ඉවර කළ මැලේරියාව යළි අරන් අලුත් මදුරුවෙක් ඇවිත්

(ලංකා ඊ නිව්ස් - 2017.නොවැ.02, පෙ.ව.3.00) ඉන්දියාවේ ප්‍රචලිත මැලේරියා රෝගයක් බෝ කරණ බවට සැකකරණ  මදුරු විශේෂයක් 01 දා යාපනය දුම් රියපල අසල ළිදවල් 9 කින් හා වැල්වෙට්ටිතුරේ ප්‍රදේශයේ ළිදවල් තුනකින් හමු වී තිබේ.

මෙම ළිං සියල්ලම දැනට අතහැර දමා ඇති ළිදවල් බවත් මහජනතාව එම ළිං ප්‍රයෝජනයට නොගන්නා බවත් යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් කියා සිටියි.

ශ්‍රී ලංකාව තුළ මැලේරියා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් වී ඇති මොහොතක මෙම මදුරු විශේෂය හමු වීම පිළිබදව යාපනයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඒ පිළිබදව දැඩි උනන්දුවක් දැක්වීමට පටන් ගෙන තිබේ.

මේ පිළිබදව යාපනයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් තොරතුරු විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ හමුවූ මදුරු විශේෂය හා ඔවුන්ගේ කීට සාම්පල අවශ්‍ය පරීක්ෂණ කටයුතු  සදහා යවා ඇති අතර එහි ප්‍රතිපල ලැබෙන තුරු කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

කෙසේ වෙතත් යාපනයේ සෙසු ප්‍රදේශවලත් මෙම මදුරු විශේෂය සිටින්නේද යන්න පිළිබදව සොයා බලන ලෙස සියළුම සෞඛ්‍ය නිලධාරිවරුන්ට දැණුම් දී ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

දිනසේන රතුගමගේ

---------------------------
by     (2017-11-01 21:36:03)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more