ජනාධිපති තුමනි, අගමැති තුමනි, සිල් රෙදි දූෂණයේ නිර්මාතෘව යලි ජපුරේ උප කුලපති කරනවා නම් ඊට පෙර මෙය කියවන්න

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.05,  ප.ව‍‍‍‍.11.00) ජනාධිපති තුමනි, අගමැති තුමනි, ජපුරේ උපකුලපති ලෙස සිල් රෙදි දූෂණයේ නිර්මාතෘ සම්පත් අමරතුංග නැවතත් පත් කරන්නේ නම් ඊට පෙර මෙය කියවන ලෙස කරුණාවෙන් ඉල්ලමු

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මිලඟ උපකුලපති ලෙසින්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා විසින්, සම්පත් අමරතුංග මහතා පත් නො කරනු ඇතැයි, මෛත්‍රීපාල සිරිසේන මහතා ට හිතැති, ඔහු ජනාධිපති කරවීම ට ඡන්දය ලබා දුන්, හැට දෙලක්ෂයක් වන ජනතාව සමග සමස්ත විශ්වවිද්‍යාල ප්‍රජාව ම විශ්වාසයෙන් බලා සිටී. නමුත් හිටපු ජනාධිපති ඇකයේ සිට, සියළු වරදානයන් ලබා ගනිමින්, රට අගාධයට යාමට හිටපු ජනපතිට තම අවසන් කාලයේ දී උපදෙස් ලබා දෙමින් කටයුතු කළ අමරතුංග මහතා, වර්තමාන ජනාධිපති තුමා ද ඇකයේ දමා නලවමින් සිටින බව වාර්තා වේ. අමරතුංග පසුගිය කාලය පුරා තම කාලය ධනය යොදවමින් පාලක සභා නියෝජිතයන් තමා ගේ “බබා කථාව” ට යටකර ගෙන ඇත.

දැනට වසර 10 ක පමණ කාලයක සිට ම අධ්‍යාපනික කටයුතු වල නිරත නො වෙමින්, දවසේ වැඩි කාලයක් තම හිත මිතුරන් සමඟ මීවිත සමඟ ගැටෙමින්, දේශපාලකයින් සමඟ ද එලෙස ම මීවිත සමඟ ගැටෙමින් කටයුතු කරන මොහු, පසුගිය කාලය පුරාම තමා ගේ අනාගත බලාපොරොත්තුව වූ, නැවත වරක් උපකුලපති තනතුර ලබා ගැනීම හෝ ඊට ඉහල තනතුරක් ලබා ගැනීමේ සිහිනය වෙනුවෙන් වැඩ කටයුතු කරයි. ඒ සඳහා දේශපාලකයන් මෙන් ම පරිපාලන නිලධාරීන් ට අල්ලස් දෙමින් ජනාධිපති වරයා ලවා සම්මාන දෙමින් හිතවත් කර ගැනීමට, තමා සතුව ඇති කූට වාග් ශෛලිය “බබා ටෝක්” මෙන් ම විශ්වවිද්‍යාලයේ මුදල් ද යොදා ගනී.

පසු ගිය වසර 3ක පමණ කාලයක සිට විශ්වවිද්‍යාල පාලනය තමාට බලයට ඒමට උදව් කල ශිෂ්‍යයන් කිහිප දෙනෙකුට බාර දී ඇති බවක් පෙනෙන අතර, ඒ හේතුවෙන් විශ්වවිද්‍යාලය තුල සුරාව සූදුව සිසුන් අතර රජ වී ඇත. තමා ද නවක වදය ලබා දුන් අයකු බැවින්, නවක වදය අතවශ්‍ය දෙයක් බවට අමරතුංග මහතා සෑම විටම මතයක් දැරූ අතර, එය නැවතත් ආරම්භ කිරීම සඳහා තම අවසරය, තමාගේ පාලන කාලය ආරම්භයේ දීම සුළු පිරිසක් වු තමාට බලයට ඒමට උදව් කළ සිසු පිරිසට මේ වන විට ලබා දී තිබේ. ඒ හේතුවෙන් ජයවර්ධනපුර සරසවිය තුල මේ වන විට නවක වදයට එහා ගිය අවනීතියක් ක්‍රියාත්මක වෙමින් පවතී. සාමාන්‍ය සිසුන් ගේ සිසු ක්‍රියාකාරකම් නතර වී බහුතර සිසුන් ඉමහත් පීඩනයට පත්ව ඇති අතර, ප්‍රථම වසර සිසුන් පාරවල් අයිනේ, මුදල් සෙවීම සඳහා කැට අල්ලා ගෙන කාලය නාස්ති කරමින් සිටී. එම සිසුන් ට කැට සෙලවීමේදී නියමිත ඉලක්ක ද ලබා දී ඇති බව ද සඳහන් වේ.

