යහපාලන ජනාධිපති ලංකා ඊ නිව්ස් ලංකාව තුල වාරණය කරයි

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.08, ප.ව.4.12) යහපාලන ජනාධිපති යටතේ පවතින විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ලංකා ඊ නිව්ස් අප වෙබ් අඩවියට මහජනතාව පිවිසීම ශ්‍රී ලංකාව තුල වාරණය කරන්නැයි සියලුම අන්තර්ජාල පහසුකම් සපයන සමාගම් වෙත නියෝග කර තිබේ. 

ඒ අනුව අද දහවල් සිට ශ්‍රී ලංකාවේ කිසිදු අයෙකුට www.lankaenews.com වෙත පිවිසිය නොහැකිය. 

වාරණයට පෙර ජනාධිපතිවරයා සහ මහාරාජා සමාගම එක්ව රුසියාවෙන් යුද නැවක් මිලට ගැනීමට යෑමේ ‘ඩීල් එක‘ සම්බන්ධයෙන් තොරතුරු ලංකා ඊ නිව්ස් විසින් අනාවරණය කිරීමෙන් පසුව ලංකා ඊ නිව්ස් වෙත දැන්වීම් සැපයූ ආයතන වෙත කතා කළ ජනාධිපති ලේකම් කාර්යාලයේ බලධාරීහු එකී දැන්වීම් නතර කර දමන්නැයි නියෝග කළහ.
 
බොහෝ ආයතන දැන්වීම් නතර කළා පමණක් නොව ගෙවීමට තිබූ හිඟ මුදල් ගෙවීමද අත්හිටුවන ලදී.
  
පසුගිය රාජපක්ෂ යුගයේ දී ද ලංකා ඊ නිව්ස් වෙත ප්‍රථමයෙන් ආවේ දැන්වීම් පාලනය කිරීමේ මර්දනය යි. දෙවනුව මාධ්‍ය ආයතනය වෙත සීඅයිඩිය කඩා පැනීම සිදුවූ අතර සීඅයිඩිය වෙත කැඳවා ප්‍රශ්න කිරීම ද සිදුවිය. එය වසරකට 9-10 වතාවක් තරම් විය. පෝද්දල ජයන්ත මාධ්‍යවේදියා පැහැර ගැනීම ගැන පොලිසියට පැමිණිලි කිරීම හේතුවෙන් එම පැහැර ගැනීමට ලංකා ඊ නිව්ස් සම්බන්ධ යයි කියා කතුවරයා සහ ප්‍රවෘත්ති කතුවරයාට එරෙහිව ව්‍යාජ නඩුවක් පැවරුවේය.  ඉන්පසුව ලංකා ඊ නිව්ස් මාධ්‍ය සගයා ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කරන ලද අතර ඊ නිව්ස් කතුවරයාට රට හැර යෑමට සිදුවිය. අනතුරුව ලංකාවේ සිටි මාධ්‍යවේදීන් ව්‍යාජ චෝදනා ඉදිරිපත් කොට අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම ඇරඹින. එයින් පසුව ලංකාවේ පවත්වාගෙන ගිය කාර්යාලය සහ වටිනා පුස්තකාලය සහමුලින්ම ගිනි තබා විනාශ කෙළේය. ඉන් මාස කිහිපයකට පසුව ලංකා ඊ නිව්ස් ලංකාව තුල වාරණය කෙළේය. ඒ මහින්ද රාජපක්ෂගේ වනචර දශකයේ දී ලංකා ඊ නිව්ස් විඳි මර්දනයේ කාල සටහනයි. 

