ව්‍යවස්ථා විවාදයට දැඩි ඉල්ලුමක්: ලබන සතියටත් තව දිනයක්

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.02,  ප.ව‍‍‍‍.11.30) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිලිබද විවාදයේ දී අදහස් දැක්වීමට සෑම පාර්ශවකයම දැඩි ඉල්ලුමක් පවතින් බැවින් තවත් අමතර  කාලය වෙන් කිරීමට කථානායකවරයා තීරණය කර තිබේ. 

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් උදෙසා ඒ ඒ පක්ෂවල අදහස්ද ඇතුලත්ව ඉදිරිපත්ව ඇති මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිලිබදව සාකච්ඡා කිරිම සදහා පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස රැස් වීමට කලින් යොදාගත් පරිදි ඔක්තෝම්බර් 30, 31 සහ නොවැම්බර් 01 වැනිදා ලෙස දින 03 යොදා ගෙන තිබුණ ද ඒ පිලිබඳව අදහස් දැක්වීමට සෑම පාර්ශවයකින්ම ලැබී ඇති දැඩි ඉල්ලුම හේතුවෙන් ඒ සදහා වූ කාලය තව දුරටත් දීර්ඝ කිරීමට කථානායකවරයා තීරණය කර ඇත. ඒ අනුව අද (02) දිනය සහ එළඹෙන සතියේ අයවැය විවාදය ආරම්භ වීමට පෙර තවත් දිනයක් ඒ සඳහා වෙන් කිරීමට නියමිතය.

පසුගිය දිනවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුල ඉතා වැදගත් අදහස් රැසක් ඉදිරිපත් වූ අතර, ඒ පිලිබඳව ජනමාධ්‍යන්හි ද පුළුල් අවධානයක් යොමුව තිබිනි.

මෙම විවාදයේ දී අදහස් පළ කිරීමට සෑම පක්ෂයකම මන්ත්‍රීවරුන් තුල දැඩි උනන්දුවක් පවතින අතර,  ගෙවී ගිය දින දෙක තුල මන්ත්‍රීවරු ගණනාවක්ම මෙහිදී අදහස් දැක්වීමට තමන්ට ප්‍රමාණවත් කාලයක් වෙන් කරන ලෙස කථානායකවරයා අමතමින් ඉල්ලා සිටියහ.

සෑම මන්ත්‍රීවරයෙක් තුලම ඇති මෙම උනන්දුව අගය කළ කථානායකවරයා රට වෙනුවෙන් ඉතා තීරණාත්මක කරුණක් සාකච්ඡාවට ගැනෙන අවස්ථාවක සක්‍රීයවම ඊට මැදහත් වී පක්ෂව හෝ විපක්ෂව අදහස් දැක්වීම මහජන නියෝජිතයන් ලෙස සිය වගකීම ඉටු කිරීමක් බවත් පෙන්වා දුන් අතර, සියළු දෙනාටම පාර්ලිමේන්තුව තුල අදහස් දැක්වීමට ඇති අයිතිය තහවුරු කරමින් අවශ්‍ය කාලය ලබා දෙන බවට සහතික විය.

ඒ අනුව අද (02) දිනය සහ එළඹෙන සතියේ ද තවත් දිනයක් වෙන් කෙරුණු අතර සම්පූර්ණ විවාදය දින 5 ක් පැවැත්වෙනු ඇත.

---------------------------
by     (2017-11-02 18:16:31)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more