එබැවින්, පාලකයන් නොමඟ යැවූ සිල් රෙදි වැනි විවිධ වූ සමාජ විරෝධී දූෂණ චෝදනාවන් රාශියකට සම්බන්ධකම් ඇති අමරතුංග මහතාට, සුදුස්සන් සිටිය දී දෙවන වරටත් උපකුලපති ධූරය ලබා දීම ජනාධිපති වරයා විසින් ලබා දීමට යාම, විශ්වවිද්‍යාලයටත්, රටටත්, සමස්ථ අධ්‍යාපනයටත් අගෞරවයක් වනු ඇත.

සම්පත් අමරතුංග මහතා ගේ වසර 3ක ධූර කාලය, 2017 නොවැම්බර් 16 දිනෙන් අවසන් වන අතර, එම ධූර කාලය ද, විශ්වවිද්‍යාල ආචාර්‍යවරයකුට නොගැලපෙන පහත සඳහන් කටයුතු කරමින් ලබා ගත් එකක් බව සත්‍යයකි. ඒවා නම්..,

තම වෘත්තියේ නිසි ලෙස නොයෙදෙමින්

දේශපාලකයන් ගේ පසුපස යමින්

රාත්‍රිය පුරා දේශපාලකයින් සමඟ මත්පැන් සාද පවත්වමින්

අනෙකුන් සතු සියලු අවස්ථාවන් උදුරා ගනිමින්

සිසුන් විනය විරෝධී අරගල සඳහා යොමු කරමින් හා ඔවුන් ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරමින්

පාලනය ලබා ගැනීමේ අරමුණින් හිටපු උපකුලපති වරයාගේ පාලනය අවුල් කිරීමට කුමන්ත්‍රණ කරමින්

හිටපු උපකුලපතිගේ චරිත ඝාතනය කරමින්

විරුසිසු ප්‍රතිමාවට බෝම්බ ගසා සිසුන් ප්‍රකෝප කරමින්

සිසුවකු වතුර ටැංකිය මත නංවා උපවාස කරවමින්

ආදී තවත් විශාල අකටයුතුකම් රාශියක් කරමින්, මහින්ද රාජපක්ෂ ජානාධිපති තුමාගෙන් ත්‍යාගයක් ලෙස උපකුලපති තනතුර ලබා ගත්තේය.

කෙසේ වෙතත්, එසේ ලබාගත් උපකුලපති ධූර කාලය අවසන් වූ තැන, නැවතත් වසර 3ක් සඳහා ද උපකුලපති වීමේ ලෝභ සිතින් මේ වන විට කටයුතු කරගෙන යන අමරතුංග මහතා, ඒ සඳහා අයදුම්කොට ඇති ඇති බවත්, පාලක සභාවේ බාහිර සාමාජිකයින් මුලා කර තමාගේ නම ද නිර්දේශිත නාමයන් අතරට යොමුකර ගෙන ඇති බවත්, එම තනතුර නැවත වරක් ලබා දීම සඳහා ජනාධිපති හා අගමැති කාර්යාල වල සිටින දූෂිත නිලධාරීන් හා සම්මාන ලබා දුන් නිලධාරීන් කටයුතු කරමින් සිටිනු බවත් වාර්තා වේ.