යහපාලන ආණ්ඩුව පැමිණීමෙන් පසුව ලංකා ඊ නිව්ස් වෙත පනවා තිබූ වාරණය ඉවත් කෙරුණු අතර ප්‍රගීත් අතුරුදහන් කිරීම ගැන පරීක්ෂණ ආරම්භ කෙරිණ. නමුත් ලංකා ඊ නිව්ස් ගිනි තැබීම ගැන පරීක්ෂණ ආරම්භ කෙළේ නැත. ප්‍රගීත් අතුරුදහන් කිරීමට සම්බන්ධ යුද හමුදාවේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන ලද නමුත් ජනාධිපතිවරයාගේ රණවිරු උන්මාදය හේතුවෙන් පරීක්ෂණ නිමාවන තුරු ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාර ගත නොකර ඇප මත නිදහස් කරන ලදී. ඇප මත සිටියදී යුද හමුදා රැකියාව නොලැබෙන්නේ වී නමුත් ජනාධිපති වරයා ඔවුන්ව යලි සේවයේ පිහිටැව්වේ ය. ඉන්පසු පරීක්ෂණ අඩාල වූ අතර එම පරීක්ෂණ වලට දැන් සිදුවූ දෙයක් නැත. 

ඉන්පසුව ජනාධිපතිවරයාගේ හෙංචයියන් විසින් ලංකා ඊ නිව්ස් කතුවරයා වෙත ඉන්ටර්පොල් වරෙන්තුවක් නිකුත් කරවා ගැනීමට වෑයම් කරන ලද නමුත් එය නොහැකි විය. පසුව එකී හෙංචයියන් විසින්ම ව්‍යාජ නඩුවක් පවරා තිබේ. 

පසුගිය රාජපක්ෂ යුගයේ ලංකා ඊ නිව්ස් ඇතුළු මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් මුහුණ දුන් මර්දනයන්ට වන්දි ගෙවන බව කීවද අද දක්වා ලැබුණු ලබ්බේ (0) වන්දියක් හෝ නැත. ඒ වෙනුවට ජනාධිපතිවරයා වාරණයෙන් ‘වන්දි ගෙවීම‘ අරඹා තිබේ.

යහපාලන ආණ්ඩුව ගෙන ඒමට කැපව අපවත් වූ මාදුළුවාවේ සෝභිත මාහිමිපාණන්ගේ දෙවන අනුස්මරණ උත්සවයට අද සහභාගී වූ ජනාධිපතිවරයා පවසා තිබුනේ හොරු ඇල්ලීමට තමන් කොමිසමක් ආරම්භ කරන ලද අතර ඉන් හෙලි වූ හොරු, විදේශයක සිට මෙහෙයවන වෙබ් අඩවියකට මුදල් ගෙවා තමන්ට මඩ ගහන බවයි.

ලංකා ඊ නිව්ස් වාරණය ලංකාවේ ජනතාවට ඇති තොරතුරු දැනගැනීමේ අයිතියට එල්ල කළ උග්‍ර පහරකි.  

---------------------------
by     (2017-11-08 11:43:46)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  19 discussion on this news

No problem, we can watch it through proxy server, hide me.
-- by saman on 2017-11-08

Mokada me wenne??? Mamath MY3 ta thamai vote kale. Pissu hadenawa.
-- by Rohan on 2017-11-08

සිරිසේන ගොයියා තමන්ට චන්දය දුන් මිනිසුන්ට රෙද්ද උස්සා පස්ස පෙන්නා අපහාස කළේ දින 100 ඉකුත් වන්නටත් පෙරය. දැන් ඔහු ලංකාඊනිව්ස් වලට කොකා පෙන්වීම ගැන පුදුම විය යුතු නැත. මොහුට වඩා බලවත් යයි කියා ගත් මරා පාලනයට විරුද්ධව නැගී සිටි ලංකාඊනිව්ස් වලට පුලතිසිපුර සිරිසේන ගමරාළ උන්නැහේ නිකම්ම නිකං හාල්මැස්සෙකි.
-- by Tissa Abeyratne on 2017-11-08

We don't give up you
-- by jayarathna pk on 2017-11-08

2017-11-08, රාත්‍රී 8.33, තාම මොබිටෙල් නං වැඩ, අනිත් ඒව කොහොමද දන්නෙ නෑ.
-- by සතිශ් on 2017-11-08

