රටේ ස්වෛරීත්වය භෞමික අඛණ්ඩතාවය ගැන කේවල් කිරීමක් නෑ, සියලු දෙනා එකඟයි: මහින්දගේ තිස්ස විතාරණ කමිටුවත් බලය බෙදිය යුතු බව කීවා..! -ආර්.සම්බන්ධන් ව්‍යවස්ථා විවාදයේ දී

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.03,  පෙ.ව‍‍‍‍.4.15) “රටේ ස්වෛරීත්වය භෞමික අඛණ්ඩතාවය කේවල් කිරීමක් ‍නැහැ. ඒ කාරණාවලට සියලුදෙනා . මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති පත්කළ තිස්ස විතාරණ කමිටුවත් බලය බෙදිය යුතුය යන යෝජනාව තහවුරු කර තිබෙනවා. හිටපු සියලු ජනාධිපතිවරු දෙමළ ජනතාවට තවත් බලය බෙදිය යුතු බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ සියලුදෙනා අපේ ඉල්ලීම් පිළි අරගෙන තිබෙනවා.” යැයි විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා පැවසීය.

ඔහු එසේ කීවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පිළිබඳ විවාද කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී තෙවැනි දිනයටත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාදායක සභාව රැස්‌ වූ අවස්ථාවේදීය. වැඩි දුරටත් අදහස් දැක්වූ සම්බන්ධන් මහතා මෙසේ ද කීය. 

“රටේ සෛවරීත්වය භෞමික අඛණ්ඩතාවය කේවල් කිරීමක් ‍නැහැ. ඒ කාරණාවලට සියලුදෙනා එකඟ වුණා. ශ්‍රී ලංකාවට එකඟ විය හැකි ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතුයි කියා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කිව්වා. එතුමා එදා කිව්වා ජනතාව විසින් ජනතාවට බලය බෙදීම තමයි අවශ්‍ය කියන එකයි. ඕනෑම යෝජනාවක් තුළිත් උපරිමය බලබෙදීමක් තිබිය යුතු අතර රට‍ නොබෙදීමක් විය යුතුයි කියා හිටපු ජනාධිපතිවරයා තහවුරු කළා. ප්‍රකාශ තහවුරු කළ යුතුයි රටේ සාමය ගොඩනැගීමට. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ දරපු මතය වෙනස්වීම පිළිබඳ අප කනගාටු වෙනවා.

නව ව්‍යවස්ථා අතුරු වාර්තා පිළිබඳ කතා කරන විට අපි කියන්න ඕන අපේ රටට අළුත් ව්‍යවස්ථාවක් සකස් විය යුතුයි. අපි අපේ රටේ පක්ෂ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකක් සකස් කර තිබෙනවා. ඒවා සියල්ල පැමිණියේ පක්ෂ වලින්. නමුත් අද ගෙන එන අතුරු වාර්තාව සියලුම පක්ෂවල අදහස් අරගෙන ජනතාවගේ අදහස් අරගෙන තමයි සකස් කර තිබෙන්නේ. එය නිසි ක්‍රියාපටිපාටිය තුළ සිදුව තිබෙනවා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරය හා ජනමත විචාරණයක් අවශ්‍යයි.

මෙයින් ජනතාවගේ ස්වාධිපත්‍යයයි උරගා බලන්නේ. සියලු ජනතාවගේ විශ්වාසනීයත්වය මෙයින් පිළිබිඹු විය යුතුයි. පළාත් පාලන ආයතන හා ජනතා බලය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අන්තර් ගත විය යුතුයි. ජනතාවගේ ස්වාධිපත්‍ය බලය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් නිරූප‍ණය වන්නේ. රටේ සමස්ත ජනතාව මේ සඳහා දායක වෙනවා. රටේ උත්තරීතර නීතිය සම්පාදනය වෙනවා. ඒ තුළින් නොබෙදුණු ශ්‍රී ලංකාවක් තහවුරු වෙනවා. ශ්‍රී ලංකාව සමෘද්ධිමත් රාජ්‍යක් බවට පත් කිරීමයි නව ව්‍යවස්ථාවේ අරමුණ වන්නේ. අපේ ඉතිහාසය තුළින් අපි පාඩම් ඉගෙනගෙන තිබෙනවා. යුද්ධය තුළින් පාඩම් ඉගෙන ගෙන තිබෙනවා. ජාතික සම්පත් විනාශ වුණා. නව ව්‍යවස්ථාවක ඇති අවශ්‍යතාව රට තේරුම් අරන් තිබෙනවා. සමානාත්මතාවය හා යුක්තිය කියන මූලධර්ම මත පදනම් වෙලා මේ රට ඉදිරියට ගමන් කළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය හා බහුවාර්ගිකත්වය එකට එකතු වූ දෙයක්. එමගින් අපි සියලුදෙනාගේ එකමුතුකම හා නොබෙදුණු ශ්‍රී ලංකාව තහවුරු කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ බලය බෙදාහැරීම අවශ්‍යයි.” යනුවෙන්ද විපක්ෂ නායක වරයා ප්‍රකාශ කළේය.

---------------------------
by     (2017-11-02 23:06:22)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more