කිසිදු නීතිමය හේතුවක්, අධිකරණ නියෝගයක් නොමැතිව රටක් තුළ ඊ නිව්ස් වාරණය වැනි ක්‍රියාවක් සිදුකරන්නේ නම් එයින් තර්ජනයට ලක්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි -IMA

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.10, ප.ව.5.10) කිසිදු නීතිමය හේතුවක්, අධිකරණ නියෝගයක් නොමැතිව රටක් තුළ ලංකා ඊ නිව්ස් වාරණය වැනි ක්‍රියාවන් සිදුවන්නේ නම් එයින් තර්ජනයට ලක්වන්නේ ඒ සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මාධ්‍ය නිදහස යයිද, ලංකා ඊ නිව්ස් අවහිර කිරීම මගින් පෙන්නුම් කරන්නේ මාධ්‍ය නිදහසට, අන්තර්ජාල නිදහසට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන බරපතල අනතුරු ඇඟවීමක් බවද ‘අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය‘ (IMA) සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එහි කැඳවුම් කරු සම්පත් සමරකෝන් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එකී නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ    

‘නූතන ලෝකය තුළ වාරණය පසුගාමී තත්ත්වයක්‘

ලංකාව තුළ අන්තර්ජාල සේවා පහසුකම් සපයන එක් ප්‍රධාන සේවා ආයතනයක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් සේවාව(SLT) ඇතුලු අන්තර්ජාල සේවා සපයන ප්‍රධාන ආයතන සියල්ලන්ගේම සේවා තුළින් (ISPs) ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට (www.lankaenews.com)  ලංකාව තුළදී පහසුවෙන් පිවිසීමට නොහැකි වන අයුරින් පසුගිය 8 වනදා සිට අවහිර වී තිබීම අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වයේ (IMA – www.imalanka.org)  විශේෂ අවධානයට ලක්ව තිබේ. 

එසේම ඕනෑම අන්තර්ජාල ප්‍රකාශණයක් අවහිර කිරීම, වාරණය කිරීම,  පිවීසීමට නොහැකි වන ලෙස තාක්ෂණික ව්‍යාකූලතා ඇතිකීරීම ට තරයේ විරුද්ධ වන අප ක්‍රියාකාරීත්වය ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය මෙසේ අවහිර කිරීම තරයේ හෙළා දකිමු.
වාරණය වැනි පසුගාමී ක්‍රියාවන් වත්මන් ඩිජිටල් ලෝකය තුළ පිළිනොගැනෙන තත්ත්වයක් තුළ වත්මන් යහපාලන ආණ්ඩුව එවැනි උත්සහයන් ගන්නේ නම් ඉන් සිදුවන්නේ ප්‍රකාශණයේ නිදහසට බාධා කිරීම පමණක් නොව  ඩිජිටල්, නිදහස් අන්තර්ජාල සමාජය ඉදිරියේ පසුගාමී පාලනයක් බවට පත්වීම පමණි. 

කෙසේ නමුත් ලංකාව තුළ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට පහසුවෙන් පිවිසීම අවහිර වී ඇති තත්ත්වය සහ ඒ සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී වාතාවරණය  සම්බන්ධයෙන්  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ජනමාධ්‍ය අමාත්‍යංශය සහ විදුලි සංදේශණ නියාමන කොමිෂන් සභාව විදිමත් ප්‍රකාශණයක් සිදු කළ යුතුව තිබේ.  එසේ නොවන්නේ නම් විවෘත ආණ්ඩුකරණයක් සඳහා  ලංකාව තුළ සිදුවන යම් සාකච්ඡාවන්ට යහපාලනය ද එල්ල කරනුයේ මරු පහරක් බවට අපගේ පිළිගැනීමයි. 

