ජනාධිපති සිරිසේන ස්වයං විනාශකාරී මඟක් තෝරාගන්නේ නම් අපට කළ හැකි දෙයක් නැත - විසල්ගේ විග්‍රහයක්

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.10, පෙ.ව.7.30) ජනාධිපතිවරයා විසින් රැස්විමකදී පෙරේදා (08) දින සිදුකළ කතාව මේ ලිපියේ නිමිත්තයි. මෙම රැස්වීමේ නිමිත්ත සෝභිත හිමියන්ගේ අභාවයේ දෙවර්ෂපූර්ණ සැමරුමයි. සෝභිත හිමියෝ ජනවාරි 8 වෙනසට පූර්ණව කැපවූ බවත් එයට පැවිදි නායකත්වය සැපයූ බවත් එහිමියන්ගේ නායකත්වය ජනසමාජයට බලවත් සාධනීය බලපෑමක්වූ බවත් එය චන්ද පදනමට ඍජුව බලපෑම් කළ බවත් පිළිගත යුතුය. එහිමියෝ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම වෙනුවෙන් හඬ නැඟූහ. යහපාලනය සහ නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් හඬ නැඟූහ. එහිමියන්ගේ අභාවයේ දෙවර්ෂපූර්ණය සමරන්නේ නම් අපට එහිමියන් පෙනී සිටි, සටන් කළ සහ ජයග්‍රහණයට මඟ හෙලි කළ මතවාදයන් අමතක කළ නොහැකිය. 

මෙම සැමරුමේ ප්‍රමුඛ දේශකයා වූ ජනාධිපතිවරයාගෙන් අප බලාපොරොත්තු වූයේ එහිමියන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට ගන්නා ලද, ගනිමින් සිටින, ක්‍රියාමාර්ග ගැන ඔහු අදහස් පළ කරනු ඇතැයි කියාය. ආදහන පූජෝත්සවයේ දී ඔහු විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන බවට ශපථ කළ බව අපට හොඳට මතකය. දැන් නව ව්‍යවස්ථාවක් කරා යන ගමනේ යම් සාධණීය පියවරයන් තබා ඇත. සෝභිත හිමියන් විරුද්ධ වූ ජනාධිපතික්‍රමය අහෝසි කිරීමට  එමඟින් අවස්ථාවක් උදාවී ඇත. ඒ සඳහා යා යුතු ගමන දීර්ඝ මෙන්ම දුෂ්කර වුවද එයට ඇති අභිලාශය සහ කැපවීම පෙන්වීමට ජනාධිපතිවරයාට මේ අවස්ථාව උදාකරගත හැකිව තිබුණි. ජනවාරි 8 වෙනසට දායකවූවන් අපේක්ෂා කළේ එයයි. 

නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් හවුල් රජයේ ප්‍රධාන පාර්ශවය වූ එජාපයේ සූදානම සහ කැපවීම මේ වන විට ඇති තරම් පෙන්වා ඇත. නමුත් එම කැපවීම සහ අභිලාෂය පෙන්වීමට අසමත් වී ඇත්තේ හවුල් ආණ්ඩුවේ අනෙත් පාර්ශවය නියෝජනය කරන ජනාධිපතිවරයා නායකත්වය දරන ශ්‍රීලනිපයයි. එනයින් සෝභිත හිමියන්ගේ අභිලාෂයන්ට දුරින් සිටින්නේ ජනාධිපතිවරයා ය. ජනාධිපතිවරයාට පෙර කතා කළ මහාචාර්ය සරත් විජේසූරියගේ දැඩි විවේචනාත්මක කතාවෙන් ජනාධිපතිවරයා කුපිත වූ බව පෙනෙන්න තිබුණි. අග්‍රාමාත්‍යවරයා හොඳ ස්ථාවරයක සිටින බවට මාහාචාර්යවරයා එක් වරක් ඔහුගේ කතාවේදී ප්‍රකාශ කළ අතර ජනාධිපතිවරයාගේ කුපිතවීමට එය හේතු වූවාද අප දන්නේ නැත. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ සංයමය බිඳවැටී තිබුණි. එය ප්‍රකාශිත වූයේ ඔහුගේ කතාවෙනි. ඔහු කතා කළේ පෙර සුදානමකින් නොව එවෙලේ ඇති වූ ආවේගයට  බව පැහැදිලිව පෙනුනි. ඔහුට අවශ්‍ය වූයේ රජයට එල්ලවන සියළු චෝදනා සහ විවේචනයන් එජාපයේ පැත්තට හරවා තමන් සුදනා වීමටය. 

