරයෙක් කරන්න හදනෝ...!!  

---------------------------
by     (2017-11-11 03:42:12)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more