අනීකාට මරණ තර්ජන කෙළේ නෑ..! ඒක ‘ලව් බාර් ක්ලබ්‘ එකේ සිදුවූ ලව් හුටපටයක්..!! රවි මගේ ඥාතියෙකුත් නොවේ: කෝදාගොඩ බොරුකාරයෙක්

-ශනිල්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.02,  පෙ.ව‍‍‍‍.1.55) විජිත් සහ තමා පාසැල් මිතුරන් බවත් ලව් හුටපටයක් මත ‘ලව් බාර් ක්ලබ්‘ එකේ ඇති වුනු උණුසුම් කතාබහක් මිස තමා අනීකාට හෝ ඇයගේ සොයුරු විජිත්ට මරණ තර්ජන නොකළ බවත්,  තමන් රවී කරුණානායක මහතාගේ ඥාතියෙක් නොවන බවත් යසන්ත කෝදාගොඩ බැඳුම්කර කොමිසමට බොරු කියා ඇති බවත් සිද්ධියට නම කියැවෙන දොන් ශනිල් නෙත්තිකුමාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරමින් කියා සිටී. 

බැඳුම්කර කොමිසම හමුවේ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව සාක්‍ෂි දුන් නිසා තමා අනීකාට මරණීය තර්ජනයක්‌ කළැයි ඇගේ සොහොයුරා කළ පැමිණිල්ලක්‌ මත රහස්‌ පොලිසිය තමා අත්අඩංගුවට ගැනීමේ අවදානමක්‌ ඇති බැවින් එය වළක්‌වාලන නියෝගයක්‌ නිකුත් කරන්නැයි ඉල්ලා ව්‍යාපාරිකයකු වන දොන් ශනිල් නෙත්තිකුමාර මහතා පෙරේදා (31 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ගොනු කර තිබේ. 

පෙත්සම්කරු සිය පෙත්සමෙන් කියා සිටින්නේ අනිකා විජේසූරිය මහත්මියට හෝ ඇගේ සොහොයුරා වන විජිත් විජේසූරිය මහතාට තමා කිසි දිනෙක මරණීය තර්ජනයක්‌ නොකළ බවයි.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ පැවැත්වීමෙන් තොරව තමා අත්අඩංගුවට ගනු ලැබුවහොත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 12 (1) 13 (1) 13 (4) සහ 13 (5) යන වගන්තිවලින් සහතික කොට ඇති තමාගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දු කරන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා ඇත.

පොලිස්‌පති පූජිත් ජයසුන්දර, රහස්‌ පොලිසිය භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ශානි අබේසේකර, රහස්‌ පොලිස්‌ ස්‌ථානාධිපති, අනිකාගේ සොහොයුරු විජිත් විජේසූරිය සහ නීතිපති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

පෙත්සම්කරු වැඩිදුරටත් කියා සිටින්නේ විජිත් විජේසූරිය නමැත්තා සමඟ දිනක්‌ කොල්ලුපිටියේ පිහිටි 'ලව් බාර් ක්‌ලබ්' නමැති හෝටලයේදී උණුසුම් කතාබහක්‌ ඇතිවූවා හැර කිසිදු හේතුවක්‌ මත ඔහු හෝ ඔහුගේ සොහොයුරිය වන අනිකා විජේසූරිය මරණ බවට තමා තර්ජනය නොකළ බවයි.

තමා එවැනි තර්ජනයක්‌ කළ බවට බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ පැවසුවේ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා බවත් මුද්‍රිත මාධ්‍යවල පළවූ එම පුවත දැක තමා විමතියට පත්වූ බවත් ඔහු කියා සිටී.

තමා හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ 'බෑණා' යැයි විජිත් විජේසූරිය කළ පැමිණිල්ලේ සඳහන් කර තිබුණු නමුත් එය අසත්‍යයක්‌ බවත් කරුණානායක මහතා සමඟ කිසිම ඥාති සම්බන්ධයක්‌ නැති බවත් ඔහු තමාගේ පවුලේ සාමාජිකයන්ගේ මිත්‍රයකු බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

පෙත්සමේ මුලින්ම සඳහන් කර ඇති අන්දමට පෙත්සම්කරු 28 හැවිරිදි මොරොන්තුඩුව මහගෝනදූව පදිංචිකරුවෙකි. නැසීගිය තම පියාගෙන් උරුම වූ කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි 'සලාකා' ව්‍යාපාරික ආයතනයේ සේවය කිරීම හැර වෙනත් ව්‍යාපාර කිසිවක්‌ ඔහුට නැත.

විජිත් විජේසූරිය ඔහුගේ පාසල් මිතුරෙකි. කොළඹ ජාත්‍යන්තර පාසලේ 1994 සිට 2005 දක්‌වා ඔවුන් අධ්‍යාපනය හදාරා ඇත. පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ අයිතිකරු වන අර්ජුන් ඇලෝසියස්‌ද එම විදුහලේ ඉගෙනුම ලැබූ පෙත්සම්කරුගේ හිතවත් මිතුරෙකි. රවි කරුණානායක මහතාගේ දියණියන් ද එම විදුහලේ ඉගෙනීම ලබා ඇත.

විජිත් විජේසූරිය පෙත්සම්කරුගේ වැඩිමහල් සොහොයුරිය වන ලක්‍ෂ්මී නෙත්තිකුමාර සමඟ ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වා ඇති අතර පෙත්සම්කරු ඊට තදින් විරුද්ධත්වය පළකර ඇත. ඔහුගේ විරෝධය නොතකා සොහොයුරිය විජිත් විජේසූරිය සමඟ දිගටම සම්බන්ධකම් පවත්වා ඇති නමුත් වසර දෙකකට පමණ පසුව ඇය ඒ සම්බන්ධය අතහැර දමා මේ වසරේදී වෙනත් අයෙක්‌ සමඟ විවාහ වී ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ එම ප්‍රේම සම්බන්ධයට ඔහු විරුද්ධ වූ නිසා විජිත් විජේසූරිය තමා සමඟ උරණ වී සිටින බවයි. ඔහුගේ සොහොයුරියට තමා මරණ තර්ජනයක්‌ කළැයි ඔහු තමාට එරෙහිව අසත්‍ය පැමිණිල්ලක්‌ කර ඇත්තේ ඒ තරහට බව ද පෙත්සම්කරු කියා සිටී.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මගින් පෙත්සම ගොනුකර තිබිණි. 

මෙම පෙත්සම අද (2 දා)  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවන ලෙස ද ඉල්ලීමක්‌ කර ඇත.

පෙත්සමේ ඉංග්‍රීසි පිටපතක් මෙහි පහතින් දැක්වේ

සබැඳි පුවත
අනීකා විජේසූරියට මරණ තර්ජන කළා යැයි රටක් රැවටූ සාහසික බොරුව හෙළිවේ..! මෙන්න සාක්කි..!! අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩගේ කෝට් එක ගැලවෙන ලකුණු..!!!

---------------------------
by     (2017-11-01 20:40:26)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

10 plus 5 equals ?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more