ආයිත් සැරයක් මෛත්‍රීපාලත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට ඒ ගෞරවය අරන් දුන්න එහෙනං!
-- by latha on 2017-11-08

පහුගිය ජනාධිපති ඡන්දෙදි අපේ සටන් පාඨය වෙන්න තිවුනෙ ‘අළුත් හොරෙක් ඕනෑ‘කියල, යහපාලන විකාර නෙවෙයි.
-- by බැසිල් on 2017-11-08

තහනං දාන්න ගිහින් මරා ඉල්ලං කාපු හැටි සිරාට මතක නෑ!
-- by රංජිත් on 2017-11-08

මරා වෙනුවට සිරා! ඒක විතරයි වෙනස....
-- by වස්සා on 2017-11-08

රවි කරුනානායක පහුගිය ජනාධිපති ඡන්දෙදි කෝටි කීයක් මෛත්‍රීපාල වෙනුවෙන් වියදම් කරාද? එහෙනං හොර සල්ලි වලින් පත්වුනු මෛත්‍රීපාල කෛාහොමද ලැජ්ජාවක් නැතුව ඔය තනතුරේ ඉන්නෙ?
-- by අමාලි on 2017-11-08

දූයි බෑණයි එකතු වෙල කරන හොරකං වලින් කොමිසම පටන් ගත්ත නං සිරිසේන රියල් පොරක් කියල කියන්න තිබුන. දැන් ඉතින් කියන්න තියෙන්නෙ අයියෝ සිරිසේන කියල තමයි!
-- by දම්මික on 2017-11-08

No. Problem. I could read lanka e news at 10.00 pm today
-- by Indranie de Silva on 2017-11-08

ලංකා ඊ නිව්ස් කර්තෘවරයාගේ අවසරය ලැබෙන්නේ නම් ඊ නිව්ස් හි පළවන සෑම ප්‍රවෘත්තියක්ම අප වෙබ් අඩවිය වන www.colombonewstoday.lk හි පළකිරීමට අප සූදානම්. ඒ බව ඊ නිව්ස් හි ප්‍රදර්ශනය කළයුතුය
-- by colombonewstoday on 2017-11-08

my3 sudda karala purasaram kiyapu umbalata owa hoda padam bro!
-- by nalin on 2017-11-08

Proxy thiyenakam mona waranadha?
-- by Dad1 on 2017-11-09

What nonsense of Gobba Government ! Here is the easy access to LEN ! http://54.86.146.54/
-- by Nandaka on 2017-11-09

කොහොමද වැඩේ, මේ වගේ ගොනෙක් පොදු අපේක්ශකය කල කාටත් හොඳ පාඩම්. ජනාධිපති ගෙදර එවුන් එක්ක ගහන ගේම් ප්‍රසිද්ද නොකරනං ඊනිවුස් තාමත් හොඳ පොතේ. මූ හිතන් ඉන්නේ හැමදාම ජනාධිපතිය කියලා. නූගත් මෝඩ කමනේ. බලමු 2020න් පස්සේ මොකද වෙන්නේ කියලා.
-- by Batty on 2017-11-09

me yakaawa janadhipathi karanna hadana kotama mama nam denagaththa apita kela wei kiyala. me miniha mooda thakathiruwek. LEN saha Api kochchara try kalada MR wa pannanna saha me wage ponnayekwa genna. Lankaawe minissunge heti mehema thama. kalaguna danne nehe. kiyanne nam mahaa sanskruthiyak saha mahaa Sinhala bawuddhayo kiyala. punwa pana pitin apaaye yanna ona. LEN ta mudhalin udawu ona nam api innawa. me lankaawe janadhipathita bhaye advertisement akula ganna ponna samaagam apita ona nehe. Polonaruwe mooda rilawu.
-- by normal minisa on 2017-11-09

If anyone wants to read lankaenews then use this proxy website. (ProxySite.com)
-- by wickramasinghe on 2017-11-10

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more