නිශාන්ත රණතුංග සභාපති ධූරය දැරූ මිහින් ලංකා සහ ශිරන්තිගේ සොයුරා සභාපති ධූරය දැරූ ශ්‍රී ලන්කන් ගැන සොයන්න කොමිසමක්..!

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.07, ප.ව.12.20) ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ගුවන් සේවාවන් දිගින් දිගටම පාඩු ලබමින් පවත්වාගෙන ඒම පිලිබඳව සොයා බැලීමට කොමිසමක් පත් කිරීමට රජය කටයුතු කරන බව පසුගියදා හෙළිදරව් විය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මේ බව සනාථ කර සිටියේ ය. 

ශ්‍රී ලන්කන් හා මිහින් ලංකා මගින් රාජ්‍ය බැංකු මගින් ලබාගෙන ඇති ණය මුදල ද ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ. මිහින් ලංකා මගින් ලබාගෙන ඇති ණය මුදල රුපියල් ලක්ෂ 48680 ක් බවත් ශ්‍රී ලන්කන් මගින් ලබාගෙන ඇති ණය මුදල රුපියල් ලක්ෂ 15000 ක් බවත් පැවසේ. 

මිහින් ලංකා මෙහෙයුම් අලාභය පමණක් රුපියල් බිලියන 19 ක් බවද වාර්තා වේ.

පසුගියදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මෙවන් පාඩුවක් සිදු කිරීමට කටයුතු කළ පුද්ගලයන් ගැන සොයා නොබලන්නේ මන්දැයි ප්‍රශ්න කර සිටි අතර සරත් අමුණුගම අමාත්‍යවරයා මෙම ආයතන දෙකම පිලිබඳ විමර්ශනයක් ආරම්භ කළ යුතු බවත් පැවසීය.

අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසුවේ මිහින් ලංකා ආයතනය ආරම්භ කර ඇත්තේ කැබිනට් අනුමැතියකින් තොරව බවයි.

මිහින් ලංකා ප්‍රථම අධ්‍යක්ෂ මණ්ඩලයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ගේෂාන් ගුණතිලක හා සජින් වාස් ගුණවර්ධන අයත්ව සිට ඇති අතර ගුවන් යානා මිලදී ගෙන ඇත්තේ නියමිත ටෙන්ඩර් පටිපාටියකින් තොරව බවද හෙළිදරව් විය.

මිහින් ලංකා සභාපති ලෙස කලක් කටයුතු කර ඇත්තේ කුප්‍රකට දූෂිත අර්ජුන රණතුංග සහ ධම්මික රණතුංග සොයුරන්ගේ බාල සොයුරු නිශාන්ත රණතුංග යි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ධූරයේ කටයුතු කරමින් මිහින් ලංකා ආයතනයේ ද සභාපති ලෙස කටයුතු කෙළේය. සී.එන්.එන්. නාලිකාවේ ප්‍රධාන විධායක ලෙසද කටයුතු කළ නිශාන්ත රණතුංග මේ වන විට උසාවියේ විභාග වෙමින් පවතින සී.එන්.එන්. නාලිකාවට එරෙහි නඩුවේ චුදිතයෙකු ද වේ.

නිශාන්ත රණතුංග ගැන මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් පවත්වන ලද පරීක්ෂණ වලදී එවකට ඔහුගේ පෞද්ගලික ගිණුම් සඳහා රුපියල් මිලියන ගණන් ලැබී ඇති බවටද සාක්ෂි ලැබී තිබිණ.

ක්‍රිකට් ආයතනයේ ද එකල ඔහු විසින් දූෂිත ගණුදෙනු වල නිරත වූ බව කෝප් වාර්තා හා නවීන් දිසානායක හිටපු ක්‍රීඩා ඇමැතිවරයා විසින් පත් කළ කොමිසමේ සඳහන්ව තිබුණද මෙතෙක් ඒ පිලිබඳව කිසිදු පියවරක් ගෙන නොමැත. 

කෙසේ වෙතත් අදාල කැබිනට් රැස්වීමෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් විසින් ශිරන්ති රාජපක්ෂයේ සොයුරා සභාපති ධූරය දැරූ ශ්‍රී ලන්කන් හා මිහින් ලංකා පිලිබඳව සොයා බැලීමට කොමිසමක් පත් කිරීමට අනුමැතිය ලබා දී තිබේ.

යහපාලන රජයට මෙතරම් දූෂිත සහ පාඩු ලබන ආයතන දෙකක් පිලිබඳව සොයා බැලීමට මෙතරම් කලක් ගතවීම ගැන පුදුමයට කරුණකි. ආණ්ඩුව පත් වූ සැනින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය  ගැන සෙවීමට පත් කළ වැලිඅමුණ කමිටුවේ වාර්තාවට සිදුවූ දෙයක් ද නොදනී.

---------------------------
by     (2017-11-07 07:12:28)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

Emily's name is?

  1 discussion on this news

It should be CSN not CNN
-- by Ranga on 2017-11-08

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more