පැට්‍රල් හිඟයට විරෝධය පා රාජපක්ෂලා බයිසිකල් පදිද්දී දිනේෂ් හරක් දක්කති: අර්බුදයට සම්බන්ධ රණතුංගලාගේ ඥාතියා හෙළිවේ

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.09, ප.ව.4.45) ඛනිජ තෙල් ඇමැති සහ සභාපති ලෙස ක්‍රියා කරන දූෂිත රණතුංග සොයුරන් විසින් කෘතිමව ඇති කළ පෙට්‍රල් හිඟයට විරෝධය පා  කුරුණෑගල පා.ම. මහින්ද රාජපක්ෂ හම්බන්තොට පා.ම නාමල් රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධයේ පාර්ලිමේන්තු කණ්ඩායම බත්තරමුල්ල පොල්දුව මංසන්ධියේ සිට පා පැදිවල නැගී පාර්ලිමේන්තු පැමිණියහ. අද දහවල් යහපාලන ආණ්ඩුවේ 3 වැනි අය වැය කතාවට සහභාගී වීම සඳහා මේ පිරිස පා පැදි වල එද්දී දිනේෂ් ගුණවර්ධන ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් බර කරත්තයකින් පාර්මේන්තුවට පැමිණියහ.

මේ අතර ලංකා ඊ නිව්ස් ආරම්භයේ දීම කරන ලද වාර්තා සත්‍ය බව පසක් කරමින් තෙල් තොග රැගෙන පැමිණි Neverska Lady නැව ලංකාවට පැමිණ තෙල් ගොඩ බෑම සිදුකෙරුණේ අදය. 

මේ අතර තෙල් අර්බුදයට රණතුංගගේ ළඟම ඥාතියෙක් ලෙස පෙනී සිටින සුරේෂ් එදිරිසිංහ නමැත්තාගේ සම්බන්ධයක් ද හෙළි වේ. ඉන්දියානු සමාගමට තෙල් ගෙනා Torm Astrid නෞකාවේ තෙල් ප්‍රමිතියෙන් තොර බවට ඛනිජ තෙල් සංස්ථාවේ මූලික පරීක්ෂණ වලදී කී නමුත් එක් වරෙක පරීක්ෂණයකින් තෙල් ප්‍රතික්ෂේප වීමෙන් පසු දෙවැනි පරීක්ෂණයක් සිදු කිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි. නමුත් සුරේෂ් එදිරිසිංහ නැමැත්තා දෙවැනි පරීක්ෂණය සිදු කිරීම සඳහා මෙම තෙල් තොගය රැගෙන ආ ප්‍රංශ සමාගමක් වන Total සමාගමෙන් මුදල් ඉල්ලා ඇත. ප්‍රංශ සමාගම ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඇත. එයින් නොනැවතුනු සුරේෂ් එදිරිසිංහ වෙනත් සමාගමකින් තෙල් හදිසි මිලදී ගැනීමක් යටතේ වැඩි මිලට ගැනීමට ද උත්සාහ කර ඇත. එයද අසාර්ථක වී ඇත. 

සේයාරූ ලංකාදීපයෙනි

---------------------------
by     (2017-11-09 11:18:26)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

ඔහොම්මම දක්කපල්ලා සිංහරාජ කාලෙට , අර්ජුනයත් අවනම් තමයි i හොදම නඩේ. .ඉටපස්සේ කොළ අතු ඇන්දුවහම උන් උන්ගේ රජදනියේ පාඩුවේ ඉදිවී.
-- by Sesathrala on 2017-11-09

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more