දූෂිත රණතුංගලා TOTAL සමාගමෙන් කප්පම් ඉල්ලලා: නොදුන් නිසා ව්‍යාජ තත්ත්ව සහතික දී තෙල් නැව ප්‍රතික්ෂේප කරලා: කෘතිම තෙල් හිඟයට තවත් හේතු හෙලිවේ

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.07, ප.ව.2.50) අවශ්‍ය තරම් පෙට්‍රල් සංචිත තිබෙනවා යයි කීවද දින 4 ක් ගත වීද විසඳුමක් නැති පෙට්‍රල් හිඟයට සම්පූර්ණයෙන්ම වගකිව යුතු වන්නේ රණතුංග සොයුරන් බවත් ඔවුන් සිතා මතා මේ අර්බුදය ඇති කරන ලද්දක් බවත් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.  

ඉන්දියානු තෙල් සමාගම ආනයනය කළ නැවේ තෙල් අයත් TOTAL නමැති ප්‍රංශ සමාගමෙන් රණතුංග දූෂිතයන් විසින් කප්පම් ඉල්ලා ඇති අතර එවැන්නක් නොලැබීම නිසා TOTAL සමාගමට පාඩමක් උගැන්වීම පිණිස ඔවුන්ගේ තෙල් බාල තෙල් යයි (තෙල් වල මන්ඩි වැනි කුඩා කොටස් අඩංගු යැයි) ව්‍යාජ සහතිකයක් නිකුත් කිරීම නිසා කිසිදු වරදක් නොමැති තෙල් නැව ප්‍රතික්ෂේප කර ඇත. TOTAL සමාගම කෙතරම් විශාල සහ ගෞරවනීය සමාගමක් ද යත් ඔවුන්ගේ වාර්ෂික ආදායම ලංකාවේ මුළු රටේම සමස්ථ වාර්ෂික ආදායම මෙන් 4 ගුණයකි. එවැනි සමාගම් අර්ජුනලා වැනි තක්කඩි දූෂිතයන්ට කප්පම් ගෙවා බිස්නස් පවත්වාගෙන යන වර්ගයේ සමාගම් නොවේ. TOTAL තෙල් නැව තංගල්ල මුහුදේ තවමත් නවතා ගෙන සිටින්නේ ව්‍යාජ සහතිකය ඛනිජ තෙල් සංස්ථාවෙන් නිල වශයෙන් නිකුත් කර නොමැති බැවිනි. බොරු සහතිකයක් නිල වශයෙන්ම නිකුත් කළ හොත් එයද ඛනිජ තෙල් සංස්ථාවේ විනාශයට බලපානු ඇත.  

TOTAL සමාගම ඉන්දියානු තෙල් සමාගමට එවූ තෙල් නැව ප්‍රතික්ෂේප කළද ලංකාවේ පෙට්‍රල් හිඟයක් ඇති වීමට කිසිදු හේතුවක් නැත්තේ ඉන්දියානු සමාගම ආවරණය කරන්නේ ලංකාවේ ඉන්ධන පරිභෝජනයෙන් 16% ක් තරම් සොච්චමක් නිසාය. ගැටළුවක් නිර්මාණය කිරීම සඳහා රණතුංග දූෂිතයන් කර ඇත්තේ තමන් ආනයනය කළ Neverska Lady නැවට  තෙල් පැටවීම සිතා මතා ප්‍රමාද කිරීමයි.

මේ දූෂිත සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන්නේ නම් ලංකා ඊ නිව්ස් වෙත තොරතුරු සැපයූ අදාල පුද්ගලයන් පරීක්ෂකයන් ඉදිරියේ ද සාක්කි දීමට ඉදිරිපත් වනු ඇති බව අපි වගකීමකින් කියමු. 

අර්බුදය පැන නැගීමෙන් පසු රණතුංගලා විසින් විටින් විට කරන ලද ප්‍රකාශ එකිනෙකට පරස්පරය. ඔවුන් මුලින් කීවේ ඉන්දියානු සමාගමට තමන්ගේ තෙල් නැවක් ලබා දීම නිසා තමන්ට තෙල් හිඟ වූ බවයි. එය සත්‍යයක්ම වුවත් ඉන්දියානු සමාගමට දුන් තෙල් ලංකාව තුල සංසරණය වීම නිසා තෙල් හිඟයක් ඇති විය නොහැකිය. නමුත් ඔවුන් කීවේ බොරුවකි. එවැනි තෙල් නැව් හුවමාරුවක් සිදුව නැත. ඊලඟට රණතුංගලා  ඊයේ 6 වෙනිදා තෙල් නැවක් ලඟා වන බව කී නමුදු එයද බොරුවකි. ලංකා ඊ නිව්ස් 4 වෙනිදා ඔප්පු කර පෙන්වූයේ Neverska Lady නැව ලංකාවට ලඟා වන්නේ ලබන 9 වෙනිදාට එළිවෙන රාත්‍රී 12.30 ට බවයි. ඒ අනුව තෙල් සංසරණය යථා තත්ත්වයට පත් විය හැක්කේ 11 වෙනිදා වන විට ය. එනම් තව දින 4-5 ක් ගත වෙද්දීය. මේ තරම් දිගු කාලයක් රටක ඉන්ධන හිඟයක් ඇති වීමට නිසැකවම මේ ඇමැතියා සහ ඔහුගේ සොයුරු සභාපතියා සම්පූර්ණයෙන්ම වග කිව යුතුය. 

