ශ්‍රේෂ්ඨාධිකරණයත් ගීතා ගෙදර යවයි: ගීතාගේ පමණක් නොව බැසිල් ගෝඨාගේ ඉරණමත් තීන්දුයි

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.02,  ප.ව‍‍‍‍.6.00) ද්විත්ව පුරවැසි භාවය හේතුවෙන් අධිකරණය විසින් මන්ත්‍රීධූරය අහිමි කළ වූ ප්‍රථමයා වශයෙන් ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් ගාල්ල දිසා මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට අභියාචනාධිකරණය ගනු ලැබූ තීන්දුව අද(02) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරනු ලැබීය.

තමා මන්ත්‍රීධූරයෙන් ඉවත් කිරීමේ මැයි 30 වෙනිදා දුන් අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ගීතා කුමාරසිංහ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමේ තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත්කරමින් ඇයට මන්ත්‍රීධූරය අහිමි වීම ස්ථිර කෙරිණ. මෙම තීන්දුව වහාම පාර්ලිමේන්තු මහ ලේකම්ට දැනුම් දෙන ලෙස අධිකරණ ලේඛකාධිකාරී වරයාට නියෝග කෙරිණ. 

ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපැල් නඩුව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විභාග කරනු ලැබීය.

ගීතාගේ මන්ත්‍රීධූරය අහිමි වීමත් සමග එජනිස ලැයිස්තුවේ ඊළඟට මනාප හිමි පියසේන ගමගේ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව හිමිවන අතර ඒ මහතාද අධිකරණයට පැමිණ සිටියේ ය. තීන්දුවෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ ඔහු කියා සිටියේ තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු බැවින් පක්ෂය සිටින තැන තමාද සිටින බවයි. ඉන් අදහස් වන්නේ ඔහු පාර්ලිමේන්තුවේ දී ඒකාබද්ධය සමග නොව මෛත්‍රී පිල සමග කටයුතු කරනු ඇති බවයි. 

දැනට අලුතින් පක්ෂ හදාගෙන සිටින බැසිල් රාජපක්ෂද ද්විත්ව පුරවැසියෙකි. ඔහු තම ඇමරිකානු පුරවැසිභාවයෙන් ඉවත් නොවන බවද පවසයි. ‘විපත් මග‘ වැනි සංවිධාන හරහා අලුතින් පොරක් වන්නට හදන ගෝඨාභය රාජපක්ෂ ද ද්විත්ව පුරවැසියෙකි. ඔහුද තම ඇමරිකානු පුරවැසිභාවය අත් හැරීමට සූදානම් නැත. ඒ දෙදෙනාටම එසේ ඇමරිකානු පුරවැසි භාවය අත්හැරීමට නොහැකි ප්‍රධාන කාරණය නම් ලංකාවේ දී ගසා කන ලද මහජන මුදලින් ඔවුන් සතු කර ගෙන තිබෙන ඇමරිකාවේ තිබෙන විශාල දේපොලයි. මේ අනුව අද ශ්‍රේෂ්ඨාධිකරණය දුන් ගීතාගේ තීන්දුවත් සමග ගීතාගේ පමණක් නොව බැසිල් සහ ගෝඨාගේ දේශපාලන ඉරණමද තීන්දු කර තිබේ.  

---------------------------
by     (2017-11-02 12:59:42)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

රෝමේෂ් පීචං විය...
-- by Anil on 2017-11-02

දැනට අලුතින් පක්ෂ හදාගෙන සිටින බැසිල් රාජපක්ෂද ද්විත්ව පුරවැසියෙකි. ඔහු තම ඇමරිකානු පුරවැසිභාවයෙන් ඉවත් නොවන බවද පවසයි. ‘විපත් මග‘ වැනි සංවිධාන හරහා අලුතින් පොරක් වන්නට හදන ගෝඨාභය රාජපක්ෂ ද ද්විත්ව පුරවැසියෙකි. ඔහුද තම ඇමරිකානු පුරවැසිභාවය අත් හැරීමට සූදානම් නැත. ඒ දෙදෙනාටම එසේ ඇමරිකානු පුරවැසි භාවය අත්හැරීමට නොහැකි ප්‍රධාන කාරණය නම් ලංකාවේ දී ගසා කන ලද මහජන මුදලින් ඔවුන් සතු කර ගෙන තිබෙන ඇමරිකාවේ තිබෙන විශාල දේපොලයි. මේ අනුව අද ශ්‍රේෂ්ඨාධිකරණය දුන් ගීතාගේ තීන්දුවත් සමග ගීතාගේ පමණක් නොව බැසිල් සහ ගෝඨාගේ දේශපාලන ඉරණමද තීන්දු කර තිබේ.
-- by Sobithawathara on 2017-11-02

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more