සිරිසේනගේ තානාපති හොරු..! තානාපතිලා පත් කිරීමේ දී අගමැති කැමැත්ත ඉවතට: කිලී මහාරාජාගේ කැමැත්ත පෙරට

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.11, පෙ.ව.7.30) මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවූයේ යූඑන්පී චන්දෙයෙනි යි කීම අතිශෝක්තියක් නොවේ. එසේ වුවත් යූඑන්පී නායකයාගේ කැමැත්ත තුට්ටුවකට හෝ මායිම් නොකර තානාපතිවරුන් පත් කිරීම තනිකරම තමන්ගේ අතට ගෙන තිබේ. ඒ සඳහා ඔහුට ව්‍යවස්ථාවෙන් බලයක් තිබෙන නමුත් මෙය සම්මුති ආණ්ඩුවක් බැවින්ද විදේශ අමාත්‍යාංශය එජාපය සතුව තිබෙන බැවින්ද තමා බලයට පත් කළ එජාප අගමැතිවරයාගෙන් විමසීමේ යම් සදාචාර බවක් තිබිය යුතුය. චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිව එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පැවැති සමයේදී ඇයට ව්‍යවස්ථාවෙන් බලය තිබූ නමුත් ඇය කිසිවිටකත් තානාපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් අත ගැසුවේ නැත. 

එහෙත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමන්ගේ බලය වර්ධනය කරගැනීමේ අරමුණින් හා තමන්ගේ කුට්ටිය වැඩි කර ගැනීමේ අරමුණු වෙනුවෙන් තානාපතිවරුන් පාවිච්චි කරන්නට පටන්ගෙන තිබේ. එසේම සමහර තානාපතිවරුන් පත්කිරීම හා පත්ව සිටින අයගේ කාලය දිගු කිරීම සම්බන්ධයෙන් කිලී මහාරාජා පවා මැදිහත් වන බවක් දක්නට ඇත. මේ නිසා අනාගතයේදී රටේ තානාපතිවරුන් පත් කිරීම පවා කිලී මහා රාජාගේ ඕනෑකමට සිදුවීමට බොහෝ ඉඩකඩ තිබෙන බව පෙනී යයි.
 
අප මෙය කියන්නේ මෑතකදී අගමැතිවරයාගේද කැමැත්ත ඇතිව යවන ලද තානාපති තනතුරු ලැයිස්තුවක් ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබීම නිසා ය.

රුසියාවේ හා දකුණු අප්‍රිකාවේ තානාපති තනතුරු කාටවත් නොදෙන ලෙස දන්වා ඇති අතර ඒවා සඳහා ඔහුගේ හෙංචයියන් දෙදෙනෙක් පත් කරන්නට සුදානමක් පවතී. ඒ අතර දැනට රුසියාවේ තානාපතිව සිටින සමන් වීරසිංහ කිලී මහාරාජා හරහා තමන්ගේ සේවා කාලය දිගු කර ගැනීමේ ඉල්ලීමක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ. ඒ අන් කිසිවකට නොව ඔහු රුසියාවේ සිටීමෙන් කිලීමහාරාජාට අවශ්‍ය රුසියන් යුධ නැව ලබාගැනීමේ ක්‍රියාවලිය පහසු වීම නිසා ය.

මේ අතර ස්විට්සර්ලන්තයේ තානාපතිව සිටින රවිනාථ ආරියසිංහද ජනාධිපතිවරයාගේ ඔඩොක්කුවට රිංගාගෙන සංහිඳියාව හා මානව හිමිකම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ සිටින විදේශ ඇමැති පසෙක ලා මෛත්‍රීපාල සිරිසේනට ගැති ප්‍රකාශ නිකුත් කරන්නට පටන්ගෙන තිබෙන බව ජිනීවා නුවරින් දැන ගන්නට තිබේ. පසුගිය කාලයේ කෙරුණු බොහෝ වැඩ කටයුතු අවුල් කිරීමට රවිනාථ ආරියසිංහ කටයුතු කෙළේ මෛත්‍රීපාල සිරිසේන සතුටු කරන්නටයි.
 