නව ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටින, ජනාධිපති ක්‍රමය අවසන් කළ යුතු යැයි කියන අය එජාපයේ ගොඩට දමා එක්වර සියල්ලට ප්‍රහාරය එල්ල කිරීමටය. මෙම උත්සාහයෙන් ජනාධිපතිවරයා ඇද වැටුනේ අතිශය පහත් මට්ටමකට බව නොකියා සිටිය නොහැකිය. රාජ්‍ය නායකයෙක් අදහස් ප්‍රකාශ කිරීමේදී පුද්ගල භාව ප්‍රකාශයෙන්, ආවේගයෙන් සහ අසංවරව නොකළ යුතුය. එසේම අවස්ථාවට ගැලපෙන සහ මාතෘකාවට අදාලව අදහස් ප්‍රකාශ කළ යුතුය. ඔහු කෙරෙන් රාජතාන්ත්‍රිකභාවය, පරිනත භාවය ප්‍රකාශ විය යුතුය. 
 
ජනාධිපතිවරයාගේ කතාවේ ප්‍රධාන ඉලක්කය වූයේ බැඳුම්කර කොමිසමයි. බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් කොමිසමක් පත් කිරීම නිසා ආණ්ඩුවේම පිරිසක් තමන් සමග අමනාපයෙන් සිටින බවත් ඔවුන් විදේශ ගත වෙබ් අඩවියකට සල්ලි දී තමන්ට පහර ගැසීමට කටයුතු කරන බවත් ඔහු කියා සිටියේය. 

සැඟවීමට දෙයක් නැත. ජනාධිපතිවරයා මේ අඟිල්ල දිගු කරන්නේ එජාපයට සහ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියටය. බැඳුම්කරය සම්බන්ධයෙන් කොමිසමක් පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම ගැන කිසිවෙක් විවේචන ඉදිරිපත් කරනවා අප දැක නැත. එම කොමිසමට සාක්ෂි දීමට ගිය අයෙක්වත් කොමිසමක් පත්කිරීමට එරෙහිව විවේචන ඉදිරිපත් කර නැත. විවේචනයන් ඉදිරිපත් වූයේ බැඳුම්කරයට පමණක් කොමිසමක් පත් කර රාජපක්ෂ යුගයේ දැවැන්ත ගනුදෙනු වූ හෙජින් ගිවිසුම වැනි මෙගා ගනුදෙනු ගැන කොමිසම් පත් නොකිරීම ගැනය. මීට අමතරව බැදුම්කර කොමිසමේ කටයුතු පවත්වාගෙන යන නීතිපති දෙපාර්තුමේන්තුවේ නීතිඥයින් ගේ ක්‍රියාකලාපයද විචේචනයට ලක්විය. සමහර නීතිඥයින් පක්ෂාග්‍රාහීව මෙන්ම ඉලක්කගත චරිත වලට එරෙහිව ක්‍රියාත්මක වන බව බැලූ බැල්මට පෙනී යයි. මේ නීතිඥයින්ට එරෙහිව කොමිසමේ විනිසුරුවරු පවා අදහස් ප්‍රකාශ කරනවා අප දැක ඇත. තම ජීවිතයටම මෙවැනි නින්දිත ක්‍රියාවක් දැක නැතැයි විනිසුරුවරු රජයේ නීතිඥයින්ට කියා ඇත. එම හිමිකම ඕනෑම පුරවැසියෙකුට ද ඇත. බැඳුම්කර නීතිඥයෝ හැසිරෙන්නේ යම් සකසන ලද න්‍යාය පත්‍රයක් උඩ නම් ඒ ගැන ප්‍රශ්න කරන්න ඇති හිමිකම පිළිගත යුතුය. එසේම තමන්ට එල්ලවන විවේචන වලට පෙරලා පිළිතුරු දීමට එම නීතිඥයින්ටද හිමිකමක් ඇත. ඔවුන්ට ආවරණය දීමට ඕනෑ තරම් මාධ්‍යද ඇත. විවේචන සහ ප්‍රතිවිවේචන සැලකිල්ලට ගෙන විෂය ගැන උනන්දු වන්නන් නිගමන වලට එනු ඇත. ජනාධිපතිවරයාට කුලප්පු වීමට කාරණාවක් එතැන ඇත්තේ නැත. 