අමරතුංග මහතා “ඔලු හතක් ඇති මිනිසා” ලෙස ආචාර්‍ය මණ්ඩලය අතර හඳුන්වනු ලබන අතර, එසේ හැඳින්වීමට හේතුව ලෙස ඔහු තුල පවතින කපටි ස්වභාවය දැක්වේ. ඔහුගේ ප්‍රකාශයන් හා ක්‍රියාකලාපයන් කිසි විටෙකත් සමපාත නොවන බවත්, පසුගිය වසර 3න තුල විශ්වවිද්‍යාලය තුල දූෂණය හා වංචාව කරලියට පැමිණ ඇති බවත්, මෙතරම් දූෂණය රජ කර වූ යුගයක් නොවූ බවත්, ඒ සඳහා සම්පත් අමරතුංග මහතා සෘජුවම දායක වී අති බවත්, විශාල මුදල් ප්‍රමාණයන් රැස් කර ඇති බවත්, ඒවා තම ප්‍රචාරණය සඳහා යොදවා ගත් බවත් වාර්තා වේ.

පසුගිය කාලය පුරා සිදුවූ මිලදී ගැනීම් වලදී, සම්පත් අමරතුංග මහතා සමඟ, මුදල් වංචා පිලිබඳව නමක් දිනා සිටි උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්, පී.ජී. ජයසිංහ මහතා ලඟින් ඇසුරු කරමින් කටයුතු කල බව බොහෝ දෙනා දනී. ආරම්භ කිරීමට තිබූ තාක්ෂණික පීඨය සමඟ ම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට මෙන් ම රටට ද අත්‍යවශ්‍ය නොවූ ඉන්ජිනේරු පීඨයක් ආරම්භ කිරීමට කටයුතු කර, එහිදී සිදුවන ගොඩනැගිලි කුලියට ලබා ගැනීම, උපකරණ මිලදී ගැනීම, හා ආචාර්‍ය වරුන් බඳවා ගැනීම් හරහා කොමිස් හා අල්ලස් ලබා ගත් බවත් වාර්තා වේ. ජයසිංහ මහතාට අමතර ව ලේඛකාධිකාරී ලෙස සිටින බ්‍රිටෝ මහතා ද මෙම ක්‍රියවන් ට සෘජුවම සම්බන්ධ වී ඇත. බ්‍රිටෝ මහතා මෙලෙස කටයුතු කිරීමෙන් පසු ඒවායින් බේරිම සඳහා හා එම කටයුතු සඳහා සම්බන්ධකර ගත් අවිවාහක නිලධාරිණියක සමඟ ඇති පෙම් සම්බන්ධය හෙලි වීමෙන් එම තත්වය මඟ හැරෙන තුරු වෙනත් විශ්වවිද්‍යාලයක සේවය කරමින් සිටී.

සේවකයන් පවසන අන්දමට සම්පත් අමරතුංග මහතා මෙන්ම බ්‍රිටෝ මහතා ද විශාල වශයෙන් මුදල් රැස් කරමින් ඉඩකඩම් පවා මිල දී ගෙන ඇතැයි ද, පැවැති අබලි භාණ්ඩ වෙන්දේසි හරහා ලබා ගත් වටිනා දැව භාණ්ඩ මෙන්ම ඇනෙකුත් වටිනා භාණ්ඩ කූට ආකාරයෙන් රජයට පාඩු කරමින් ලබා ගෙන ඇති බවද වාර්තා වේ. මිලදී ගත් දේපල ආරක්ෂා කිරීම සඳහා විශ්වවිද්‍යාලයේ සේවකයන් මෙන් ම ඔවුන් ගේ පවුල් වල සාමාජිකයන් ද යොදාගෙන ඇති බව ද වාර්තා වේ. තව ද පරිගණක හා ඒ ආශ්‍රිත මිලදී ගැනීම් සඳහා ද අනවශ්‍ය ලෙස පසුගිය කාලය තුල මුදල් වැයකල අතර ඒ සඳහා ඔහුගේ සමීපතමයා වන පෞද්ගලික පරිගණක ආයතනයකට සම්බන්ධකම් ඇති හර්ෂ මුණසිංහ මහතා පිලිබඳ ව ද සොයා බැලීම වටී.

