මාධ්‍ය නිදහසේ ගහලයන් පිරිසක් ගැන ඔත්තුවක්..!

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.10, පෙ.ව.9.20) රටේ මහජනතාවට ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට පිවිසීම ලංකාව තුල වාරණය කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශය පාර්ශවයෙන් සිදුවූ මැදිහත් වීම් කෙසේදැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත තොරතුරු වාර්තා වී තිබේ. ඒවා මෙසේය.

වෙබ් අඩවියක් වාරණය කිරීමේ හැකියාව ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිසමට වුවත් එවැන්නක් සිදු කිරීමට හැකියාව ඇත්තේ අධිකරණ නියෝගයක් හෝ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ලිඛිත නියෝගයක් මත පමණි. එවැනි නියෝගයක් අමාත්‍යංශ ලේකම්වරයා නිකුත් කරනු ලබන්නේ ඊට අදාලව සෑහීමකට පත්විය හැකි සාධක තිබේ නම් පමණක් වන අතර අභිමතානුසාරී බලයක් ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට පවතී. නමුත් ලේකම්වරයා එලෙස වෙබ් අඩවියක් තහනම් කිරීමෙන් පසු නිකම් බලා සිටිය නොහැකිය හේතුවට අදාලව විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුය. නමුත් ඒ සඳහා ඉල්ලීමක් වෙබ් අඩවිය පාර්ශවයෙන් ලැබිය යුතුය. නොලැබෙන්නේ නම් පරීක්ෂණයක් නොකර තහනම පමණක් පවත්වාගෙන යා හැකිය. 

ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය වාරණය කරන ලෙස 2015 ජූලි මසදී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් ලැබුනු අතර එවකට සිටි ජනමාධ්‍ය ලේකම්වරයා එය ඉවත දමා තිබේ. ඒ එවැනි දෙයක් සිදු කිරීමට තරම් සාධක නොපවතින බව පවසමිනි. ඉන්පසු 2016 පෙබරවාරි මසදී ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් කුප්‍රකට ශිරාල් ලක්තිලක විසින් එවැනි යෝජනාවක් ගෙන ආ නමුත් එවරද ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා එය ඉවත දමා තිබේ. ඉන්පසුද එවැනි ඉල්ලීම් වරින් වර ලැබී තිබූ අතර හිටපු අමාත්‍යවරයෙකුගෙන්ද දිගින් දිගටම ඉල්ලීම් ලැබී තිබූ නමුත් එ්වා ක්‍රියාත්මක නොකිරීමට ලේකම්වරුන් සියලු දෙනාම කටයුතු කර ඇත්තේ එම ඉල්ලීම් වල කිසිදු සාධාරණත්වයක් නොතිබූ නිසා ය. 

නමුත් මෙවර ශිරාල් ලක්තිලක මහතා එම නියෝගය ලබා දි ඇත්තේ නියෝගය ජනාධිපතිවරයාගේ එකක් බව කියමිනි. ඒ අනුව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයාගෙන් ලද නියෝගය අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා විසින් ලංකා ඊ නිවුස් අඩවිය ශ්‍රී ලංකාව තුල වාරණය කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිසමට නියෝග කර ඇත.

ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් සමරතුංග මහතා තම නියෝගය ලබා දුන්නේ ජනමාධ්‍ය ඇමැතිවරයාගේ අනුදැනුම මත දැයි නොදනී. 

-ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය විසිනි-

---------------------------
by     (2017-11-10 04:09:57)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more