ඒ මදිවාට මොවුන් ගන්නා තීන්දු නිසා තව තවත් ජනතාව අපහසුතාවයට පත්වේ. ඉන්ධන පෝලිම් ඇතිවෙද්දී මොවුන් නීති පනවන්නේ බෝතල් කෑන් වලට ඉන්ධන සැපයීම නතර කරන ලෙසයි. අතරමග ඉන්ධන නොමැතිව නතර වන වාහනයක් රණතුංගගේ රෙද්ද අස්සට තල්ලුකරගෙන ආ යුතු යැයි ද මොවුන් නීති පනවනු ඇත. 

බොර දියේ මාලු බානවා සේ ඉන්ධන හිඟය අතරේ මාසයකට වතාවක් වර්ජන කරන දුම්රිය රියැදුරු සංගමය දින දෙකක වර්ජනයක් දියත් කරන බවට තර්ජනය කර තිබේ. එම දුම්රිය සංගමයේ නායකයන් වන්නේ පරාජිත රාජපක්ෂවාදීන්ය. 

රණතුංග දූෂිතයන්ද ආණ්ඩුවේ හිඳිමින් යටින් රාජපක්ෂලාට සහාය දක්වන්නෝ බව මීට පෙර හම්බන්තොට වරාය සිද්ධියේ දී මොනවට ඔප්පු කර තිබේ. හම්බන්තොට වරායට එරෙහිව වරාය සේවකයන් කුලප්පු කෙළේද අර්ජුන සහ ධම්මික දෙදෙනා ය. 

තම පුද්ගලික ලාභ අපේක්ෂාවෙන් රටක් ජනතාවක් ආණ්ඩුවක් විනාශය කරා යොමු කරන රණතුංගලා රටක වගකිව යුතු තනතුරු දැරීමට නුසුදුස්සෝ වෙති. ආණ්ඩුව කරගෙන යෑමට අවශ්‍ය නම් මොවුන් වහාම මෙම තනතුරු වලින් අල්ලා අස්කළ යුතුය. එසේත් නැතිනම් අගමැතිවරයා නිතර කියන ලංකාව ඉන්දියානු සාගරයේ ආර්ථික මධ්‍යස්ථානයක් කිරීම නිකම්ම නිකම් හිතලුවක් පමණක් වනු ඇත. 

සබැඳි පුවත්
* අනතුරු දායකයි..! දූෂිත රණතුංගලාගේ ගේමක් නිසා රට පුරා කෘතිම පෙට්‍රල් හිඟයක්..! කුමන්ත්‍රණයේ සුළ මුල මෙන්න..!!
* රණතුංගලා සහ තෙල් ලොක්කන් එක්ව හැදූ කෘතිම පෙට්‍රල් හිඟය වසා ගන්න බොරු දාහක් කියයි..! තෙල් නැව් ගැන ඇත්ත කියන සැටලයිට් පින්තූර මෙන්න
* ‘පෙට්‍රල් හිඟයට අපි වග කිව යුතු නෑ: චෝදනා බොරු‘: ඉන්දීය තෙල් සමාගම අර්ජුනගේ රෙදි ගලවයි: කෘතිම තෙල් හිඟයට හේතුව සිරිසේනලාගේ කළු සල්ලි බිස්නස් වල යොදවන ගෑස් වෑගපිටිය තෙල් ව්‍යාපාරයටත් ඇතුළු කිරීමද?

---------------------------
by     (2017-11-07 10:02:40)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

Prez should make a thorough investigation about this Ranatunga couple and take legal action if proved the above allegations and punish the couple severely.
-- by sandra on 2017-11-07

TOTAL තෙල් නැව තංගල්ල මුහුදේ තවමත් නවතා ගෙන සිටින්නේ ව්‍යාජ සහතිකය ඛනිජ තෙල් සංස්ථාවෙන් නිල වශයෙන් නිකුත් කර නොමැති බැවිනි. බොරු සහතිකයක් නිල වශයෙන්ම නිකුත් කළ හොත් එයද ඛනිජ තෙල් සංස්ථාවේ විනාශයට බලපානු ඇත. මේ දූෂිත සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන්නේ නම් ලංකා ඊ නිව්ස් වෙත තොරතුරු සැපයූ අදාල පුද්ගලයන් පරීක්ෂකයන් ඉදිරියේ ද සාක්කි දීමට ඉදිරිපත් වනු ඇති බව අපි වගකීමකින් කියමු. අගමැතිවරයා නිතර කියන ලංකාව ඉන්දියානු සාගරයේ ආර්ථික මධ්‍යස්ථානයක් කිරීම නිකම්ම නිකම් හිතලුවක් ......!
-- by Sobithawathara on 2017-11-07

athakota lioc akay lokka kiway akay thel apshat ayalath a nawa reject kara kiyala uth boruda athakota kiway...ahamanam uth hawlnay may magadiyata...
-- by manoj on 2017-11-08

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more