ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මියන්මාර් ඩෙන්මාර්ක් රාජ්‍ය නොවන මාධ්‍ය සංවිධාන කාර්යාලයක්: රංගගේ රංගන තවමත් හොල්මන් කරයි

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.06,  ප.ව‍‍‍‍.11.30) රාජ්‍ය පරිපාලන රෙගුලාසි හා චක්‍ර ලේඛණ, අණපනත් තුට්ටුවකටවත් මායිම් නොකරමින් විෂමාචාර ක්‍රියාවන්වල නිරත වූ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක‍්ෂ රංග කලංසූරිය අලුතින් පත් වූ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් එම තනතුරින් ඉවත් කිරීමෙන් පසුවද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු භූමියේ සැරිසරමින් නියෝග දෙමින් කටයුතු කරයි. එම අමාත්‍යාංශයේ ලේකම් වරයාගෙන් නිසි අවසරයක් ලබා නොගෙන තම ජාත්‍යන්තර ඩොලර් ඉපයීමේ රාජ්‍ය නොවන මාධ්‍ය සංවිධානයේ න්‍යාය පත්‍රය යළින් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ පණ ගන්වමින් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු නිලධාරීන් ද බලහත්කාරයෙන් තම නියෝග වලට නතු කරගනිමින් තමාගේ සුපුරුදු ජැක්පොට් ක්‍රියාවේ යෙදීමට රංග කලංසූරිය කටයුතු කරමින් සිටියි.

පසුගිය වසරකුත් මාස 3කට අධික කාලය තුළ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක‍්ෂ ජනරාල් තම නිලනාමය ජාත්‍යන්තරව අලෙවි කරමින් එම තනතුර දරණ අතරතුර ද මියන්මාර් රාජ්‍ය නොවන සංවිධානයේ සේවය කරමින් හා ඩෙන්මාර්ක් රාජ්‍ය නොවන මාධ්‍ය සංවිධානයක කටයුතු කරමින් ජාත්‍යන්තර න්‍යාය පත්‍රයන් විමසීමකින් තොරව ක්‍රියාත්මක කළේය. මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවේ රජය ද ඉහළ රාජ්‍ය බළධාරීන්ද නොමඟ යවමින් තම රාජ්‍ය තනතුර දරණ ක්ෂේත්‍රයේම ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක මාධ්‍ය න්‍යාය පත්‍රයන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පිහිටුවීම කිරීම සඳහා සිය රාජ්‍ය තනතුර අවභාවිතා කළ බව දැන් ඔප්පු වී තිබේ. ‘මාධ්‍ය නියාමන කොමිසම‘ ඊට ප්‍රබල නිදසුනකි. මේ පුද්ගලයා විසින් අදාල කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කිරීම සඳහා තම හිතවතුන් දෙතුන් දෙනකු සමඟ අටවාගනු ලැබූ රාජ්‍ය නොවන මාධ්‍ය සංවිධානයන් හරහා මෙම කොන්ත්‍රාත්තුව ඉටු කරමින් විශාල මුදලක් මේ වන විට උපයාගෙන ඇත. මේ සඳහා සිය මාධ්‍ය සගයා ලෙස තෝරාගෙන ඇත්තේ මෙරට විශ්වවිද්‍යාල ආචාර්ය ප්‍රජාවද තුට්ටු දකට ඇද දමමින් සිය සහෝදර ආචාර්යවරුන්ගෙන් ලිංගික අල්ලස් ලබාගත් තවත් කුප්‍රකට ජනසන්නිවේදන ආචාර්ය වරයෙකි. ඔහු හරහා ඩෙන්මාක් රාජ්‍ය නොවන සංවිධානයේ නියෝජිතයින් ලංකාවට ගෙන්වා දෙදෙනා සිදුකිරීමට ගිය එම ඩොලර් ගණුදෙනුව ගැන ලසන්ත රුහුණගේ මාධ්‍යවේදියා රටට හෙළිකළ අතර මේ රටේ ප්‍රසිද්ධ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් ද එය හෙලි කිරීම නිසා එම ව්‍යාපෘතිය යටපත්විය. 

මේ සියලු ජාත්‍යන්තර මාධ්‍ය කොන්ත්‍රාත්වල ගෝඩ් ෆාදර් රංග කලංසූරිය වුවත් ඉතාම සූක‍්ෂම ලෙස ඔහුගේ ශබ්ද කෝෂයේ සන්නිවේදන වචන හරඹවලින් හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලකද නොමඟ යවමින් සිදු කළ රංගනය නිසා එදා මේ කාරිය ලේසියෙන් ඉටුකර ගැනීමට හැකි විය. නමුත් ඔහු ප්‍රවෘත්ති අධ්‍යක‍්ෂ ජනරාල් තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගැනීම හේතුවෙන් එය යටපත් විය.

