අල්ලස් ගෙන මාට්ටු වූ හිටපු නියෝජ්‍ය ඇමැති බරපතල වැඩ ඇතිව වසර 04 ක් හිරේ..!

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.02,  ප.ව‍‍‍‍.11.45) රජයේ රැකියාවක් ලබාදීම සඳහා දුප්පත් කාන්තාවකගෙන් රුපියල් 50,000 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්නට අද කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා විසින්  බරපතල වැඩ සහිත වසර 4 ක සිරදඬුවම් නියම කරන ලදී.

සිර දඬුවමට අමතරව ඔහුට රුපියල් 10,000 ක දඩයක්ද නියම විය. 

ශාන්ත ප්‍රේමරත්න මෙම අල්ලස ලබා ගෙන තිබුනේ මීට වසර 10 කට පෙර  අම්පාර ප්‍රදේශයේ දුගී කාන්තාවකට විදුලි බල මණ්ඩලයේ රැකියාවක් ලබා දීමට පොරොන්දු වෙමිනි. 

රජයේ සේවකයින් අල්ලස් දැලට කොටු කරගත්තත් දේශපාලකයන් ඉන් බේරී යන බවට රටේ මතයක් හටගෙන ඇති බැවින් සමාජයෙන් එම මතය මෙන්ම අල්ලසද ඈත් කර තැබිය හැකි ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමසමේ සහකාර අධ්‍යක්‍ෂ රුවනි වික‍්‍රමසිංහ කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවයා අදාළ දඬුවම් නියම කළේ චෝදනා සැකයකින් තොරව ඔප්පු කර ඇති බව කියමිනි. 

යහපාලන ආණ්ඩුව බලයට ඒමෙන් පසු සිර දඬුවම් නියම වූ පළමු දේශපාලනඥයා ශාන්ත ප්‍රේමරත්න නමුත් නඩු පවරා තිබුනේ යහපාලන ආණ්ඩු සමයේ නොවේ.  

---------------------------
by     (2017-11-02 19:19:24)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

මේ වගේ නරුමයෝ කොචර ඉන්නවද ? මුන් අල්ලලා ඇතුලට දන්නේ කවද්ද 1. එල්ලාවල මරපු මිනී මරපු නිලමේ 2. නරිමන්ස කරපු රම්බුක්වෙල්ල 3 කපටි හොර විඅග්ර වංසා 4 කිට්ටි කාපු රවිය 5 ගොන්සට් එකේ නාමල් 6 කසිප්පු ජෝනිය 7 කට්ට කෛරාටික ලොකුගේ හොරා
-- by sunil on 2017-11-02

මහින්ද රාජපක්ෂ හිටියනං ඔය මිනිහ යන්නෙ හිරගෙදර නෙවෙයි ගෙදර!
-- by සිංහලේ on 2017-11-03

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more