අඛිලගෙන් තවත් අධ්‍යාපන පෙරළියක්..! ඉස්කෝලේ ඉස්පිරිතාලෙට..!!

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.02,  ප.ව‍‍‍‍.10.45) මහරගම අපේක්ෂා රෝහල, රිජ්වේ ආර්යා රෝහල ආදී විශේෂිත රෝහල් වල දිගු කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබන සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අතපසු වීමෙන් වළක්වා ගැනීම සඳහා වසරක සේවා කාලයකට ගුරුවරුන් එම රෝහල්වලට අනුයුක්ත කර අදාල විෂය කොටස් දරුවන්ට ඉගැන්වීමේ අලුත් සේවාවක් අධ්‍යාපන ඇමැති අඛිල විරාජ්ගේ උපදෙස් අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබේ. 

ඒ අනුව වසරක කාලයක් සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අනුයුක්තව සිටි විද්‍යා පීඨ ඩිප්ලෝමාධාරී නවක ගුරුවරුන් 05 දෙනෙකුගේ වසරක සේවා කාලය අවසන් වීමත් සමග  ඉදිරි වසරක කාලයක් සඳහා නවක ගුරුවරුන් 05 දෙනෙකු එම රෝහලට අනුයුක්ත කිරීම පසුගිය (31) දා සිදු කෙරිණ.

රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුව වී නැවත පාසලට ගිය විට අදාළ විෂය කොටස් අතපසු වීම නිසා බොහෝ අවස්ථාවලදී එම සිසුන් පාසලින් ගිලිහෙන්නන් බවට පත්වන බැවින් එම දරුවන්ට ඉගෙනීමේ අවස්ථා ලබා දීම සඳහා ක්‍රියාත්මක මෙම වැඩසටහන දිවයිනේ හඳුනාගත් සෙසු රෝහල් සඳහා ද ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

---------------------------
by     (2017-11-02 17:19:11)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more