“අසත්‍ය තොරතුරු දී සිතා මතා කොමිසම නොමග යැවූ යසන්ත කෝදාගොඩ ගැන පරීක්ෂණයක් කරන්න“ -රවිගේ නීතිඥයෝ බැඳුම්කර කොමිසමෙන් ඉල්ලති

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.07, පෙ.ව.8.00) රවි කරුණානායක මහතා ගේ ඥාතියෙකු විසින් අනිකා විජේසූරියට මරණ තර්ජන එල්ල කළා යැයිද එබැවින් ඇය රට හැර ගියා යැයිද කියමින් ජනාධිපති බැඳුම්කර කොමිසමට සිතා මතා අසත්‍ය වාර්තා ඉදිරිපත් කරමින් කොමිසම නොමග යැවූ අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතාට විරුද්ධව පරීක්ෂණයක් කර රවි කරුණානායක මහතාට සාධාරණය ඉටු කරන්නැයි ඔහුගේ නීතිඥවරුන් වන ප්‍රිමියර් ලීගල් කන්සල්ටන්ට්ස් නිතිඥ සමාගම විසින් කොමිසමේ සභාපති චිත්‍රසිරි විනිසුරු වෙත ආයාචනයක් ඉදිරිපත් කර තිබේ. 

තර්ජන එල්ල කළා යැයි කියන නෙත්තිකුමාර රවි කරුණානායකගේ කිසිදු ඥාතියෙකු නොවන බවත් තර්ජන කළා යැයි කියන දිනයට පෙර අනීකා විජේසූරිය රටින් පිටව ගොස් තිබූ බවත් කෝදාගොඩ මහතා කියන දිනය වන විටත් ඇය ලංකාවේ කිසිදු පොලිසියකට මරණ තර්ජන ගැන පැමිණිල්ලක් කර නැති බවත් එම ලිපියේ දැක්වේ. 

තම සේවාදායකයා වන රවි කරුණානායක මහතා දේශපාලනඥයෙකු බැවින් ඔහුගේ කීර්ති නාමයට හානි කිරීම සඳහා මෙවැනි අසත්‍ය ලියැවිල්ලක් ඉදිරිපත් කර ඊට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් විශාල ප්‍රචාරයක් ලබා දී තිබෙන බව පෙනී යන්නේ යයිද කොමිසමේ සභාපතිට ඉදිරිපත් කළ ලේඛනයේ සඳහන් වේ.

මෙහි පිටපත් ජනාධිපතිතුමා, අගමැතිතුමා, කතානායකතුමා, අගවිනිසුරු තුමා, නීතිපතිතුමා සහ අධිකරණ ඇමැතිතුමිය වෙතද ඉදිරිපත් කර ඇත.

එම ලේඛනය සම්පූර්ණයෙන් පහත දැක්වේ 

---------------------------
by     (2017-11-07 02:32:44)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more