ගීතා සිටි එජනිස ලැයිස්තුවම අවලංගු විය යුතුයි: ගීතා මෙන් ද්විත්ව නොව ලංකාවේ පුරවැසිභාවය කොහෙත්ම නැති අයත් පාර්ලිමේන්තුවේ ඉන්නවා (Video)

-අජිත් පෙරේරාගෙන් ආන්දෝලනාත්මක කතාවක්

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.06,  පෙ.ව‍‍‍‍.7.50) ගීතාගේ මන්ත්‍රීධූරය අහෝසි වූවා නම් එජනිස ගාල්ල දිස්ත්‍රික් ලැයිස්තුවම අවලංගු විය යුතු යැයිද ගීතා සේ ද්විත්ව පුරවැසි නොව ලංකාවේ පුරවැසිභාවයක් නොමැති විදේශවල පුරවැසි භාවය පමණක් ඇති අය පාර්ලිමේන්තුවේ සිටින බවද නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය.

ඔහු මේ ප්‍රකාශ කෙළේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදීය. 

යමෙක් වෙනත් රටකදී පුරවැසි භාවය ලබා ගත් සැනින් ඉබේටම ලංකාවේ පුරවැසිභාවය අහෝසිවන බවත් ඔහු ද්විත්ව පුරවැසි භාවට ඉල්ලුවේ නැතිනම් එය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සඳහන් නොවන බවත් ඒ අනුව ලංකාවේ පුරවැසිභාවයක් නොමැති අයද පාර්ලිමේන්තුවේ සිටින බවට මන්ත්‍රීවරුන් අතර විශාල කතා බහක් ඇති වී තිබෙන බවත් ඒ පිලිබඳ විධිමත් පරීක්ෂණයක් කළ යුතු බවත් අජිත් පී පෙරේරා මහතා පවසයි.

මේ අතර ගීතා මන්ත්‍රීවරියක් ලෙස ලබා ගත් සියළු දීමනා යලි ගෙවිය යුතු බවද නි.ඇමැතිවරයා අවධාරණය කෙළේ එය අභියාචනාධිකරණ නඩු තීන්දුවේ සඳහන් බව කියමිනි.

අජිත් පී පෙරේරා මහතාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය සහිත වීඩියෝවක් පහතින් 

---------------------------
by     (2017-11-06 02:33:41)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

why not give a sat declaration form to every MP to declare they are only sl citizen and do not have foreign citizenship. who can organise. parliament secretary or does it need political will.
-- by neil on 2017-11-07

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more