යාපනයේ ධීවර තරුණයෙකුගේ ලය පසාරු කළ වෙඩිල්ල පොලිසියේම තමයි: එස්ටීඑෆ් 2 ක් රිමාන්ඩ්..!

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.03, ප.ව.7.45) යාපනයේ අරියාලේ මනියතෝට්ටම් ප්‍රදේශයේදී පසුගිය ඔක්තෝබර් මස 22 වෙනිදා තරුණයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට යාපනයේ සේවය කරණ පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂක වරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකු 03 දා රහස් පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

මෙම වෙඩිතැබීම සදහා යොදා ගත් මිලිමීටර 9 වර්ගයේ පිස්තෝලයක්ද,සැකකරුවන් පැමිණි යතුරු පැදියක් හා ත්‍රී රෝද රථයක්ද මීට දින දෙකකට පෙර රහස් පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබුණේ මේ සිද්ධිය සටහන් වූ සී.සී.ටීවී කැමරා දර්ශන කීපයක් රහස් පොලීසිය අතට පත්වීමෙන් පසුවය.

යාපනයේ පදිංචි දොන් බොස්කෝ නැමති විසිහතර හැවිරිදි ධීවර තරුණයෙකු අරියාලේ මාර්ගයේ ගමන් කරමින් සිටියදී ඔක්තෝබර් මස 22 වෙනිදා මහදවල් ඔහුට වෙඩි තබා යතුරු පැදියකින් පැමිණි දෙදෙනා පලාගොස් තිබුණි.

 යාපනයේ වැසියන් පොලීසිය විසින් මෙම වෙඩි තැබීම සිදු කළ බවට චෝදනා කරමින් පොලීසියට එරෙහිව විරෝධය පලකරද්දී පොලීසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි නාදුණන පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කොට පලා ගිය බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා පොලිස්පතිවරයා විසින් රහස් පොලීසියේ විශේෂ කණ්ඩායමක් පත් කිරීමෙන් පසුව ඔවුන් යාපනයට පැමිණ මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කළහ.

සී.සී.ටීවී කැමරාවක සටහන්ව තිබූ දර්ශන පෙළක් හමුවීමෙන් පසුව එහි සටහන් වී තිබුණු වාහන දෙකම පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් වාහන දෙකක් වීමත් සමගම ඒ ඔස්සේ රහස් පොලීසිය පරීක්ෂණ දිගින් දිගටම සිදු කොට ඒ සම්බන්ධයෙන් සැකපිට මෙම නිලධාරීන් දෙදෙනා අත් අඩංගුවට ගෙන තිබේ. 

සැක පිට අත් අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බලකායේ දෙදෙනා ලබන 16 වනදා දක්වා බන්ධනාගාර ගත කරන ලෙසට යාපනය  මහේස්ත්‍රාත් එස් සදීස්කරන් මහතා  අද (3)  සවස  නියෝග කලේය.

සැකකරුවන් 16 වෙනි දින හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලීසිය තව දුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.

දිනසේන රතුගමගේ විසිනි

සබැඳි පුවත්
* යාපනයේ පොලිස් වෙඩිල්ලක් ධීවරයෙකුගේ ලය පසාරු කරයි: ජනතාව කැළඹෙයි..!
* යාපනයේ ධීවර තරුණයෙකුගේ ලය පසාරු කළ වෙඩිල්ල පොලිසියේ නොවේ: සීසීටීවී වලින් ඇත්ත සොයා ගනී

---------------------------
by     (2017-11-03 15:26:39)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

Twenty one, 1, sixty four, 90, 24 or 22: which of these is the highest?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more