විශ්වවිද්‍යාලයේ සෑම වැඩ වැඩ කටයුත්තක් ම උත්සවාකාරයෙන් පැවැත්වූ අතර එය අවසානයේ දී, රටේ ජනතාවගේ මුදල් වැයකරමින් මත් පැන් සාද ද පවත් වනු ලැබූ බව පසුගිය කාලය පුරා වාර්තා විය. තම කාර්‍යාලයේ ද ඇතැම් දිනවල එසේ මත් පැන් සාද පැවැත්වෙන බවත්, ඒ සඳහා තම කාර්‍යාලයේ සිටින ලිපිකරුවකු කාර්‍යාල සේවක මහතා ද සම්බන්ධ බවත් වාර්තා වේ. සෑම විට ම තමාගේ ලිපිකරු මහතා ද නිවස බලා යන්නේ අමරතුංග මහතාගේ දෙවන නිල රථයෙනි. උපකුලපති කාර්‍යාලයේ සේවක මහතුන් බීමතින් රාත්‍රී කාලයේ කාර්‍යාලයෙන් පිට වනු බොහෝ දෙනා දැක ඇත.

බාහිර විභාග ඒකකය හරහා ලැබෙන මුදල්, තම පෞද්ගලික උවමනාවන් ඉටු කර ගැනීම වෙනුවෙන් වියදම් කර ඇති අතර, මේ වන විට එම සංචිත වල ඇති මුදල් අවම ප්‍රමාණයට වැටී ඇත. එම මුදල් අධ්‍යාපනය දියුණු කිරීමට නොයොදා විදෙස් සංචාර සඳහා විශාල වශයෙන් යොදාගෙන ඇති බව ද වාර්තාවේ. කම්කරු මහතුන්, රියදුරන්, ආරක්ෂකයන්, නිලධාරීන් හා තම හිතවතුන්, කිහිප වරක් ම විදෙස් පුහුණු යැයි සඳහන් කරමින් එම මුදල් වියදම් කර ඇති අතර, එසේ මහජන මුදල් නාස්ති කිරීම වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුව වෙත ඉදිරියේදී විමර්ශණ කරනු ඇතැයි අපේක්ෂා කරමු.

මෙසේ විශාල අපරාධ රැසකට වග කිව යුතු සම්පත් අමරතුංග මහතා හා සම්බන්ධ විශේෂිත කරුණු කිහිපයක් වෙන් වෙන් වශයෙන් පහත දැක්වේ.

කලමණාකරණ පීඨාධිපති තෝරා පත්කර ගැනීමේ දී බලපෑම් කිරීම

පසුගිය දින වල කළමණාකරණ පීඨය සඳහා නව පීඨාධිපති වරයකු තෝරා ගන්නා ලදී. එම පීඨය සම්පත් අමරතුංග මහතා අයත් වන පීඨය වන අතර පීඨාධිපති තනතුර හා ඉදිරිපත් වී සිටි හිටපු පීඨාධිපති වරයා පරාජය කිරීමට තමා ට හිතවත් අයකු ද තරඟ කරවනු ලැබීය. එහි දී දැවැන්ත ජයක් ආචාර්‍ය අනුර කුමාර මහතාට ලැබුණු අතර, තමාගේ අපේක්ෂකයාට අත්වූ ඉරණම තුලින් තමාට විශ්ව්විද්‍යාලයේ ආචාර්‍යවරුන් තුලින් ඇති විරෝධය ඉස්මතු වී පෙනිණ.

