මහාරාජාගේ නාළිකාවේ දී රනිල්ට මඩ ගහන්නට ආ බන්ධුල ජයසේකර ඩිව් හා රෝහණ ලක්ෂ්මන්ගෙන් සල්ලං වෙයි

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.07, ප.ව.4.05) රට පුරා මේ දිනවල උද්ගතව පවතින පෙට්‍රල් හිඟය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මඩ ප්‍රහාර එල්ල කිරීමට මහරාජාගේ මාධ්‍ය ආයතනය ඊයේ (06) දින සිටම විවිධ උත්සාහ දරණ බව පෙණින.

ඊයේ (06) පස්වරුවේ ප්‍රධාන පුවත් විකාශයේ දී ඉන්ධන හිගයට හේතුව අගමැතිවරයාගේ අදුරදර්ශි ක්‍රියාකලාපය බව පෙන්වා දෙමින් ඔහු මේ ගැටළුව පසුපස සිටින්නේය යන්න මහජනතාවට ඒත්තු ගැන්වීම සදහා මහාරාජා නාලිකාව මහත් උත්සාහයක් දරනු ලැබීය.

එම පුවත් විකාශයේ දී බන්ධුල ජයසේකර හා චාමික රොෂාන් නැමැති පුද්ගලයා නිදහස් මාධ්‍යවේදී සව්කට් අලිගෙන් විමසන්නේ "මේකට අගමැති රනිල් සම්බන්ධයි නේ" යනුවෙනි. එහෙත් සව්කට් අලි කියන්නේ "මේක එහෙම කියන්න බැහැ. පාර්ශ්ව දෙකක් මේ රජය නියෝජනය කරනවානේ….." යනුවෙනි. 

තම උත්සාහය අත් නොහරින බන්ධුල ජයසේකර අද දින (07) පෙරවරුවේ කැඩපත ( පඩකැත) වැඩ සටහනට මහාචාර්ය රෝහන ලක්ෂ්මන් පියදාස මහතා සහ ඩිව් ගුණසේකර යන මහත්වරුන් කැදවා තිබුනේ රුසියානු විප්ලවය ගැන කතා කිරීමටය.

වැඩ සටහන ආරම්භයේ දීම රුසියානු විප්ලවය ගැන කතා කළ බන්ධුල ජයසේකර  රුසියානු විප්ලවය සිදු වුයේ එවකට පැවැති රජය මහජන අවහ්‍යතා නොසළකා හරිමින් කටයුතු කළ නිසා බවත්, මෑත දින කිහිපය තුළ ලංකාවේ හට ගෙන තිබෙන ඉන්ධන අර්බුධය එවැන්නක් බවත් කියමින් සාමාන්‍ය ජනතාව රජය පළවා හැරීමට දැන් මහමගට අවතීර්ණව සිටින බවත් කීය. 

එහෙත් ඊට පිළිතුරු දුන් ඩ්ව් ගුණසේකර මහතා රුසියානු විප්ලවයට බලපාන ලද කාරණා මෙම ඉන්ධන අර්බුදය හා සමපාත කළ නොහැක්කක් බව ප්‍රකාශ කළේය. මෙම පෙට්‍රල් හිගයෙන් සාමාන්‍ය ජනජීවිතයට එතරම් බලපෑමක් එල්ල වී නැත. පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මකය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය සිදුවෙමින් පවතී. ඒ නිසා රජයක් පෙරලීමට තරම් මෙම කාරණය බලවත් එකක් නොවන බව ඔහු පෙන්වා දුන්නේ බන්ධුල ජයසේකරගේ රනිල් විරෝධය තුට්ටුවකටවත් මායිම් නොකරමිනි.
 
මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කියා සිටියේ මෙම කාරණය රජයට ඝෘජුවම  අදාල දෙයක් නොවන බවයි. සාමාන්‍යෙයන් ලෝකයේ ඕනෑම රටක මෙවැනි තත්ත්වයක් හදිසි හේතුන් නිසා වියහැකිය. එහෙත් එය රුසියානු විප්ලවය වැනි ශ්‍රේෂ්ඨ ක්‍රියාකාරිත්වයකට ලඝු කොට සැළකිය හැක්කක් නොවන බව හෙතෙම ද අවධාරණය කළේය. 

බන්ධුල ජයසේකර වටපිට බලනු පෙනිණ. 