අනෙක කොමිසම පත් කළ මුඛ්‍ය අරමුණ වූයේ වරදක් සිදුවී ඇත්තනම් එය ජනාධිපතිවරයාට වාර්ථා කිරීමටය. කොමිසමේ කටයුතු තවමත් පවත්වාගෙන යන විට, එහි නිගමනයන් තවමත් ඉදිරිපත් වී නොමැති විට එම කොමිසම පත්කල බලධාරියා කෑ ගසන්නේ කවර කරුණක් නිසාද.? අනෙක් අතට කොමිසම පත් කල බලධාරියාම කොමිසමේ කටයුතු සහ සාක්ෂිකරුවන් ගැන යම් යම් පූර්වකථනයන් කරන්නේ නම් එය අනියමින් කොමිසමට කරන බලපෑමක් ලෙස සැලකිය හැකිය. එය කොමිසම හමුවේ සාක්ෂි දුන් අයට කරන අගතියක්ය. ජනාධිපතිවරයෙක් මෙලෙස හැසිරිය යුතුද.? එය සදාචාරාත්මකද?  යන ප්‍රශ්නයන් ඕනෑම සාධාරණ මිනිසෙකුට මතුවන එක වැලැක්විය නොහැකිය. කොමිසම පත් කිරීමේ යටි අරමුනක් නොතිබුනේ නම් මෙලෙස හැසිරෙන්නේ නැති බවද ඉතාමත් පැහැදිලි ය. 

ලංකා ඊ නිව්ස් වාරණය කරන්නේ එදින 8 වෙනිදා සවසය. එය ජනාධිපතිවරයාගේ ඍජු මැදිහත් වීම නිසා සිදුවූ දෙයක් බවට සැකයක් නැත. මාධ්‍ය වාරණයක් අප කොහෙත්ම යහපාලන රජයෙන් බලාපොරොත්තු වූයේ නැත. සියළු මුද්‍රිත/ විද්යුත් මාධ්‍ය රාජපක්ෂ සරණ යන විට ජනවාරි 8 වෙනසට දායක වූයේ විකල්ප අන්තර්ජාල මාධ්‍ය බව ජනාධිපතිවරයාට අමතක වී ඇත එයිනුත් වැඩි කාර්යභාරයක් ඉටු කළේ ලංකා ඊ නිව්ස්ය.  

මාධ්‍ය මගින් යමෙකුට යම් අගතියක් වූයේ නම් ගත හැකිව ඇති නීතිමය ක්‍රියාමාර්ග ඇත. ප්‍රසිද්ධ මාධ්‍ය මගින් අගමැතිවරයා ඉලක්ක කරගෙන වසර ගණනාවක සිට මාධ්‍ය මෙහෙයුම් දියත් කරමින් සිටී. ඔහු පෙරලා මාධ්‍ය විවේචනය කළත් මාධ්‍ය වාරණය වෙනුවෙන් කටයුතු කරන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සිදුවිය යුත්තේ එයයි. ජනාධිපතිවරයාට එවැනි සංස්කෘතියක් නැත. විධිමත් ලෙස පසු විවේචනය කිරීමේ ශක්‍යතාවයද නැත. ඒ වෙනුවට ඔහු තෝරා ගන්නේ බැන වැදීමේ කලාවයි. කරුණු එකට පෙල ගැස්වූ විට ඊ නිව්ස් වාරණය ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් සිදු වූ බව සැකයක් නැත. එනිසාම ඔහුට ඊ නිව්ස් වාරණය කිරීම යුක්ති යුක්ත කිරීමට සිදුවී ඇත. 

