අධ්‍යාපනයට සම්බන්ධයක් නැති ඉල්ලීමක් ඉල්ලා සිසුන් පාරට: යාපනය සරසවිය දින නියමයක් නැතිව වැසේ

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.01,  පෙ.ව‍‍‍‍.3.30) යාපනය විශ්ව විද්‍යාලයේ කලා,විද්‍යා,වාණිජ,කලමනාකරණ  පීඨ සියල්ලම දින නියමයක් නොමැතිව 31 දා සිට වසා දමන බව යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ආර්.විග්නේස්වරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

උප කුලපතිවරයාගේ නිවේදනයට අනුව යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ඇතුළු තවත් පීඨ කීපයක් විවෘතව ඇතත් ඇත්ත වශයෙන්ම යාපනය විශ්ව විද්‍යාලයේ සියළුම පීඨ මේ වන විට වැසී ගොස් තිබේ.

ශිෂ්‍යයන්ගේ ඉල්ලීම අධ්‍යාපනයට අදාල එකක් නොවන අතර එය දේශපාලන ඉල්ලීමකි. එනම් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරණ මෙන් ඉල්ලා යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට අඛණ්ඩ විරෝධතාවයක නිරත පිරිස  විශ්ව විද්‍යාලයීය පාලන අධිකාරිය හමුවී  දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරණ තුරු යාපනය විශ්ව විද්‍යාලය ඔක්තෝබර් මස 30 වෙනිදා සිට වසා දමන මෙන් ඉල්ලා සිටියද පාලන අධිකාරිය ඊට එකග නොවීය.

අනතුරුව ශිෂ්‍ය සංගම් නියෝජිතයෝ අනෙක් පීඨ හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයද සමග සාකච්ඡා කොට යාපනය විශ්ව විද්‍යාලයේ බොහෝ ගේට්ටුවලට ඉබි යතුරු දමා යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට දැවන්ත උද්ඝෝෂණයක් දියත් කළහ.

මේ උද්ඝෝෂණයට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ පිරිසකගෙන්ද සහය ලැබීම නිසා 30 වෙනිදා යාපනය විශ්ව විද්‍යාලය සම්පූර්ණයෙන්ම වැසීගිය තත්ත්වයකට පත් වුණි.

යාපනය විශ්ව විද්‍යාලය 31 වෙනිදා සිට යළි විවෘත කොට නියමිත පරිදි දේශන පවත්වාගෙන යාමට පාලන අධිකාරිය මුළු දවස මුළුල්ලේම උත්සාහ කළ නමුත් ශිෂ්‍ය සංගම්වල දැඩි විරෝධය හේතුවෙන් එම කටයුත්ත සාර්ථක කරගැනීමට හැකි නොවුණි.

මෙවැනි තත්ත්වයක් මත යාපනය විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරියට දින නියමයක් නොමැතිව යාපනය විශ්ව විද්‍යාලය වසා දමන බවට නිවේදනය කිරීමට සිදුවුණි.

නිල වශයෙන් යාපනය විශ්ව විද්‍යාලය වසා දමා ඇතත් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරණ මෙන් ඉල්ලා අඛණ්ඩ විරෝධතාවයක නිරත ශිෂ්‍යයින් පිරිසට සහය දැක්වීම සඳහා තවත් සිසුන් විශාල පිරිසක් කෑකෝ ගසමින් යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට රැඳී සිටිති.

මේ තත්ත්වය මත යාපනය විශ්ව විද්‍යාලය අසලට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදා ඇත.

දිනසේන රතුගමගේ

---------------------------
by     (2017-10-31 22:30:59)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

50, eighty eight, 86 or 26: the largest is?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more