ඉන්පසුව වැඩ සටහන අවසන් වීමට ප්‍රථම අපේක්ෂා භංගත්වයෙන් පෙළුනු බන්ධුල ජයසේකර  "මේවාට රනිල් වික්‍රමසිංහ වගකිය යුතු නොවේදැයි" තම සුපුරුදු ප්‍රශ්නය යළි ඇසීය.

 ඊට පිළිතුරු දුන් ඩිව් ගුණසේකර මහතා "එහෙම කියන්නේ කොහොමද..? මේ ආණ්ඩුව තුළ පාර්ශ්ව දෙකක් ඉන්නවා.. මාධ්‍ය වේදීන් විදියට තමුන්නාන්සේලාත් මේවාට වග කියන්න ඕනෑ. දැන් ඔයා අපිට එන්න කිව්වේ රුසියානු විප්ලවය ගැන කතා කරන්න. නමුත් අපෙන් අහන්න හදන්නේ තමුන්ගේ ඔළුවේ තියෙන වෙන කාරනාවක් ගැන. රුසියානු විප්ලවය ගැන අපෙන් වචනයක්වත් ඇහැව්වාදැයි" හෙතෙම විමසීය.

 මෙවිට ගලේ පැහැරෑ බළලෙකු වැනි සේ හැසිරුණ  බන්ධුල ජයසේකර "නෑ ඉතිං ඒක ගැනම කතා කළා නම් මිනිස්සු රිමෝට් එකෙන් මේ වැඩ සටහන බලන එක වෙනස් කරනවානේ... ඒ නිසා තමයි මේ කරුණු ගැන කතා කළේ..."

 ඒ වුනාට "තමුන් කළේ මහා කැත වැඩක්" යැයි සහභාගි වු අය කියද්දීම බන්ධුල ජයසේකර "අදට අපිට තියෙන වේලාව මෙච්චරයි ... එහෙනම් ඔබට ආයුබෝවන්" යැයි කියමින් වැඩ සටහන නවත්වනු ලැබීය.

ඉන්ධන හිගය ගැන රජය පවසන්නේ වෙනමම කාරණයකි. මෙය පසුපස මහා කුමන්ත්‍රණයක් තිබේ යැයි කියැවේ. එය වෙනමම කාරණයකි.

 නමුත් අර්ජුන රණතුංග ඇමැතිවරයා විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවක දී කරන ලද ප්‍රකාශයක් වුයේ මට යම් යම් බලපෑම් පවා  එල්ල වුනා යන ප්‍රකාශය පදනම් කර ගනිමින් එය අගමැතිවරයා පිට හේතු රහිතව පැටවීමට මහරාජා නාළිකාව දැරූ උත්සාහය නින්දිතය.

එමෙන්ම පසුගිය රජය සමයේ බාල ඉන්ධන ආනයනය කිරීම නිසා වාහන සිය ගණනක් මහමග එක්වරම ඇණ හිටීමත්, වාහන විශාල සංඛ්‍යාවක් අවස්ථා ගණනාවක දි විනාශ වීමත් ගැන එදා බන්ධුල ලා කර්තෘත්වය දැරූ පුවත්පත්වල ඉඩ වෙන් කැරුණේ නැත . එය මහජනතාවට අමතක ද  නැත.

 නමුත් මේ සිදුවීමට කිසිසේත්ම සම්බන්ධතාවයක් නැති අගමැතිවරයාගේ ප්‍රතිරූපය විනාශ කිරීමට මේ නඩයට අවශ්‍ය ව තිබෙන්නේ කාගේ කොන්ත්‍රාත්තුව ඉටු කිරීමට දැයි පැහැදිළි නැත.කෙසේ වුවද මෙම වැඩ සටහන තුළ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සහ ප්‍රවීන දේශපාලනඥයෙක් වශයෙන් ඩිව් ගුණසේකර මහතා පිළිතුරු දුන් ආකාරය ප්‍රශංසා කටයුතුය. 

එමෙන්ම බන්ධුල ජයසේකරලාගේ නිරුවත වැඩ සටහන තුළ දීම හෙලිදරව් කිරීම ගැන එම දෙපළට මධ්‍යස්ථ මහජනතාව වශයෙන් අපගේ කෘතඥතාව පිරිනමමු.

මධ්‍යස්ථ ප්‍රෙක්ෂකයින් පිරිසක්

---------------------------
by     (2017-11-07 10:52:51)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

What is William's name?

