වෙබ් අඩවි බ්ලොක් කරන අතරේ ‘කෘතිම බුද්ධියට‘ වැඩ සටහන්..! 2018 අය වැය සම්පූර්ණයෙන් කියවන්න

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.09, ප.ව.10.25) වෙබ් අඩවි බ්ලොක් කරන ජනාධිපතිවරයෙකු තබා ගනිමින් ‘කෘතිම බුද්ධිය‘, ‘රොබෝ තාක්ෂනය‘ වැනි අයිටී අධ්‍යාපනය වෙනුවෙන් ‘තොරතුරු තාක්ෂණ ඇරඹුම‘ නමින් වැඩ සටහනක් ක්‍රියා කරන බව යහපාලන ආණ්ඩුවේ තෙවන අය වැය 2018 අය වැය වාර්තාවේ සඳහන් වේ.

පෙට්‍රල් ටික හිඟයකින් තොරව බෙදා හැරීමට අසමත් වන ඛනිජ තෙල් ඇමැතිවරයෙකු තබා ගනිමින් ‘ව්‍යවසායකත්ව පාරාදීසයක්‘ කිරීමට ද අය වැය යෝජනා කර තිබේ. 

තම ලිෆ්ට් ඔපරේටර්ටගේ කණට ගසා නිදහසේ සිටින පොලිස්පතිවරයෙකු තබා ගනිමින් පොලිස් සහ අපරාධ කටයුතු පිළිබඳ විශ්ව විද්‍යාලයක් බිහි කරන බවත් ඒ වෙනුවෙන් මිලි 125 ක් වෙන් කර ඇතැයිද අය වැයේ සඳහන් ය. තවත් අයවැය යෝජනා කිහිපයක් සැකැවින් ‍මෙසේ ය.
 
ඇප නැතිව ව්‍යාපෘතියට ණය ලබා දේ (මිලියන 10,000) 
ණය ආපසු ගෙවීම සඳහා සෑම බැංකු ගණුදෙනුවකින්ම රු.1000 කට ශත 20 ක විශේෂ බද්දක්
සෑම වාහනයකින්ම කාබන් බද්දක්. 
මධ්‍යසාර ප්‍රතිශතයට සමානුපාතිකව බදු
මධ්‍යසාර වලට ජාතිය ගොඩ නැගීමේ බද්දක්
සැරිසර නමින් බස් මගීන්ට පෙර ගෙවුම් ඉලෙක්ට්‍රොනික් කාඩ් පතක්
සන්නිවේදන කුළුනකට මාසිකව ලක්ෂ 2 ක ගාස්තුවක් 
බහුදින යාත්‍රා මිලදී ගැනීමේදී මිලෙන් සියයට 50 ක් රජයෙන්
මුහුදු කූඩැල්ලන් අපනයනයට කිලිනොච්චියෙන් කලාපයක්
බඩ ඉරිඟු පිට රටින් ගෙන්වීම පුළුල් කෙරේ.
දෙමුහුන් පොල් පැල නිෂ්පාදනය කෙරේ
මල් නිෂ්පාදනය සඳහා ‘මල් කවුන්සියලයක්‘ 
විදේශිකයන්ට ගෙදර නවාතැන් දෙන ‘හෝම් ස්ටේ‘ සඳහා ණය -මිලියන 10
ඕෆ් රෝඩ් ක්‍රීඩා වාහන සඳහා බදු අඩු කෙරේ
70 වෙනි නිදහස මුම්බායි ලොස් ඇන්ජලීස් ලන්ඩන් සැමරුම් සඳහා මිලියන 50 ක් 
විදේශ පාස්පෝට් හිමියන්ට වැට් බදු නැවත ගෙවයි
‘සංචාරකයන්ට හිතැති ටුක් ටුක්‘ ලා බිහි කෙරේ.
ත්‍රී රෝද රථ අධිකාරියක් ඇති කෙරේ
රේස්කෝස් ගොඩනැගිල්ල කැටයම් හා නවීන මෝස්තර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කෙරේ -මිලි 250
මොරටුවට ජාත්‍යන්තර රංග කලා ආයතනයක් ගොඩ නැගේ -මිලි 600

මීට අමතරව අය වැයට පෙර ඊයේ සිට 
හාල්මැස්සන් කිලෝවකින් රුපියල් 10ක්, 
අර්තාපල් කිලෝවකින් රුපියල් 39ක්, 
ලොකුලූනු කිලෝවකින් රුපියල් 39ක්, 
පරිප්පු කිලෝවකින් (සම්පූර්ණ) රුපියල් 09ක්, 
පරිප්පු (පියළිකළ) රුපියල් 12ක්, 
කරවල කිලෝවකින් රුපියල් 50ක්, 
එළවළු තෙල් කිලෝවකින් රුපියල් 15ක්, 
ෆාම් තෙල් කිලෝවකින් රුපියල් 15ක් ලෙස බදු අඩු කළ බව ඊයේ මාධ්‍ය හමුවකදී මුදල් හා ජනමාධ්‍ය ඇමැති ප්‍රකාශ කෙළේය.

ඊට අමතරව ශුද්ධ කළ ෆාම් තෙල් කිලෝවකින් රුපියල් 25ක්, 
ශුද්ධකළ අනෙකුත් එළවළු තෙල් කිලෝවකින් රුපියල් 25ක්, 
ශුද්ධ නොකළ ෆාම් කර්නල් තෙල් කිලෝවකින් රුපියල් 25ක්, 
ශුද්ධ කළ ෆාම් කර්නල් තෙල් කිලෝවකින් රුපියල් 35ක් සහ පොල්තෙල් (ශුද්ධ නොකළ හා ශුද්ධ කළ) කිලෝවකින් රුපියල් 25ක් ද බදු අඩු කළ බව ද ඇමැතිවරයා කීය.

2018 අය වැය මෙතැන ක්ලික් කිරීමෙන් බා ගත හැකිය. 

---------------------------
by     (2017-11-09 19:47:37)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more