නිව්යෝර්ක් නගරයට ත්‍රස්ත ප්‍රහාරයක්..! 8 ක් මරුට 12 කට තුවාල..!!

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.01,  පෙ.ව‍‍‍‍.3.00) ඇමරිකාවේ නිව් යෝර්ක්හි මෑන්හැටන් ප්‍රදේශයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙය 2001 දී 9/11 ප්‍රහාරයෙන් පසු නිව්යෝර්කයට එල්ල වූ ප්‍රථම ත්‍රස්ත ප්‍රහාරයයි. ත්‍රස්තවාදීන් විසින් යුරෝපයේ නගර කිහිපයක සිදුකළ පරිදි මෑන්හැටන්හි පා පැදි පමණක් භාවිතා කරන මාවතක පා පැදි කරුවන් සහ පයින් ගමන් කරමින් සිටි පුද්ගලයන් අතරට අධි වේගයෙන් ට්‍රක් රථයක් පැදවීමෙන් පුද්ගලයන් 8 දෙනෙකු ඝාතනය කර 12 දෙනෙකුට බරපතල තුවාල සිදුකර ඇත.

මෙය සිදුකරන ලද්දේ 31 වෙනිදා සවස ය. මෙදින ඇමරිකාවේ ප්‍රසිද්ධ හැලොවීන් දිනය බැවින් තරුණ පිරිස් විශාල වශයෙන් මාර්ගයේ ගමන් කරමින් සිට ඇත.

යාබදව පාසැලක් ද තිබී ඇති අතර පාසැල් බස් රථයක ද ප්‍රහාරක ට්‍රක් රථය හප්පා තිබේ.  සැකකරු අත පාට බෝල විදින අවියක් සහ වායු අවියක් ද තිබී ඇත. ප්‍රහාරයට භාවිතා කළ ට්‍රක් රථය ඊට පැය කිහිපයකට පෙර කුලියට ගත් එකකි.  

සැකකරු 29 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහුට වෙඩි තබා මෙල්ල කර ඇත. සැකකරු මේ වනවිට රෝහල්ගත කර තිබේ. ඔහුගේ අනන්‍යතාවය හෙළි කර නැති නමුත් ඔහු මෙය කෙළේ සංවිධානාත්මකව ද හුදකලා වියරුවකින්දැයි සොයමින් සිටිති. කෙසේ වෙතත් මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස නිව්යෝර්ක් පොලිසිය නිල වශයෙන් නිවේදනය කළේය. 

ත්‍රස්තවාදීන්ගේ මෙවැනි ප්‍රහාර එනම් සාමාන්‍ය රථයක් මාරාන්තික අවියක් බවට පත් කරමින් මහ මග ගමන් කරන සිවිල් පුරවැසියන් ඝාතනය කිරීම් රැසක් පසුගිය දිනවල යුරෝපයේ ප්‍රසිද්ධ නගර රැසක සිදුකෙරිණ.  අන්තවාදීන්ගේ මේ වර්ගයේ ප්‍රහාර වැළැක්වීම අතිශය අසීරු කාරියක් වී ඇත. නිව්යෝර්ක්හි 35000 ක පොලිස් හමුදාවක් ආරක්ෂාවට සිටියද මෙවැනි ප්‍රහාරයක් වළක්වා ගැනීමට නොහැකිවීමෙන් එය පැහැදිලි ය.    

---------------------------
by     (2017-10-31 22:14:09)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

10 minus 6 equals ?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more