(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.03, පෙ.ව.4.00) වවුනියාව සෙට්ටිකුලම් නිලයාරුගම් ගම්මානයේ පිහිටි ගණදෙවි කෝවිල කිසියම් පිරිසක් විසින් 02 දා අළුයම කඩා බිඳ දමා ඇති බවට සෙට්ටිකුලම් පොලීසියට පැමිණිලි කොට තිබේ.
කෝවිල කඩා එහිවූ පිලිම සියල්ලම පොලවේ ගසා කුඩුපට්ටම් කොට ඒවායෙහි කැබලි මහ මග දමා තිබේ.
ගතවූ දින කීපය තුළ වවුනියාවේ විවිධ ආගමික ස්ථානවලට කිසියම් පිරිසක් විසින් දැඩි ලෙස අලාභහානි සිදු කොට ඇති බව පවසන පොලීසිය මෙම ගණදෙවි කෝවිල කඩා දැමීම පිළිබඳව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
---------------------------
by (2017-11-02 22:44:29)
Leave a Reply