බැඳුම්කර කොමිසමේ තරුව ‘වල්ග තරුවක්‘ වේ.! “තප්පුලන ලිවේරාගේ හැසිරීම නින්දිතයි: වසර 37 ක විනිසුරු ජීවිතේ මෙවැන්නෙක් දැකලා නෑ“ : විනිසුරුවෝ කිපෙති

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.04,  ප.ව‍‍‍‍.6.00) බැඳුම්කර කොමිසම ඉදිරියේ රිලා නැටුම් නටමින් තප්පුලන දප්පුල ලිවේරා ගේ හැසිරීම ‘ඉතාමත් නින්දිත‘ බවත් තමන්ගේ 30 වසරක විනිසුරු ඉතිහාසයට මෙවැනි නින්දිත හැසිරීමක් ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකුගෙන් දැක නැති බවත් කියමින් කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා දප්පුල ලිවේරාට දැඩි සේ අවවාද කරද්දී, තමාගේ 37 වසරක විනිසුරු ඉතිහාසයටත් එවැන්නක් දැක නැතැයි කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී චිත්‍රසිරි මහතා පැවසීය. 

මේ සිද්ධිය වූයේ පසුගිය 2 වෙනිදා අවසන් වරට කොමිසම රැස්වූ අවස්ථාවේ දීය.

සිද්ධියට පාදක වූයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ විසින් යම් යම් පුද්ගලයන් සීඅයිඩියට දුන් ප්‍රකාශ තොගයක් සාක්කි ලෙස පිළිගන්නැයි කොමිසමට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. 

අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ චානක ද සිල්වා ද, පර්පෙචුවල් සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සහ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න තිදෙනා ඊට එරෙහි වෙමින් කියා සිටියේ අතිශය සාමාන්‍ය නීති තර්කයකි. එනම් පොලිසියක් ඉදිරියේ දෙන කට උත්තරයක් අධිකරණයක සාක්කියක් ලෙස පිළිනොගැනීම සාමාන්‍ය පිළිවෙත බැවින් අවශ්‍ය නම් ඔවුන් කොමිසම ඉදිරියට කැඳවා කොමිසම ඉදිරියේ දිව්රුම් මත සාක්කි විමසන ලෙසයි. එසේ නොවන්නේ නම් එය ස්වභාවික යුක්ති ධර්මයට පටහැනි බවයි. 

දෙපාර්ශවයේම නීති තර්ක වලට සවන් දුන් විනිසුරුවරුන් අවසානයේ තීරණය කෙළේ යසන්ත කෝදාගොඩ ඉදිරිපත් කළ සීඅයිඩී කට උත්තර සාක්කි ලෙස පිලි නොගැනීමටයි. ඒ බව දැනුම් දීමත් සමග තප්පුලන ලිවේරා කොමිසමේ විනිසුරුවරුන්ට නිග්‍රහ කරමින් නීච ලෙස හැසිරුනේය. 

තප්පුලන ලිවේරා - මේ විමර්ශන වාර්තා (සීඅයිඩී කට උත්තර) නොබලා මේ කොමිසමේ කටයුතු වලට බාධා කරනවා.

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන - අපි ඒවා අනුමත කළත් ඒවායේ සාක්කිමය වටිනාකම බින්දුවයි.

තප්පුලන ලිවේරා - මම ගොඩ නගන්නේ නීතිමය තර්කයක්. මේ විමර්ශන වාර්තා නොබැලීමෙන් ඔබලා මේ කොමිසමේ කටයුතු වලට බාධා කරනවා. 

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන - ඔබේ තර්කය හාස්‍ය ජනකයි. විමර්ශනයක් සිදුවන්නේ සාක්කි විමසීමෙන් පසුවයි. අපි තවමත් ඉන්නේ සාක්කි විමසන අවස්ථාවකයි. දිව්රුමක් නොමැතිව දී ඇති ප්‍රකාශ සාක්කි ලෙස පිළිගත නොහැකියි. මේවා පිලිගත හොත් දිව්රුම් මත දී තිබෙන සාක්කි සමග පරස්පරයක් හැදෙනවා. 

තප්පුලන ලිවේරා - මා කියන්නේ මෙපමණයි. මේ සීඅයිඩී කට උත්තර විමර්ශනය නොකරන්නේ නම් මේ කොමිසමේ ක්‍රියාවලිය ‘කෝළමක්‘ වෙනවා.