තනතුරු ලබා ගැනීම සඳහා ජනාධිපති වරුන් හා අගමැති වරුන් පසු පස යාම

සරත් ෆොන්සේකා මහතා ජනපති කරවීමෙන් පසුව, හිටපු උපකුලපති කරුණාරත්න මහතා එලවා දමා, තමන් උපකුලපති වීමට සිහින මැවූ සම්පත් අමරතුංග මහතා, එතුමා ජනපතිවරණයෙන් පරාජය වීමෙන් ටික කාලයකට පසු, ඔහුගේ ප්‍රතිවාදියා වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙත ගොස්, තනතුරු ලබා ගැනීමට කටයුතු කල අතර, නොසිතූ පරිදි තම උපකුලපති ධූරය ලද සැනින් රාජපක්ෂ මහතා පරාජය වූයෙන්, තමාට පිණට ලැබුණු උපකුලපති තනතුර ආරක්ෂා කර ගැනීමට, තම හැව ගැලවීමට විශ්වවිද්‍යාලයේ මුදල් වියදම් කරමින් කටයුතු කරන ආකාරය පසුගිය කාලය පුරාම දැකගත හැකි විය. ඒ සඳහා ටෙලිකොම් සභාපති තුමන්, අගමැති හා ජනපති කාර්යාලයේ සිටින දූෂිත රාජ්‍ය නිලධරීන් මගින්, මේ වන විටත් අගමැතිතුමාගේ හා ජනාධිපති තුමාගේ සිත දිනා ගැනීමේ සටනක යෙදී සිටී.

හිටපු උපකුලපති වරයාගෙන් එම තනතුර උදුරා ගැනීමට කුමන්ත්‍රණය කිරීම හා ඔහුගේ චරිතය ඝාතනය කිරීම

හිටපු උපකුලපති වරයා, ධූර කාල 2ක්, උපකුලපති තනතුරේ කටයුතු කල අතර, ඔහුගේ පළමු ධූර කාලයේ අවසන් කාලයේ දී හා දෙවන ධූර කාලය තුල අමිහිරි මතකයන් ඇති කිරීමට සම්පත් අමරතුංග මහතා කටයුතු කෙරිණ. ඒ ඔහුට එම තනතුර ලබා ගැනීමේ අටියෙනි. ඒ සඳහා දේශපාලනික වශයෙන් මෙන් ම, අභ්‍යන්තර වශයෙන් ද සිසුන් කුපිත කරවමින් අමරතුංග මහතා කටයුතු කලේය.

එහි දී උපකුලපති වරයාට එරෙහිව කටයුතු කිරීම වෙනුවෙන්, ශිෂ්‍ය සංගම් නියෝජිතයන් මෙන් ම, ප්‍රධාන ආරක්ෂක නිලධාරි හා ලේඛකාධිකාරී බ්‍රිටෝ යන අය බොහෝ විට යොදා ගත් අතර, සිසුන් ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වන අයුරින්, ඔවුන් විනය විරෝධී කටයුතු සඳහා යොමු කරවමින්, පංති තහනම් වලට තල්ලු කර දමන කරන ලදී.

එම සිසුන් බේරා ගැනීමට අමරතුංග මහතා උත්සාහ කළ ආකාරය මගින් අමරතුංග මහතාගේ භූමිකාව හඳුනා ගැනීමට කරුණාරත්න මහතාට හැකිවූ අතර, එම සිසුන් වෙනුවෙන් පැවැත් වූ විනය පරීක්ෂණයන් හි දී, අමරතුංග මහතාගේ උපදෙස් පරිදි ඔවුන් එසේ කටයුතු කළ බව සිසුන් විසින් ම පැවැසීම මගින් අමරතුංග මහතාගේ භූමිකාව වඩාත් පැහැදිලි වී තිබිණ. එසේ කර තිබිය දීත් විනය පරීක්ෂණයක් හෝ නොපවත්වා, අමරතුංග මහතා වෙත හිටපු උපකුලපති වරයා දැක්වූ ලිහිල් පිලිවෙත නිසා අද වන විට මහත් ව්‍යසනයකට විශ්වවිද්‍යාලය ලක් වී, සම්පත් අමරතුංග මහතාගේ රැකියාව ද සුරක්ෂිත වී උපකුලපති වරයා ද වී කටයුතු කරමින් සිටී.

හිටපු උපකුලපති වරයා, පරිපාලනමය වශයෙනුත්, මානසික වශයෙනුත් ඉතා දුර්වල පුද්ගලයකු බව පෙන්වීමට, අමරතුංග මහතා සෑම විටම තම දැනුම සූක්ෂම ලෙස භාවිතා කළ අතර, ඒ සඳහා අට සමත් ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලවා තමාගේ බොහෝ නිර්මාණ කරවීය. ඒ වෙනුවෙන් තම පාලන කාලයේ දී වරප්‍රසාද ලබා දෙන බවට ද පොරොන්දු විය. ඒ වෙනුවෙන් තම පාලන කාලය තුල මේ වන විට එම ආරක්ෂක නිලධාරියාව දෙවරක් විදෙස් සංචාර සඳහා යොදවා, රජයේ මුදල් වියදම් කරමින් යතුරු පැදියක් ද පෞද්ගලික පරිහරණය සඳහා ලබා දී ඇති බව සේවකයෝ පවසති.