මේ සියල්ලගේ එකතුව නම් ජනාධිපතිවරයෙක් තබා ග්‍රාම නිළධාරීවරයෙකුටවත්  නොගැලපෙන අසංවර රංඟනයයි. තෙල් ප්‍රශ්නයටත් වගකිව යුතු තමා දැයි ඔහු ඇසුවේය. එය ද රටක ජනාධිපතිවරයෙකුට තබා පන්තියක මොනිටර් කෙනෙකුටවත් නොගැලපෙන ප්‍රකාශයකි.
 
ජනාධිපති සිරිසේන තමන් බලයට පත් වූ බලවේග වෙතින් ඈතින් ඈතට ගමන් කරමින් සිටී. ඔහු ස්වයං විනාශකාරී මඟක් තෝරා ගන්නේ නම් අන් අයට කළ හැකි දෙයක් නැත.

-විසල් කරුණාරත්න විසිනි- 

---------------------------
by     (2017-11-10 02:20:57)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  9 discussion on this news

සිරිසේන යනු ශ්‍රිලනපය යන මේ රට තුල ජාතිවාදය පෝෂනය කල සහ හිඟන ආර්ථික දැක්මක් මගින් රට බංකොලොත් කල මේ රටේ පුරවැසියන්ට ඉංග්‍රිසි අධ්‍යාපනය අහිමි කර රට නූගතුන්ගේ පාරාදිසයක් බවට පත් කල කාලකන්නි පක්ශයේ දැන් නායකයාය. මොහු රටේ නායකත්වය දැරීමට කෙසේවත් පූර්ව සූදානමකට ලක් නොවූ ජාත්‍යන්තරය සමග කටයුතු කිරීමට අත්‍යාවශශම භාෂාමය සහ රාජ්‍යතාන්ත්‍රික භාවය නොමැති මිනිසුන්ගේ animal instinct යැයි හඳුන්වනු ලබන ප්‍රාථමික ගෝත්‍රික හැඟීම් වලට ආමන්ත්‍රනය කිරීමට පමනක් දන්නා නූගගෙකි. පැට්‍රෝල් අපතයා වන අර්ජුනයා සහ සිරිසේනයා යනු එකම වල්ලේ පොල්ය. පැස්බරා ලෝකයට පෙනෙන්නේ නැතැයි සිතා වැලි අස්සේ ඔලුව ගසාගෙන පුකත් එලියේ දමාගෙන සැඟවීමට උත්සාහ කරන්නා සේ අර්ජුනයා යනු යන යන තැන උගේ පරම්පරාවේ ජම්ම ගතිය ඉස්මතුවීම නිසා කුමක් හෝ හොරකමක් කරනා එකෙකි. මෙය රෝගයකි. නම kleptomania ය. සිරිසේනයාද පුක එලියේ දාගෙන වැල්ලේ ඔලුව ගසා ගනී. පලමු පුක දැමීම නම් ලක්ෂ 62 දෙකක ජනමතයට සරම උස්සා උෟ විසින්ම පැරදවූ ශ්‍රීලනිපය බදා ගැනීමයි. දෙවනුව කලේ මහින්දයා සමග රට හොරකම් කල පට්ට දූෂිතයින්ව නැවතත් රටේ මර්මස්ථාන වලට පත්කිරීමයි. ඊලඟට දිල්රැක්ෂිව එලවා එෆසීඅයිඩී එකේ රාපක්ෂ යුගයේ හොර මැර දූෂන වංචා සවීම නතර කරන ලදි. සයනයිඩ් කතාවක් කරමින් අත්අඩංගුවට ගෙන සිටි සියලුම මිනී මරැවන් ටික එලියට දමන ලදි. මේ අතර තුර කාලයේ තානාපති සේවය ඇතුලු සෑම තැනකම මේකා තමාගෙ නුගත් ඉහඳ තබා විනාශ කර හෝ දුර්වල කර ඇත. සිරිසේනයා යනු රාජපක්ෂගේම පිල්ලියකි. තව දුරටත් රටේ ජනතාව මේකාට රැවටීම නතර කල යුතුය. මුගේ මදාවි පුතාලා බෑනලා දූලා ඇතුලු හැත්ත දැන් රාජපක්ෂලාගේ පරපුර මෙන්ම රට හොරකම් කිරීමට ඩීල් දැමීමට අවතීර්න වී ඇත. එක්සත් ජාතිකපක්ෂය පවුල් වාදයයෙන් රට මුදාගෙන ජේආර්ලා ඩීබීලා ප්‍රේමදාසලා වැනි සමාජයේ ජනතාව අතරින් මතුවන නායකයින් රටට දායාද කරන විට සහ ඒ නායකයින් විසින් එම වකවානුව තුලදී යුග මෙහෙවරක් ඉටු කරන විටදී ශ්‍රීලනිප යන රදල වැඩවසම් පවුල්වාදී, ආගම සහ ජාතිය කරපින්නාගත් නූගත් ගොත්‍රික වාදය කරපින්නාගත් වහලුන් පිරිසක් බෝකර නඩත්තු කරනා පක්ෂයක් බවට පත් විය. බන්ඩාරනායක රදලයින්ගෙන් පසුව මුන් රාජපක්ෂ රදලයින් බිහි කලහ. දැන් ඔවුන් සිරිසේනලාද රදලයින් බවට පත් කරමින් සිටිති. ආයුධ ඩීල්, සංඛ්‍යාත ඩීල්, දූෂිතයින්ට තනතුරැ දීම්, සින්නයියා වැනි දක්ෂ අවංක නිලධාරීන් එලවා දැමීම මගින් මුන් මේ අවතීර්න වෙමින් සිටිනුයේ එම ගේම ගැසීමටය. බැඳුම්කර මඩ කොමි-සමයම අටවාගෙන මූ අල්ලන අඩව්වද එහිම දිගුවකි. එහි