අනෙක් කරුණ නම් කිසියම් අන්තර්ජාල ප්‍රකාශණයක් විසින් ආණ්ඩුවක් විවේචනය කිරීමේදී ඒ ගොනුකරන කරුණු පිළිබද සංවේදී වනවා වෙනුවට එය මර්දනය කිරීමෙන් පෙන්නුම් කරන්නේ ප්‍රජාතන්ත්‍රවිරෝධී රාජපක්ෂ පාලනයේම ලක්ෂණ ‘යහපාලනයද‘ පෙන්නුම් කරමින් සිටිනවා යන්නය.  එය ‘යහපාලන‘ මූලධර්මයන්වලට නොවටිනා දෙයකි. එසේම කිසිදු නීතිමය හේතුවක්, අධිකරණ නියෝගයක් නොමැතිව රටක් තුළ මෙවැනි ක්‍රියාවන් සිදුවන්නේ නම් එයින් තර්ජනයට ලක්වන්නේ ඒ සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදයයි. මාධ්‍ය නිදහසයි. 

2015 ජනවාරි 8වනදා බලයට පත් වූ යහපාලන ආණ්ඩුව විසින් එවකට ලංකාව තුළ වාරණය කර තිබූ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය(www.lankaenews.com), ඇතුලු වෙබ් අඩවි 5ක වාරණය ඉවත් කරමින් සිය ඉදිරිගාමී තත්ත්වය පෙන්නුම් කළ ද, දැන් නැවතත් ඊ නිව්ස් වෙබ් අඩවිය අවහිර කිරීම මගින් පෙන්වා ඇත්තේ බියකරු අනාගතයක පෙරනිමිතිය. 

එබැවින් පසුගිය වසර කිහිපය පුරා අන්තර්ජාල ප්‍රකාශණයන්වලට වත්මන් ආණ්ඩුව විසින් එල්ලකරන, කරමින් ඇති චෝදනා සැලකිල්ලට ගැනීමේදී මෙරට මාධ්‍ය නිදහසට, අන්තර්ජාල නිදහසට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට,  ලංකා ඊ නිව්ස් අවහිර කිරීම මගින් පෙන්නුම් කරන්නේ බරපතල අනතුරු ඇඟවීමකි.

එම නිසා මේ සිදුකරමින් ඇති අත්තනෝමතික, යහපාලන විරෝධී, මර්දනකාරී තත්ත්වය වෙනස් කරගනිමින්,  ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය ට පිවිසීමට ඇති බාධා, අවහිර කිරීම් ඉවත් කිරීමටත්, අන්තර්ජාල නිදහසත්, මාධ්‍ය නිදහසත් ආරක්ෂා කිරීමට කැපවන ලෙසත්, එමෙන්ම ඩිජිටල් ලෝකය තුළ ‘හුදකලා පාලකයන්‘ නොවී,  ‘යහපාලනය‘ සදහා වන සිය කැපවීමත්,  නූතන ඩිජිටල් ලෝකයට ඇති තමන්ගේ උනන්දුවත් ක්‍රියාවෙන්  පෙන්නුම් කරන ලෙස අප දැඩි සේ ඉල්ලා සිටිමු. 

සම්පත් සමරකෝන්

කැඳවුම්කරු
@sampathslk
10 නොවැම්බර් 2017

---------------------------
by     (2017-11-10 11:44:17)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

If a person is called William, what is their name?

  2 discussion on this news

Why don’t you add ‘Webfreer” download link to your site?
-- by Samm Karen on 2017-11-10

සිරිසේන නැමැති දූෂිතයාට විරැද්ධව සත්‍ය කතා කරන වෙබ් අඩවි තහනම් කරනවානම් සත්‍යවාදී කිසිදු දූෂනයකට සම්බන්ධ නැති රනිල්ට මඩ ගහන සිරස සහ සිරිසේනගේ මාධ්‍ය නඩය විසින් පවත්වාගෙන යනු ලබන මඩ බෙව් අඩවිද තහනම් කල යුතුය. මේකා මේ එන පොට හොඳ නැත. හැකි ඉක්මනින් මූව ජනාධිපති කමෙන් පන්නා දැමිය යුතුයි.
-- by silva on 2017-11-11

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more