අපවත් වූ ශිෂ්‍ය හිමිනමක ගේ නාමය විනය විරෝධී සිසුන් ගේ ලැයිස්තුවට ඇතුලත් කිරීම, අමරතුංග මහතාගේ ම කුමන්ත්‍රණයක් වන බවත්, කන්‍යා භාවය පරීක්ෂා කිරීමට ගැහැණු දරුවන් කළුබෝවිල රෝහලට යැවීම යන්න ද අමරතුංග මහතා ගේ අති විශිෂ්ඨ පවුකාර නිෂ්පාදනයක් බවත් සඳහන් කළ යුතුය. එම සිදුවීම් දෙක ම සඳහා ප්‍රධාන ආරක්ෂක නිලධාරී විශාල කාර්‍යයක් කළේය.  පසුගිය උපකුලපති කාලයේ දී පුස්තකාලයාධිපති තනතුරු සඳහා පැවැති විභාග වලදී අඩු ලකුණු ලබා ගත් වර්තමාන විනයාධිකාරී ගේ බිරිඳ මේ වන විට පුස්තකාලයාධිපති තනතුරක් සඳහා අමරතුංග මහතා විසින් බඳවා ගැනීම තුලින් විනයාධිකාරී ද එම කටයුතු සඳහා සම්බන්ධ වී ඇති බවට සැකයක් මතුවී ඇත.

විශ්වවිද්‍යාලයේ තත්වය පහල වැටීම

පසුගිය වසර 3ක කාලය තුල තම ප්‍රතිරූපය ගොඩනගා ගැනීම විනා, විශ්වවිද්‍යාලයේ වගකීම තේරුම් ගෙන කටයුතු කිරීමක්, උපකුලපති වරයා වශයෙන් අමරතුංග මහතා ගෙන් දැක ගත නොහැකි විය. විශ්වවිද්‍යාලයේ වෙබ් පිටුවේ ඇති ඔහුගේ අතිවිශාල ඡායාරූප ප්‍රමාණය ගණනය කිරීමෙන් ඔහුගේ එම මානසික තත්වය පිළිබිබු වන අතර, සැබෑ පර්යේෂණ සඳහා කිසිඳු දිරි ගැන්වීමක් නොවූ බව ද අචාර්‍යවරුන් ගෙන් වාර්තා වේ.

මහජන මුදල් අනවශ්‍ය ලෙස අලුත්වැඩියා කටයුතු සඳහා යෙදවීම

සියල්ල පසෙක තබා මහජන මුදල් අනිසි ලෙස යොදා ගනිමින් තම කාර්‍යාලය, අධි සුඛෝපබෝගි ආකාරයෙන් සැකසූ අමරතුංග මහතා, ඉන් පසුව සුමංගල ගොඩනැගිල්ලේ ඉහල මහලේ රු ලක්ෂ 300 ක් වියදම් කරමින් මත් පැන් බීමට හැකි වන පරිදි තැනූ අවන්හලක් ඉදි කරන ලදී. ඉන් පසුව භූමියේ සිමෙන්ති ගල් ඇල්ලීමත්, අනවශ්‍ය පිලිසකර කිරීම් පමණක් උපකුලපති වරයා විසින් කරනු ලබන කාර්‍යයන් ලෙස දැකිය හැකි විය.

මිලදී ගැනීම් හරහා කොමිස් ගැසීම

හිටපු උපකුලපති වරයා ගේ පාලන කාලයේ දී කොමිස් ගැනීම බොහෝ දුරට නැවතී තිබූ අතර, අමරතුංග මහතා පැමිණීමත් සමගම එම තත්වය වෙනස් වී විශ්වවිද්‍යාලය පුරා සිදුවන සෑම කටයුත්තක දීම වංචාව හා දූෂණය සිදුවන බව මේ වන විට වාර්තාවේ. කිසිදු දිනෙක සිදු නොවූ පරිදි පරිගණක මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කමිටුවේ සභාපති ලෙස තම හිතවත් පහල නිලධාරීන් කිරීමත් ඒ සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් වූ ජයසිංහ මහතා ගේ සහය ලබා ගැනීමත් පසුගිය වසර 3 පුරාවට දැකගත හැකි විය.