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන - මට විශ්වාසයි ඔබ ඔය වචන පාවිච්චි කරන්නේ මාධ්‍යයේ තමන්ට ලැබෙන ප්‍රචාරය බලාගෙනයි. අපි මාධ්‍ය වාර්තා ගැන තැකීමක් නෑ. අපි කරන්නේ අපේ වෘත්තියයි. එය ඕනෑම අධිකරණයක සිදුකරන ක්‍රියාවලියයි. අධිකරණය ඉදිරියේ ලබා දෙන්නේ නැති සාක්කියක් පිලිනොගැනීම ඕනෑම අධිකරණයක් කරන දෙයක්. 

තප්පුල ලිවේරා - ඔබ ‘අවිචාරයෙන්‘ දෙන නියෝගයක් වුවත් අපි එය කරන්නම්.

තප්පුලන ලිවේරාගේ මේ ප්‍රකාශයත් සමග විනිසුරුවරු දෙපොලගේ කෝපය ඉහ වහා ගියහ.

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන - මං තමුන්ගේ හැසිරීම ගැන මීට පෙරත් අවවාද කළා. 

සභාපති විනිසුරු චිත්‍රසිරි - මේ කොමිසම ඉදිරියේ තමා මේ වගේ හැසිරුනු පළමු අවස්ථාව නොවෙයි. නිසැකවම තමාගේ මෙම හැසිරීම ගැන අපට වැඩි දුරටත් සිතන්න වෙනවා.

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන - තමාගේ හැසිරීම කිසිසේත්ම ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකුට ගැලපෙන්නේ නෑ. අධිකරණය ඉදිරියේ මෙලෙස හැසිරීම ගැන මං තමුන්ට දැඩි සේ අවවාද කරනවා. මගේ වසර 30 ක විනිසුරු ඉතිහාසයට මං තමාගේ වගේ නින්දිත හැසිරීමක් දැකලා නෑ. 

සභාපති විනිසුරු චිත්‍රසිරි - මමත් අවුරුදු 37 ක් විනිසුරුවරයෙක් ලෙස සේවය කර තිබෙනවා. විනිසුරු තීන්දුවක් දුන් පසු නීතිඥයෙකු මේ වගේ හැසිරෙනවා මමත් ජීවිතයට දැකලා නෑ. 

විනිසුරු දෙපොලේ මෙකී ප්‍රකාශයෙන් පසු ‘බැඳුම්කර කොමිසමේ තරුව‘ ලෙස සමහරුන් හඳුන්වන තප්පුලන ලිවේරා ‘වල්ගා තරුවක්‘ බවට පත්ව වල්ගය වනන්නට ද පටන් ගත්තේය. නීතිපති දෙපාර්තමේන්තුවේ මහත්වරුන් ලිවේරාට ‘හැපිචෝල් කාරයා‘ යයි කියන්නේ මන්දැයි දැන් තේරුම් ගත හැකිය.   

සත්‍ය වශයෙන්ම මෙකී ජනාධිපති බැඳුම්කර කොමිසම කොමි-සමයමක් බවට පත් කෙළේ කොමිසමේ කටයුතු වලට සහාය දීමට යයි කියා නීතිපති දෙපාර්තමේන්තුවෙන්  පැමිණි කෝදාගොඩ සහ තප්පුලන ලිවේරා දෙදෙනාගේ දේශපාලන අරමුණු පෙරදැරි කර ගත්, පටු, ගොබ්බ හැසිරීම නිසා ය. පැජට් පාරේ අහිගුන්ඨිකයන් කියන කියන ආකාරයට නටන මේ රිලව් දෙදෙනා ගැන කොමිසම තීන්දුවක් නොගෙන සැමදා අවවාද කර කර සිටියහොත් කොමිසම කොමි-සමයමක්ම වීම වැළැක්විය නොහැකිය. 

පුදුමය නම් බැඳුම්කර කොමිසම ගැන වාර්තා කරන එකදු සිංහල මාධ්‍යයක් හෝ මේ ගැන මෙතෙක් වාර්තා නොකිරීමය. එයින් මේ රිලවුන්ගේ සහ ජඩමාධ්‍යයන්ගේ අරමුණ කුමක්දැයි වටහා ගත හැකිය.