මෙම තත්ත්වය යටතේ විදේශ අමාත්‍යංශයේ බොහෝ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට වසර ගානක් කොළඹ සේවය කොට තානාපති තනතුරු නොලබාම ගෙදර යන්නට සිදුවන බවක් දක්නට ලැබේ. එසේම විදේශ ලේකම් ධූරයට අගමැති යෝජනා කළ නම ඉවත් කොට විදේශ කටයුතු අමාත්‍යංශය තමන්ට රිසි අයුරින් හැසිරවීම පිණිස ජනාධිපතිවරයා විසින්   ප්‍රසාද් කාරියවසම් පත් කරගත්තේය. මේ නිසා ගෙදර ගොස් ගිනි තපින්නට බලා සිටි ප්‍රසාද් කාරියවසම් තනතුර ලැබීමෙන් පසු මීටර් සියයේ වේගයෙන් ජනාධිපතිවරයා පසුපස දුවන්නට හා ඔහුගේ ඕනෑ එපාකම් ඉටුකරන තැනකට තල්ලු වී තිබේ. ප්‍රසාද් කරියවසම්ගේ එකම අභිප්‍රාය තවත් වසරකින් පසු නැවත වරක් තානාපති තනතුරක් ලබාගැනීම පමණි.

යහපාලන රජය යටතේ ජාත්‍යන්තරය තුළ ගොඩ නගා ගත් හොඳ නම පලුදු වීමට සමත් කටයුතු රාශියක් සිදුවන බව දැන ගන්නට ඇත. කොටින්ම පවසන්නේ නම් රටේ විදේශ ප්‍රතිපත්තිය කණපිට හැරවීම ආරම්භ වී තිබේ. මේ වාතාවරණට යටතේ ජිනීවා යෝජනා පසෙක ලා කටයුතු කරන්නට විදේශ කටයුතු අමාත්‍යංශය හරහා මෙහෙයුමක් දියත්ව තිබේ. මෙය ලංකාව ලබාගත් ජයග්‍රහණ ආපස්සට හැරවීමකි. 

අගමැතිවරයාගේ ගමන් බිමන් ඇතුලූ බොහෝ විස්තර විදේශ අමාත්‍යංශයේ කටයුතු රහසිතගව ජනාධිපතිවරයාට ලබාදීමේ කීපදෙනෙක් වෙසෙති. දෙපැත්ත කණ නිලධාරීන් පිරිසක් බිහිවී තිබෙන අතර හසන් නැමති ප්‍රටෝකොල් ප්‍රධානියා ඉදිරියෙන්ම සිටියි.

මෙම බොහෝ ක්‍රියාවන්ගේ අවසන් ප්‍රතිඵලය වන්නේ නැවත වරක් ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාවට අසීරුතාවන්ට මුහුණ දෙන්නට වීමය. තමන්ගේ ඉදිරි පැවැත්ම ගැන පමණක් හිතන ජනාධිපතිවරයාට සුදුසු තමන්ගේ මඩිය තර කර ගැනීමට මුල් කරගත් චින්තනයකින් යුත් නිලධාරී හැතිකරයක් නිසා රට විශාල අර්බුදකාරී තත්ත්වයකට තල්ලුවීම නොවැලැක්විය හැකි බවට අනතුරු අඟවමු.

-ඩිප්ලොමැට්ටා විසිනි- 

---------------------------
by     (2017-11-11 02:10:26)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

සක්+කිිලී මහරාජටයි උගේ වැසිකිලී සිිරසටයි තමයි මෛත්‍රීපාල විසින් අපේ රටේ හමුදාවන්ගෙ පමණක් නෙමෙයි දෙකෝටියක් මහජනයාගෙත් ඉරණම තීන්දු කරන්න මේ වෙනකොට බාරදිල තියෙන්නෙ!
-- by ඩයස් on 2017-11-12

රුසියාවේ හා දකුණු අප්‍රිකාවේ තානාපති තනතුරු කාටවත් නොදෙන ලෙස දන්වා ඇති අතර ඒවා සඳහා ඔහුගේ හෙංචයියන් දෙදෙනෙක් පත් කරන්නට සුදානමක් පවතී. ඒ අතර දැනට රුසියාවේ තානාපතිව සිටින සමන් වීරසිංහ කිලී මහාරාජා හරහා තමන්ගේ සේවා කාලය දිගු කර ගැනීමේ ඉල්ලීමක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ. ඒ අන් කිසිවකට නොව ඔහු රුසියාවේ සිටීමෙන් කිලීමහාරාජාට අවශ්‍ය රුසියන් යුධ නැව ලබාගැනීමේ ක්‍රියාවලිය පහසු වීම නිසා ය.
-- by සිංහලේ on 2017-11-12

චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිව එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පැවැති සමයේදී ඇයට ව්‍යවස්ථාවෙන් බලය තිබූ නමුත් ඇය කිසිවිටකත් තානාපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් අත ගැසුවේ නැත. .....ඒකටත් එක්ක මී හරකා!
-- by නකතා on 2017-11-12

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more