ඔහු මේ තනතුරෙන් ඉවත්වීම ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමන්ට ආර්ථීක වශයෙන් මහා පාඩුවක් සිදුවන බැවින් අඩු පඩියකට රජයේ වැඩ කිරීම තමන්ගේ ආර්ථීකයට පහරක් වන නිසා ඉහල වැටුපක් ගන්න ඒ වන විටත් සේවය කරන රාජ්‍ය නොවන සංවිධානයේ ඉහළ තනතුරක් තමාට හිමි වී ඇති බැවින් එ් සඳහා පිටත්ව යන බවයි. නමුත් තනතුරෙන් ඉවත් වුවද නැවතත් මේ තනතුරට කෙළ හළමින් සුදර්ශන ගුණවර්ධන වර්තමාන වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක‍්ෂ ජනරාල් වරයාද නොමඟ යවමින් ඔහු යළි මේ තනතුරට පත්වීම සඳහා ඉව අල්ලමින් සිටී. එ් සඳහා තම ගෝල බාලයන්ද ප්‍රයෝජනය ගෙන ‘ඔපරේෂන් එක‘ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවලට පැමිණෙන ඇමැතිවරුන් වාඩිවන කාමරයෙන් (වී.අයි.පී. කාමරය) ආරම්භ කර ඇත. මේ සඳහා යුනෙස්කෝව සමඟ වැඩ සටහනක් කරන බව පවසා, සුදර්ශන ගුණවර්ධන මහතාට අවශ්‍ය උදව් කරන බව අඟවමින් රාජ්‍ය නිලධාරීන් හැසිරවීමට රංග කලන්සූරිය ප්‍රබල වී ඇති අතර මේ සඳහා රජයේ ඉහල තැන්වල නම් ගම්ද භාවිතා කරමින් නිලධාරීන් බිය කිරීමට තරම් මොහුගේ සන්නිවේදන උපක්‍රම ප්‍රබල වී ඇත. ‘මට මංගල කිව්වා මේ වැඩේ කරන්න කියලා‘ යනුවෙන් පාරම්බාමින් හැසිරෙන මේ රංගනය මංගල ඇමැතිවරයා දන්නවාදැයි අපි නොදනිමු. නමුත් අඩුමගානේ ලේකම්වරයාගේවත් අවසරයක් නැති බව නම් දනිමු. 

තම ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවලට තමා තවදුරටත් ශ්‍රී ලංකා රජයේ ඉහළම සන්නිවේදන ආයතනයේද උපදේශකවරයකු ලෙස කටයුතු කරන බව ඇඟවීම සඳහා මෙලෙස ක්‍රියා කරමින් ඔවුන්ද නොමඟ යවයි. එ් සමඟ යළිත් ජනමාධ්‍ය අමාත්‍යාංශයට පෙන්වන්නේ තමාගේ සන්නිවේදන විශේෂ දැනුම හැරුණු විට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉදිරියට ගෙන යාමට වර්තමාන අධ්‍යක‍ෂවරයාට හෝ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඉහල නිලධාරීන්ට හැකියාවක් නැති බවයි.  

මේ චෞර රංගය ගැන දන්නා පරණ ලේක්හවුස් මාධ්‍යවේදීන් කල්තියාම මේ චරිතය පිළිබඳව අනතුරු අඟවා මේ තනතුරට මේ පුද්ගලයා සුදුසු නැති බව පැවසුවත් එදා රාජ්‍ය නිලධාරියකු සොයා ගැනීමට නොහැකි වූ වාසිය තම චෞර අරමුණු ඉටුකර ගැනීම සඳහා දවසකටවත් මේ තනතුර දැරීම තම ඩොලර් අරමුණුවලට වැදගත් විය. එය ඇසිල්ලකින් ප්‍රයෝජනයට ගත් චෞර රංග පසුගිය වසර පුරාම රාජ්‍ය දේපල රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛණ රාජ්‍ය පරිපාලන  උපදෙස් අවභාවිතා කර ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සමස්ත පරිපාලනය උඩි යටිකුරු කළේය. මේ විෂමාචාර ක්‍රියාවන් ගැන හිටපු ලේකම් නිමල් බෝපගේ මහතා පංච පුද්ගල අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් යුත් කමිටුවක් මගින් පරීක‍්ෂණයක් ආරම්භ කළ නමුත් රජයේ ඉහළ තැන්වලට ගතු කේලාම් කියා ලේකම්වරයාද එම තනතුරෙන් එළවා දැමූ ඔහු මංගල ඇමති වැඩ බාරගන්නා දිනය තෙක් ලේකම්වරයා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ රැඳී සිටියොත් පොලිසිය ගෙන්වා පහර දී එළියට දමන බවට ද පාරම්බෑවේය. 

කෙසේ වෙතත් තනතුර අත හැරීමට සිදුවුවත් ලජ්ජාවට තමා ඉල්ලා අස් වූ බව කියමින් දෙපාර්තමේන්තුවෙන් ජාත්‍යන්තර මුල් පුටුවකට යනවා යැයි සේවකයින්ට පම්පෝරි ගසා පසුවදා සිටම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ බෝගස යට සවස හයෙන් පසු මදුරුවෝ තලමින් මියන්මාර් ඩෙන්මාක් ඩොලර් කාර්යාලයේ වැඩ ඇරඹීම නීති විරෝධී කටයුත්තක් බව සේවකයින් පෙන්වා දෙති.

-ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ යහපාලනප්‍රේමියෝ -

---------------------------
by     (2017-11-06 19:42:32)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

The list hospital, dog, mosquito, pink and yellow contains how many colours?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more