එකම අරමුන එජාපයට රනිල්ට සහ රනිල්ට ශක්තිය සපයන රවීලා වැනි එජාප පතාක යෝධයින්ට පහරදී තමන් වැටී සිටින පහල අඩියට එජාපයද කඩා වැට්ටවීමයි. දේශපාලන අවජාතයෙකු වන, ග්‍රාමසේවක බුද්ධියක් පමනක් උරැම එජාපයේ සහ සුලු ජාතික චන්ද වලින් පින් ජනාධිපති වූ සිරිසේන හුටංට උගේ සිරිසේන රදල පරම්පරාව ගොඩ නගා ගැනීමට ඇති ප්‍රධාන හිසරදය ලංකා ඊ නිව්ස් ය. මේකා මොන ජල්ලිය ඇල්ලුවද පහුවදා ඊ නිවිස් මගින් මුව නිරැවත් මානයෙකු බවට පත් කර ඇත. මූ කරන තරමක් කරනුයේ නොසංඩාල නූගත් වැඩ නිසා මූට ඊනිවිස් වල පහරදීමට ලක් වීමට සිදුවි ඇත. ඊ නිවුස් බලනා බුද්ධිමත් පාඨකයින් මෙය හොඳින් දනිති. බැරිවෙලාවත් ඊ නිව්ස් අසාධාරන ලෙස යමෙකු විවේචනයට ලක් කල හොත් පාඨකයින් එයද අවබෝධ කරගෙන පෙරලා ඊනිවිස් විවෙචනය කරනු ඇත. එවිට ඊනිව්ස් වලට ඇති ජනතා ප්‍රසාදයද නැති වනු ඇත. දීර්ග කාලය සිට ඊනිව්ස් බලනා පාඨකයෙකු ලෙස මට ඔප්පු වී ඇති සත්‍ය නම් ඊනිව්ස් 99 + % ක් තරම ඉහල ප්‍රතිශතයකින් සාධාරනව තම වගකීම ඉටු කර ඇත. මට මතක ඇති එසේ නොවූ එකම අවස්ථාව නම් දිල්රැක්ෂිව එලවීමට මෛත්‍රිපාල කුමන්ත්‍රනය කරන අවස්ථාවේ ඊනව්ස් විසින් දිල්රැක්ෂි තම සේවකයෙකුට මල ගෙදරක යෑමටවත් ඉඩක් දෙන්නේ නැති යක්ෂනියක් බඳු ගැහැනියක් යයි ප්‍රචාරයක් දුනි. කරැනු වශයෙන් එහිද වැරැද්දක් නොතිබෙන්නට ඇත. නමුත් මතවාදීමය වශයෙන් වෙනත් අරමුනක් ඉශ්ට කරගැනීමට සිරිසේනලා විසින් කරන ලද කුමන්ත්‍රනයට ඊ නිව්ස් ද හසු විය. ඒ යකට ගැහැනිය එලවා දැමීම තුල අද ඇතිවී ඇති තත්වය බැලූ විට ඇය සිටියා නම් මීට වඩා යමක් සිදු කල හැකිව තිබු බව හැඟි යයි. රාජිතයලා වගේ උන් අදටත් සිරිසේනගේ පිහිටෙන් තමන් කල හොරකම් යට ගසා ගෙන වැජෙඹමින් සිටිති. කෙනෙකුට යම් අසාධාරනයක් වුනි නම් ඊ නිව්ස් එම අසාධාරනයට ලක් වු පුද්ගලයාගේ කරැනු දැක්වීම නොමසුරැව පල කරන ලදි. මාද සමහර අවස්ථාවලදි ඊනිව්ස් තද බල ලෙස විවේචනය කල අවස්ථා තිබුනි. නමුත් ඒ අසත්‍ය ප්‍රකාශ කිරීම හෝ පුද්ගලයින්ට මඩ ගැසීම වැනි කරැනු නොව මතවාදීමය අදහස් අරභයා බව මගේ මතකයයි. රාජපක්ෂලා වැනි ගලවා දැමීමට අමාරැ ඒකාධිපති රැලක් අතුගා දැමීමට එක්වූ රටේ බුද්ධිමත් ජනතාවට මෙම ඊනිව්ස් තහනම එතරම් ලබ්බක් විය නොහැකිය. ප්‍රොක්සි එකකින් හො පේස් බුක් හරහා හෝ සත්‍ය දැනගැනීමට ජනතාව පෙල ගැසෙනු ඇත. රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට උරැම කිසිම පෞරැෂ නිමිත්තක් නැති හොර පොල් කැඩීමට ගොස් අසු වූ එකෙකුට පුකට පොල්ලෙන් ගැසූ විට ඇතිවූ කොන්දේ ඇදය එලෙසම උරැම වූ බඩ දරැ ගැහිනියක් සූත්‍රිකාගාරයට යනවා වගේ ගමනකින් හමුදා පෙරෙට්ටු පරීක්ෂා කරන, ජාත්‍යන්තර සම්මේලන වලදී සිංහලෙන් ඊනියා සමාජවාදී ෙෙශලයකින් සභාව අමතන සිරිසේනට විදෙස් රටවලදී ඇමෙරිකාව බ්‍රිතාන්‍ය ප්‍රංශය වැනි රටවල නායකයින් සැලකිල්ලක් සහ ඉහල පිලි ගැනීමක් දැක්වූයේ ඔහුගේ ඇති සුවිෙශ්ෂී ගතියක්, කැපකිරීමක් හෝ අලුත් දර්ශනක් ක්‍රියාත්මක කිරීම නිසා නොව රනිල් වික්‍රමසිංහ නැමැති මහා රාජ්‍යතාන්ත්‍රිකයා විසින් හැම එකාගේම කඩාකප්පල් කිරීම් මැද්දේ ඉතාමත් විචක්ෂනශිලී සහ උපායශිලි ආකාරයට කරගෙන යන මේ රට ජාතිවාදි ආගම් වදී නොදියුනු ගෝත්‍රික ලිංමැඩි මානසිකත්වයෙන් ගොඩ ගැනීමට කරගෙන යන අරගලයට දක්වනු ලබන අනුග්‍රහයක් වශයෙනි. රාජ්‍ය සේවකයිනට් රැ. 