  2 discussion on this news

මෙම මාධ්‍ය ආයතනය හැමදාම කාගේ හරි කොන්ත්‍රාත් එකක් කරගෙන යනවා මිස රටේ මහජනතාව නොමග යවන ආයතනයක්. පසුගිය දසකයේ නිදාගෙන හිටපු ආයතනයක් , කිසිම දුෂණ ක්‍රියාවලියක් ඔය විදියට උදේ සිට ප්‍රචාරය කෙරුවේ නැහැ බයට සහ වාසියට . පල කරන හැම ප්‍රවුත්තියක්ම කොන්ත්‍රාත් එකක් මිස මහජනයාට ප්‍රයෝජන ඇති දෙයක් නෙමේ.
-- by Chandra on 2017-11-08

බන්දුල ජයසේකර කියන්නේ ලැජ්ජාවක් ගෑවිලාවත් නැති, සාමාන්‍ය පෙළවත් සමත් නැති දේශපාලන අපතයෙක්. ඒත් කපටි කමින් තමා ගැන නිතරම අධි තක්සේරුවක් පෙන්වා උසස් පුද්ගලයින් මුලා කර තමාගේ වැඩේ කර ගැනීමට සමත් රට කපටියෙකි. මුලින්ම කලේ නෙස්ලේ සමාගමේ කිරිපිටි විකිනීමය. එතනින් එලවූ පසුව බන්ඩුල ජයසෙකර ප්‍රමෝෂන්ස් නමින් වෙළද දැන්වීම් ආයතනයක් අටවාගෙන බට්ටා වෑන් එකක රට පුරා රස්තියාදු විය. ඔහු 2005 ජනාධිපතිවරණයට පෙර මහින්ද රාජපක්ෂ සමඟ අයිලන්ඩ් පුවත්පතට සම්මුඛ සාකඡාවක් පවත්වා ඔහුගේ හිත දිනාගෙන ඩේලි නිවුස් පුවත්පතේ ප්‍රධාන කර්තෘ බවට පත්විය. එහිදී තරුණ මාධ්‍යවීදිනියන් අපයෝජනය කලේය. පසුව බන්දුල පද්මකුමාර සභාපතිවී පැමිණි පසු ජයසේකරව ලේක් හවුස් ආයතනයෙන් පන්නා දැමීය. මාස තුනක් රස්සාවක් නැතිව සිටි ඔහු නැවතත් මහින්දව රවටා, විදේශ සේවයට කිසිම සුදුසුකමක් නැතිව කැනඩාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විය. නැවත එක්සත් ජාතීන්ගෙ ශ්‍රී ලංකා නියොජ්‍ය නියෝජිත විය. එතනින් කැපුනු ඔහු නැවත අරලියගහ මන්දීරයට රිංගාගෙන ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ විය. පසුව ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකික දෙදරු මවක් සමඟ සම්බන්ධයක් ගොඩනගා ගෙන සිඩ්නි නුවරට යාමට මහින්දට නොවදිනා වැදුම් වැන්දේය! මහින්දගේ අනුකම්පාවෙන් ඔහු සිඩ්නිහී ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විය. නමුත් තනාපති ශ්‍රේණියේ වැටුපක් ගත්තේය. මහින්දට ගෙදර යාමට සිදුවූවාට පසුව අසරණවූ ජයසෙකර හෙමින් සීරුවේ කිලී මහරාජාට ලංවිය. මහින්ද ගැන වැරදි ගොන්නක් කියා සිරසේ උපදේශක කමක් ගත්තේය. දැන් කිලී වෙනුවෙන් නිර්වස්ත්‍රව කඩේ යයි. එදා ලේක් හවුස් ආයතනයේදී නිතරම ගෝඨාව විකුණා බලය පෙන්වූ ජයසේකර පිස්තෝලයක්ද අත දරා ටී56 දැරූ සෙබලුන්ගේ ආරක්ෂාව ගෝඨාගෙන් ලබා ගත්තේ ඔහුට කොටින්ගෙන් තර්ජන ඇතැයි කියමිනි. එහෙත් කොටි ජයසේකර කියන්නේ කවුදැයි නොදනී. ගෝඨා රැවටුනේය. අද ජයසෙකර ගෝඨාව අදුනන්නේ නැති ගානට කිලීගේ ගෙදර වලං සෝදයි. අනේ කපටියෝ!
-- by Chandana Witha on 2017-11-10

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more