මහ වනයට යට වෙමින් ගණිකාවන්ගේ ගංජා කාරයන්ගේ තිප්පලක් වී තිබෙන ආණමඩුවේ ‘දැවැන්ත රංග ශාලාව‘ ගොඩදාන්න අයෙක් නැද්ද?

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.05,  ප.ව‍‍‍‍.11.40) ආණමඩුව මැතිවරණ බල ප්‍රදේශයට අයත් ආණමඩුව, ගල්ගමුව මාර්ගයට මුහුණලා ආණමඩුව නගර මධ්‍යයේ සිට මීටර් 500 ක් පමණ ගල්ගමුව දෙසට ගමන් ආරම්භ කරද්දි ප්‍රථමයෙන් දක්නට ලැබෙන්නේ පසු ගිය රජය සමයේ 2015 මුල් කාර්තුවේ දී පළාත් පාලන ආයෝජන මත හාරකෝටි හැට අට ලක්ෂයක වියදමින් ඉදි කිරීමට යෝජිතව තිබූ මෙහි දැක්වෙන සුවිශාල රංග ශාලාවයි.

මේ වන විට අදාළ රංග ශාලාවේ වැඩ අඩක් නිමවා අතර මග නවතා දැමීම නිසා එය ඝණ කැලෑවකින් වැසී ගොස් තිබේ.  දුරාචාරයේ හැසිරෙන්නන් මෙම ස්ථානය තම බූදලය කරගෙන සිටින බව එහි ගිය අපට දක්නට ලැබුණි.

තැනින් තැන දමන ලද මත්පැන් බෝතල් රාශියකි. රාත්‍රි කාලයේ  ගණිකා වෘත්තියේ යෙදෙන්නියෝ මෙම ස්ථානය සිය වෘත්තිය බාධාවකින් තොරව කරගෙන යෑමට භාවිතා කරති. ගංජා පානයට ඇබ්බැහිවී සිටින බහුතරයක් තරුණ ප්‍රජාව තම තිප්පොල කරගෙන සිටින්නේ ද මෙම ස්ථානය යි. 

පසු ගිය රජය සමයේ 2015 වර්ෂයේදී මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදුකරගෙන ගොස් අතරමග වැඩ නවතා දැමුවේ මන්දැයි විමතියට කරුණකි. මෙවැනි වටිනා සම්පතක් නිමකර ජනතාවට නිසි ප්‍රයෝජනයක් ගැනීමට කටයුතු කරනවා වෙනුවට මෙලෙස ඝණ කැලෑවකට යට වීමට හැර ඉවත බලාගෙන සිටීමෙන් රජයට හෝ මහ ජනතාවට හෝ කිසිදු සුගතියක් ලැබෙන්නේ නැත.

මෙම රංග ශාලා ගොඩනැගිල්ල තුල ආසන 2500 කට ආසන්න ප්‍රේක්ෂකාගාරයක් සහිත වූ රංග ශාලාවක්, අත්පන්දු ක්‍රීඩාගාරයක් ඉදිකිරීමට වීමට යෝජිතව තිබුණි. ආණමඩුව ප්‍රාදේශීය සභාවේ අධීක්ෂණය යටතේ ඉදි කිරීම් සිදු වූ මෙම ගොඩනැගිලි සංකීර්ණය ප්‍රා. සභා කාලය හමාර වී නැවත ප්‍රා. සභා බිහි නොවීම නිසා විය යුතුව තිබූ සංවර්ධන කටයුතු අඩාල වූවා යැයි කීම පුදුමය දනවන්නකි.

මහජනතාවගේ මුදල් මෙලෙස පරිහානියට යෑමට ඉඩ දිය යුතුද?  ආණමඩුවේ සහ අවට ජනතාවගේ මහා සිහිනයක්ව තිබූ රංග ශාලාවක, ක්‍රීඩාගාරයක සිහිනය දැන් කැලෑවට යටව ගොස් ඇත. 

වාර්තාව සහ සේයාරූ -කේ. ප්‍රියංකර -පුත්තලම

---------------------------
by     (2017-11-05 19:54:28)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

What is the 2nd number in the list forty, twenty five and 19?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more