10,000 ක වැනි හිතා ගන්නවත් බැරි තරම් අති විශාල පඩි වැඩි කිරීමක් දී මෙරට ජනතාවගේ නූගත් දේශපාලන මානසිකත්වයේ අමනෝඥ පදනම් අස්ථවර කර දැමීම තරම් දුරට එම ජාත්‍යන්තර සහයෝගය සහ විද්‍යාත්මක උපදෙස් ක්‍රියාත්මක වි ඇති බව දැනගන්නට ඇත. මේ රට ගොඩ නගා දියුනු කිරීමට නම් නූගත් ශ්‍රීලනිප සහ සංධාන රැහැන් වලින් මෙරට මුදාගෙන ප්‍රගතිශිලී සෑම විටම අලුත් සංකල්ප සහ ලෝකයේ දියුනු තාක්ශන සහ බුද්ධිය තුල කටයුතු කිරීමට සැදී පැහදී සිටින එක්සත් ජාතික පක්ශයේ රජයක් පිහිටුවා රනිල් වික්‍රමසිංහ වැනි නායකයෙක් යටතේ රට අඩු තරමේ අවුරැදු 30 ක් වත් පාලනය කල යුතුය. මේ රටට වැරදුනේ ජේ ආර් දෙවාරයෙන් පසු අයින් වීම නැමැති ෙඛිද වාචකයයි. ප්‍රේමදාස දුප්පතුන් වෙනුවෙන් කල සේවය සහ අනික් සීමිත කාර්යයන් කෙතරම් යහපත් වුවද ජාත්‍යන්තර තලයේදී මෙරට පතාක යෝධයෙකු බවට පත් කර ගැනීමට අව්‍යශ ඥානය ඔහුට නොතිබුනි. එල්ටීටී සහ ඉන්දියා කඩාකප්පල් කිරීම මේ තත්වය තව දුරටත් අමාරැ අඩියකට පත් කරන ලදි. ඇත්ත වශයෙන්ම ඉන්දියාව එල්ටීටී එක හරහා අපේ රට අස්ථාවර කර අපේ රටට එන්ඩ තිබූ සියලුම තාක්ශනික ඥානය සහ ආයෝජන තමන්ගෙ රටට හරවා ගත්තේය. අපේ රටේ මෝඩ රැල ඉන්දියාවේ උගුලට අහු උනි. ජාතිවාදී යුද්ධය යනු උගුලය. අපි උගුලට අහුවී දනිපනි ගසන අතරේ ඇත්තටම සිදුවූයේ කුමක්ද යන්න තේරැම් යන්නෙ අද ඉන්දියාවෙන ලංකාවට අනයන කරන තාක්ශනික නිමැවුම් දෙස බැලීමෙනි. වැඩිය ඕනැ නෑ අද ලංකාවේ සිංහලයින්ගේ වෙඩින් ආවරනය කිරීමට ඉන්දියාවේ චායාරෑප ශිල්පීන් සහ වීඩියෝ කරැවන් පැමිනීමට සැදි පැහැදී සිටිති. අපගේ තත්වය එතරම් බැරෑරැම්ය. ඉන්දියාව සුමටව ගලාගෙන දෙගොඩ තලා යයි. ඉන්දියාව වර්ජනය කිරීම ප්‍රශනයට උත්තරය නොවේ. සිරිසේන වැනි එදා වේල හමබ කරගෙන කන හාල් පාරැවෙකුට මෙවැනි ප්‍රශ්නවලට මුහුන දී රටක් හැටියට ගොඩ යාමට බුද්ධියක් හෝ ශක්‍යතාවයක් නැත. රනිල් වික්‍රමසිංහ නැමැති අවසාන කෝච්චිය සියලු බැට මුගුරැ කැටකැබිලිති රෝද පිටින් ගලවානෙ යෑම් ප්‍රහාර හමුවේ තවමත් අප ඊට ගොඩවන තුරැ බලා සිටී. It is not always that we get historical leaders with vision, talent and statesmanship capable of concurring the insurmountable obstacles a country is challenged with. Present time of the world history is not when challengs are met with the fist or the bullet, but with wisdom that embraces democratic values. History of Sri Lanka laments that its peoples have faltered one step after the other through a series of wrong policies, wrong nationalistic and religious ideologies, wrong cultural econoic and social perceptions. It is this very cargo we embrace that hinder our progress that the developed and developing nations of the world have jettisoned in their success story. Let us jettison Sirisena payload and embrace the ideology of Ranil Wickramasinghe in our quest for gold and happiness, for a better future for all of us, prsent and future, for our children.
-- by silva on 2017-11-10