ප්‍රධාන වශයෙන් පසුගිය අවුරුදු 2 ½ ක කාලය තුල සම්පත් අමරතුංග මහතා වැඩිකාලයක් ගත කරනු ලැබූයේ විශ්වවිද්‍යාලය දියුනුවට වැඩ කිරීමට නොව, දේශපාලකයන් හා නිලධාරීන් පසුපස යාමට ත්, හිටපු උපකුලපති වරයා සමඟ ඇති වෛරය පිරිමසා ගැනීමට කටයුතු කිරීමටත්, තම හිතවත් නිළධාරීන් තනතුරු වලට පත්කරමින් හා බඳවා ගනිමින් ඔවුන් හරහා මුදල් සෙවීමටත් ය.

පසුගිය කාලය පුරාවට ම සිසුන් සුළු කණ්ඩායමකට විශ්වවිද්‍යාල පාලනය බාර දී ඇති අතර, ඔවුන් විශ්ව විද්‍යාලය ගංජා තිප්පලක් බවට පත්කරගෙන ඇත. සම්පත් අමරතුංග මහතා, සිසුන් තුල ඇති වී තිබෙන මෙම තත්වයට සම්පූර්ණයෙන් වගකිව යුතු බවත්, විශ්වවිද්‍යාලය තුල පැවැත්වෙන සියලු සැසි හා සම්මන්ත්‍රණ මුවාවෙන් විශ්වවිද්‍යාලයේ විශාල මුදල් ප්‍රමාණයක් සුරාව සඳහා යෙදවා මහජන මුදල් නාස්ති කිරීම පිලිබඳව ද වග කිවයුතු බව දැක්වේ.

තම පීඨය වූ කලමනාකරණ පීඨයේ ම දියුණුව වැලැක්වීම සඳහා කෙනහෙලිකම් සිදුවෙමින් පවතින අතර, විද්‍යා පීඨයේ දියුණුවට ද එලෙස ම කෙනහෙලි කම් සිදුවෙමින් පවතී. හිටපු ජනපති පසු පස ගොස්, ඔහුව පරාජය කලා මෙන්, මේ වන විට ජයග්‍රහණයන් කරා යමින් සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගමන ද පරාජය දෙසට යොමු කර ඇත.

එදා බැසිල් මහතා අද කුමාර සිරිසේන මහතා

එදා බැසිල් මහතා ලඟට වී කල කී දෑ , මෙදා කුමාර සිරිසේන මහතා ලඟට ගොස් කරන අයුරු ප්‍රසිද්ධියේ පෙනෙන්නට තිබෙන අතර විශ්වවිද්‍යාලයේ මුදල් අපතේ යවමින් විවිධ ව්‍යාපෘති ආරම්භ කිරීමට ද මේ වන විට උත්සාහ ගනිමින් සිටී.

සම්පත් අමරතුංග මහතා ට නියමවිය යුතු දඬුවම් ඉදිරියේ දී නොලැබේ නම්, ඔහු විසින් උපකුලපති ලෙස ඉදිරියේ දී පත්වන තැනැත්තාට, කරුණාරත්න මහතාට විඳීමට සිදුවූ පරිද්දෙන් ම දෙගුණ තෙගුණ වී කරදර විඳීමට සිදුවීම අනිවාර්ය වනු ඇත.

ජපුර සරසවි ප්‍රජාව විසිනි

---------------------------
by     (2017-11-05 19:18:38)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

Saturday, Monday or Thursday: which day is part of the weekend?

