රාජපක්ෂලා LOLC සමග කළ මේ ග්‍රහලෝකයේ ඇති අපූරුම ලීසිං මගඩිය මෛත්‍රී සහ ශිරාල් දෙදෙනා එක්ව දිගටම කරලා: ලක්ෂ 69 ක් වටිනා වාහනයට ලක්ෂ 135ක් ගෙවලා: වාහන ගණන 77 යි, ලැයිස්තුව මෙන්න

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.08, ප.ව.12.20) රාජපක්ෂ රෙජීමයේ වනචර දශකයක පාලන සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයත් LOLC සමාගමත් එක්ව සිදුකළ නීලකාස දූෂණයක් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේද ඒ ආකාරයටම සිදුකරගෙන යන බවත් ඒ ගැන සෙවීමට ගිය ජනාධිපතිගේ සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක විසින් ඒ සඳහා අලුතින් ඩීල් එකක් දමා තිබෙන බවත් ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
 
ජනාධිපති ලේකම් කාර්යාලයට අළුතෙන් වාහන ලබාගැනීම සම්බන්ධයෙන් සිදුකර ඇති මේ අරුම පුදුම ලීසිං හෙවත් කල්බදු ගණුදෙනුව මේ ග්‍රහලෝකයේ ඇති එවැනි එකම එක ලීසිං ගණුදෙනුව විය යුතුය.

සාමාන්‍යයෙන් රාජ්‍ය ආයතනයකට අළුතෙන් වාහන ලබාගැනීමේ දී ඒවා කල්බදු ක‍්‍රමයට ලබා නොගන්නා නමුත් පසුගිය වනචර දශකයේ දී කල්බදු පදනම මත LOLC ආයතනය මගින් වාහන ලබාගැනීමට කටයුතු කර ඇත.

මෙලෙස LOLC සමාගම මගින් ජනාධිපති ලේකම් කාර්යාලයට ලබාගෙන ඇති වාහන සඳහා මාසික වාරික වශයෙන් පමණක් ගෙවිය යුතු මුදල රුපියල් මිලියන 15 කි. නමුත් මෙම ගිවිසුමේ ඇති සුවීශේෂී තත්වය නම් සාමාන්‍යයෙන් අප වාහනයක් කල්බදු පදනම මත ලබාගත්විට එම ණය මුදල ගෙවා අවසානයේ දී එම වාහනය අපට අයත් වන නමුත් මෙම ගිවිසුමට අනුව මුදල් ගෙවා අවසාන වන විට එම වාහන වල අයිතිය පැවරෙන්නේ LOLC සමාගමට ය. මෙවැනි ලීසිං ක්‍රමයක් මේ ග්‍රහලෝකයේම නැතැයි කියන්නේ එබැවිනි.  

මෙය ලීසිං නොව කුලී පදනම මත ලබාගන්නා ලද ඒවා යයි  යම් අයෙකුට තර්ක කළ හැකි නමුත් එසේ කුලී පදනම මත ලබා ගත්තා නම් එම වාහන වල නඩත්තු කටයුතු සිදුකළ යුතු වන්නේ ඒවායේ හිමිකාරීත්වය දරණ සමාගම හෙවත් LOLC සමාගම විසින් විය යුතුය. නමුත් මෙම ගිවිසුමට අනුව මෙම වාහනවල නඩත්තු කටයුතු සිදුකරනු ලබන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය විසිනි. 

එමෙන්ම මේ ලබාගෙන ඇති වාහනවල තක්සේරු වටිනාකම් සම්බන්ධයෙන් ද දැඩි ගැටළුවක් පැන නැගී ඇත. උදාහරණයක් වශයෙන් ගතහොත් මයික්‍රෝ සමාගම මගින් එකලස් කරන SsangYong Rexton වර්ගයේ ජීප් රථයක අද දිනයේ වටිනාකම රුපියල් ලක්ෂ 63 ත් 69 ත් අතරවන නමුත් 2014 වර්ශයේ දී ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා එවැනි රථයක් ලබා ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 135 ක් බැගින් වටිනාකම් සඳහන් කරමිනි. මේ ආකාරයට වැඩි මුදලක් තක්සේරු කිරීම හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට එම වැඩිපුර මුදලත් ඒ වෙනුවෙන් පොලියත් අමතරව ගෙවීමට සිදුව ඇත.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට ප‍්‍රථම ජනාධිපති ලේකම් කාර්යාලය පාර්ලිමේන්තුවට වගකිවයුතු නොවීමත්, ජනාධිපති ලේකම් කාර්යාලයේ වියදම් විගණනය නොවීමත්, ජනාධිපති ලේකම්ව කිසිදු දිනයක කෝප් කමිටුව ඉදිරියට නොකැඳවීමත් හේතුවෙන් මේ ආකාරයට අත්තනෝමතිකව කටයුතු කිරීමට එදා ජනාධිපති ලේකම් කාර්යාලය කටයුතු කර තිබුණි.

එදා මෙම ගනුදෙනුව සඳහා ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, කල්පිටිය බීච් රිසෝර්ට් ඇතුළු කොටස් වෙළඳපොල කෘතිමව හැසිරවීම සහ තවත් අයථා ගණුදෙනු සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂගේ ගජ මිතුරෙකු සහ LOLC සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන ඉෂාර නානායක්කාර යන පුද්ගලයන් ද සම්බන්ධ වී සිටියහ.

කෙසේ නමුත් වත්මන් ජනාධිපති පත්වීමෙන් පසුව මේ පිළිබඳව සොයා බලා කටයුතු කිරීමට ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක වෙත ජනාධිපතිවරයා විසින් පැවරූ නමුත් තවමත් වාහන වල අයිතිය LOLC සමාගමටම හිමිවන අතර මාසික වාරික මුදල් ද පෙර පරිදිම ගෙවමින් සිටියි.

රාජපක්ෂලාගේ දූෂණය දිගටම පවත්වාගෙන යමින් LOLC සමාගමට කෝටි ගණනක වාසියක් සැලසීම වෙනුවෙන්  ශිරාල් ලක්තිලක අත යට ගත් මුදල කොපමණක්දැයි නොදන්නා නමුත් වත්මන් ජනාධිපතිගේ පොකට් මනි සඳහා යයි විශාල මුදලක් LOLC සමාගම ගෙවන බව නම් දනිමු. 

මේවා අප විසින් හෙළිදරව් කළ විට සිරිසේන මහතා සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම් ලක්තිලක උන්නැහේ කියන්නේ අපි ඔවුන්ට මඩ ගසනවා කියා ය. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දුරකථන ඇමැතුම් දෙමින් අපගේ දැන්වීම් අනුග්‍රාහයකන්ට තර්ජනය කරති. මොවුන් රාජපක්ෂ යුගයේදී කළ දූෂණය දිගටම පවත්වාගෙන යනවා පමණක් නොව දැන්වීම් කරුවන්ට තර්ජනය කරමින් රාජපක්ෂලා මාධ්‍ය මර්දනය ආරම්භ කළ ආකාරයටම මාධ්‍ය මර්දනයද ආරම්භ කර තිබේ.

---------------------------
by     (2017-11-08 08:56:59)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

63, eight, forty seven, 72 or 57: the highest is?

  1 discussion on this news

Now best thing is everybody get together and vote for Mahinda and punish MY3 for cheating all of us. As he does not have any education he thinks that he can fool all Sinhalaese for ever. MY3 never did anything to find Mahinda's public money robbing and Killing and other thuggey works. Instead of that he and his gang very first day on started to robbed public money and making deals everywhere. See film named "AGENT". Then you will see the truth.
-- by Nawodha on 2017-11-08

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more