බැරිවෙලාවත් එජාපෙ ආණ්ඩුවෙන් අයින් වුනොත් සිරිසේනට රට ඇතුලෙ විතරක් නෙමෙයි පිටරට වලින් ලැබෙන පිළිගැනීමත් හිරු එලියෙන් ජල බිංදුව වාෂ්ප වෙනව වගේ අතුරු දහන් වෙනව.
-- by දම්මික on 2017-11-12

ලංකා ඊ නිව්ස් වාරණය කරන්නේ 8 වෙනිදා සවසය. එය ජනාධිපතිවරයාගේ ඍජු මැදිහත් වීම නිසා සිදුවූ දෙයක් බවට සැකයක් නැත. මාධ්‍ය වාරණයක් අප කොහෙත්ම යහපාලන රජයෙන් බලාපොරොත්තු වූයේ නැත. සියළු මුද්‍රිත/ විද්යුත් මාධ්‍ය රාජපක්ෂ සරණ යන විට ජනවාරි 8 වෙනසට දායක වූයේ විකල්ප අන්තර්ජාල මාධ්‍ය බව ජනාධිපතිවරයාට අමතක වී ඇත එයිනුත් වැඩි කාර්යභාරයක් ඉටු කළේ ලංකා ඊ නිව්ස්ය.
-- by මසිරා on 2017-11-12

