ඥාණසාර මග ගිය කතෝලික ලෝගුධාරියෙක් රු.18000 ක් දඩ කයි

(ලංකා ඊ නිව්ස් - 2017.නොවැ.02, පෙ.ව.2.15)  යාපනය කයිට්ස් ප්‍රදේශයේ කතෝලික ලෝගුධාරියෙක් ගලගොඩඅත්තේ ඥාණසාර අනුදත් මග ගොස් දඩ ගැසුම් කෑමකින් අවසන් වී තිබේ. 

ලෝගුධාරියා කිසිදු බලපත්‍රයක් නොමැතිව හා බීමත්ව යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී පොලීසිය විසින් ඔහුව අත් අඩංගුවට ගෙන 01 දා කයිට්ස් දිසා විනිසුරු  ඒ.එම්.රියාස් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලෝගුධාරියාට රුපියල් 18000 ක දඩයක් නියම කොට තරයේ අවවාද කොට තිබේ.

ලෝගුධාරියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා චූදිතයා පූජකවරයෙකු බැවින් අධිකරණයෙන් විශේෂ සමාවක් ඉල්ලා සිටි අවස්ථාවේදී විනිසුරුවරයා එය ප්‍රතික්ෂේප කොට පවසා ඇත්තේ උතුම් මිනිසුන් සමාජයට ආදර්ශවත් වන අන්දමින් හැසිරිය යුතු බවයි. පොලීසිය ඔහුව අත් අඩංගුවට නොගන්නට ඇතැම් විට හදිසි රිය නතුරකට ලක්ව ඔහු මිය යාමට හෝ වෙනත් අයෙකුට බරපතල අනතුරක් සිදුවන්නට තිබූ බවද දිසාවිනිසුරුවරයා තීන්දුව දෙමින් ප්‍රකාශ කොට තිබේ.

මෙම යතුරු පැදියේ අයිතිකරු සනාථ කරණ තුරු හා අදාල ලියකියවිලි ඉදිරිපත් කරණ තුරු යතුරු පැදිය පොලිස් භාරයේ තබා ඇත.

දිනසේන රතුගමගේ

---------------------------
by     (2017-11-01 22:33:59)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more