---------------------------
by     (2017-11-04 22:35:50)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  8 discussion on this news

ශ්‍රේෂ්ඨාධිකරණයේ ජනමාධ්‍යවේදීන්ට කියා කාමරයක් වෙන් කර දී ඇත. එහි ඉන්නේ අධිකරණය තමන්ගේ බූදලයක් කරගත් නාකි හුටන්ලා සහ හිමිදිරි කිකිළියන් කිහිප දෙනෙකිත මොවුන්ට හරියට සිංහලත් බැරිය..දෙමළත් බැරිය....සුවිශේෂී පුද්ගලයන්ගෙන් ගතම් එක ලැබේ නම් පහුවෙනිදා විස්තරේ පත්තරේය. අධිකරණයේ නඩුවක් විභාග වෙනවා බලන්නවත් යන්නේ නැති මොවුන් ඔපා දූප අසාගෙන මොනවා හෝ පත්තරේ දමයි. සමහරෙක් මෙතන්ට එන්නේත් ගතම් එක ලැබෙන විදිහටය..ඒ නිසා මේ වගේ ප්‍රවෘත්ති පළ වෙන්නේ නැති එක ගැන පුදුම විය යුතු නැත.
-- by Neela on 2017-11-04

ඔය තප්පුලන ලිවේරයි කෝදාගොඩයයි කියන්නෙ හරි හමන් ජාතකයක් තියෙන උන් දෙන්නෙක් නෙමෙයි. විස්තර දන්න අයගෙන් අහල බැලුවොත් කියයි ඔවුන්ගෙ මහ එකීලට හැමනිනු හැටි අහුමලු ගානෙ. මුන්ගෙ ඒ හැපිචෝල් අවජාතක ගතිය තමයි අද ඔය පෙන්නුම් කරන්නෙ. මුන් දෙන්න එක්ක තියෙනන ගනු දෙනුව පාරෙදි තමයි විසඳන්ඩ වෙලා තියෙන්නෙ. බල්ලො දෙන්න බුරනව වැඩියි.
-- by silva on 2017-11-04

රනිල්ගෙන් ප්‍රශ්න කරන්න දප්පුලව යොදවන එක නතර කරන්න ගහපු ගැටයක්...
-- by Ayo on 2017-11-04

නීතිපති එකේ ඉන්න එවුං ඔහොමම තමයි. මොහාන් සෙනවිරත්නයා ගස් බල්ලා HCB/584/3 නඩුවෙන් රුපියල් ලක්ෂ 30 ක ජරාවක් කාලා තමා විත්තිකාරයෝ දෙන්නා නිදහස් කලේ. මූට විතරක් නෙවෙයි මූ කාපු ජරාව වලින් ඇමරිකා යවපු දුවටත් හෙණ ගහන්න ඕනා. ලැජ්ජ නැති පරයා
-- by helani de silva on 2017-11-04

මේවා දකිනකොට තමයි අර ගෝටාගේ සුදු වෑන් එකත් සමහර උන්ට අවශ්‍යයි කියල. යහපාලනය ඒවා නැවැත්තුව නිසා අසාධාරනයට, අවනීතියට, බලුවැඩ වලට අකමැති ජනතාව වත් මග තොටේදී මුන්ට යුතු අයුතුකම් ගැන කියල දීලා පොඩි ගූ මුට්ටි පූජාවක්වත් දිය යුතුයි. ඒක සුදු වෑන් තරම් නරක වැඩක් නොවෙයිනේ. ගහනව මරනව නොවෙයි. නරක, කැත, බලු වැඩ වලට නීතියෙන් දඬුවමක් නැති නිසා ලැබෙන ස්වාභාවික දඬුවමක් විතරයි. හොඳයි නේ. කරුනාකරලා මුන් දෙන්නාගේ ගෙවල් වල ලිපිනයන් ප්‍රසිද්ධ කරන්න.
-- by Batty on 2017-11-04

පුදුමය නම් බැඳුම්කර කොමිසම ගැන වාර්තා කරන එකදු සිංහල මාධ්‍යයක් හෝ මේ ගැන මෙතෙක් වාර්තා නොකිරීමය. එයින් මේ රිලවුන්ගේ සහ ජඩමාධ්‍යයන්ගේ අරමුණ කුමක්දැයි වටහා ගත හැකිය.
-- by Sobithawathara on 2017-11-05

Just saw on DM that Livera is ACTING AG. Looks like this guy is the next AG in line. Scary thought.
-- by rohan on 2017-11-05

Our media gentlemen are in deep slumber I think. We only depend on your news dear Sandaruwan!
-- by Gratiaen Hewa on 2017-11-05

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more