අනේ අසරණ මෝඩයා!
-- by රෝනි on 2017-11-12

සිරිසේනගෙ ඔය හැසිරීම ගැන මට දුකක් දැනෙනව, මොකද කියනව නං පිම්බෙන්න ගිය ගෙම්බට වෙච්ච දේ මතක් වෙන කොට...
-- by latha on 2017-11-12

ඊ නිවුස් තහනම පිට්පස්සෙ ඉන්නෙ මහරාජයි මෛත්‍රීපාලයි
-- by දම්මික on 2017-11-12

ඔය කොමිසමේ සමහර නීති+අඥයො හැසිරෙන්නෙ හරියට මැද මුලනෙ ඩණ්ඩි වගේ...... පා....ඩයො!
-- by Evans perera on 2017-11-12

සෝභිත හිමිගේ අභාවයේ දෙවර්ෂපූර්ණ සැමරුමට සිරිසේන ගියේ ජංගිය විතරක් ඇඳගෙනය!
-- by aban on 2017-11-12

enews තහනම් කිරීමෙන් අපිට පේන්නෙ මෛත්‍රීපාල ගාව ඉන්න රාජපක්ෂගෙ ඔත්තු කාරයො තවත් වටේකින් සාර්ථක වෙලා තියෙන බව.
-- by හසන් on 2017-11-12

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more