  4 discussion on this news

This is the situation in all Sri Lankan public Universities: Sri Lankan public University problems deeper than your analysis and discuss real problems in low quality local universities: You need to sack all fake profs and follow international criteria to appoint them: In order to be a real international professor your PhD from world top 100 University, minimum 20 articles in ISI/SCOPUS indexed journals, 10 text books with international publishers and three countries have to appoint you as a Visiting professor. But all these Sri Lankan Professors are jokers and more than 40% University Lecturers are relatives to each others and they give degrees to each other (Husband gives PhD to wife and girlfriend/mistress getting PG degree, sons, daughter and son-in law and daughter- in-law). MY3 clean University system and sack fake professors and University mafia system. Some Dept are family trees. Never allow any dept to issue first degree if you do not have sufficient number of PhDs in that dept. Take some Universities many Deans do not have PhDs. This is a recipe for disaster. Identify and transfer all family members work in same University/Dept/Faculty as Lecturers. Recheck how these all family members came to system and penalize the responsible. Sometime wife is writing articles putting husband’s name for articles and husband getting professorship without shame (what ethics) presenting these to promotions. Stop University teachers are doing local PhDs in same or other Universities. You know how people get Sri Lankan passport and B. Certificates and driving license. Same way Sri Lankan PhDs also can get. Today the most important thing is your PhD must come from accredited, ranking (at least 100) best University of the world to recognized your University basic products. Now see Sri Lankan local Universities are rotten to death. Somebody has to clean it.
-- by Omar on 2017-11-06

Nowadays if we hit a bush in a university we can find hundreds of Professors and Doctors. Some time ago there were only two or three Phd. holders for entire university. But they were real intellectuals. Now all lecturers somehow try to get Phd. only for their benefits like salary increments, academic allowances and better job opportunities...etc.. Very few practical intellectuals are in the University system. Actually university lecturers can hide their foolishness until they keep their mouths shut. There are lots of practically intelligent people those who have made exceptional and direct contributions to the country are working quietly without any appreciations or titles. Actually there should be a system to find that type of people who deserve for the Honorary Doctorates.
-- by Lanka on 2017-11-06

මෙම ලිපිය නිලවරණ කාලයේදී සැඟවුන අරමුණක් ඇති අයෙකුගේ උවමනාවක් වෙනුවෙන් ලංකා ඊ නිව්ස් නොමග යවා පලකරන ලද්දක් බව එහි චෝදනා වලින්ම වටහා ගත හැකිය.ජපුරේ අධ්‍යාපනය ලැබූ අයෙකු ලෙස මා දන්නා පරිදි අවුරුදු 25 කට පසු අධ්‍යනංශයක් ලැබුනේ මෑත දීය ඒ ඉංජිනේරු හා තාක්ෂනය වෙනුවෙනි.කෘෂිකාර්මික රටක් වශයෙන් ජාත්යන්තරයට යා හැකි ජීව තාක්ෂණ අංශයකට ජපානයේ ආධාර ඇතිව මුලික පියවර ගෙන ඇත. ලිපිය පලකිරීමට පෙර සිසුන් ගෙන් ඇසුවා නම් නිවැරදි තීරණයක් ගත හැකිව තිබිණ.මරා ට කඩේ ගිය පලියට පුද්ගලයෙකුගේ පරිපාලන හැකියාව, සාධාරණ තීරණ, මනුස්සකම නැතිවන්නේ නැත.ජපුරේ ස්වර්ණමය යුගයක් අරම්භයෙද්ම අවසන්කර අදුරු යුගයක් ආරම්භ කිරීමට පාර සකසන පක්ෂග්‍රාහී ලිපියකි.
-- by රන්සි on 2017-11-06

With immediate effect close down Colombo University fake and bogs PhD factory. Per year they issue around 50 PhDs without any training or good research works. Now Sri Lankan local Universities are full of these bogus joker PhDs. And other thing Local University Lecturers are going to do PhD to countries such as Malaysia, India and China. No country sending University teachers to do PhDs to these countries. You see public Universities are full of these types of fake PhD holders. within next 10 years Sri Lankan Universities do not have any accreditation or ranking with these bogus local and low educational level country PhDs. See Colombo University Arts faculty famous family Dept. All recruitment are out door connected and Emiritus grand farther world class robber and still he run this Dept as family business..
-- by Nawodha on 2017-11-07

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more